IMG-LOGO

2025 මැයි මස 10 වන සෙනසුරාදා


ලිපියට උත්තර පමාකරන රාජ්‍ය සේවා කොමිසම

දියුණුවේ ප්‍රබල හතුරා ප්‍රමාදය බව සැමට පොදු සරල සත්‍යයයි. එවැනි ප්‍රමාදයක් ගැන ඉකුත්දා පාර්ලිමේන්තුවෙන් අසන්නට ලැබිණි. රාජ්‍යසේවා කොමිසමේ ප්‍රමාදයක් ගැන අධ්‍යාපන අමාත්‍යවරයා එහිදී කරුණු හෙළි කළේය. එම ප්‍රකාශය අප පුවත්පතේ ද පළ කෙරිණි. විදුහල්පති ප්‍රශ්නයේ විසඳුම රාජ්‍ය සේවා කොමිසමේ හිර වී ඇති බව එමගින් කියැවිණි. විදුහල්පති ප්‍රශ්නය සම්බන්ධයෙන් එම කොමිසමට යවන ලද ලිපියකට මාස එකහමාරකින් පිළිතුරක් ලැබී නැති බවට ඇමැතිවරයා චෝදනා කළේය.

රටක, ජාතියක, සංවර්ධනයේ අත්තිවාරම වන්නේ, නිසි කලට නිසි පරිදි තීරණ ගෙන, ඒවා අප්‍රමාදව ක්‍රියාවට නැංවීමයි. ලෝකයේ දියුණු රටවල් තම ජයග්‍රහණ අත්පත් කරගෙන ඇත්තේ එලෙස කටයුතු කිරීමෙනි. එසේ වුවද මෙරට රාජ්‍ය සේවයට බාලගිරි දෝෂය අරක්ගෙන ඇති බව පෙනේ. එය දිගු කලක් තිස්සේ පවතින තත්ත්වයකි.

අද මෙරටට අවශ්‍යව ඇත්තේ කල් මැරීම නොව අශ්ව වේගයෙන් ක්‍රියාත්මක කළ හැකි වැඩපිළිවෙළකි. එවැනි තත්ත්වයක් මත, රාජය සේවා කොමිසම වැනි ආයතනයකින් ලිපියකට පිළිතුරු එවීමට මාස ගණන් ගතවන්නේ නම් රටට දෙවියන්ගේම පිහිට විනා වෙන පිළිසරණක් නැත.

දේශයක පැවැත්මේ තීරණාත්මක සාධක වන්නේ අධ්‍යාපනය, සෞඛ්‍ය හා ආරක්ෂාවයි. එම ක්ෂේත්‍රවල අදාළ කටයුතු ප්‍රමාද වී සිදුවන්නේ නම් ඕනෑම රටක කඩා වැටීම කිසිවකුටවත් වැළැක්විය නොහැකිය.

අධ්‍යාපන කාර්යයේ දී විදුහල්පති ප්‍රශ්නයට නිසි විසඳුම් නොලැබුණහොත් වන්දි ගෙවීමට සිදුවන්නේ අහිංසක දරුවන්ටය. ලක්ෂ සංඛ්‍යාත දරු දැරියන්ගෙන් ඉතා සීමිත පිරිසක් හැර බොහෝ පිරිසක් අධ්‍යාපනය ලබන්නේ රජයේ පාසල්වලිනි. ඔවුන්ට ඇති එකම මග නිදහස් අධ්‍යාපනයයි. විදුහල්පතිවරු නැතිව නිදහස් අධ්‍යාපනයට බාධා සිදු වන්නේ නම් එම වගකීම භාර ගත යුත්තේද අදාළ ආයතන විසිනි.

රාජ්‍ය සේවා කොමිසමට වැඩ වැඩි බවක් ද වාර්තාවී තිබිණි. අමාත්‍යාංශ මගින් කළ හැකි කාර්යයන් සඳහා කොමිෂන් සභා පත් කර ඇත්තේ අදාළ සේවා සාධාරණව හා කාර්යක්ෂමව ඉටු කිරීමටයි. රාජ්‍ය සේවා කොමිසම රාජ්‍ය සේවයට අයත් නොවුව ද එය රජයේ කාර්යාලයක තත්ත්වයට පත්වීම කනගාටුවට කරුණකි.

කාර්යාල සේවා ප්‍රමාදයට බලපාන කරුණු කිහිපයක් ඇත. අලසකම, නොසැලකිල්ල හා හිතාමතාම ප්‍රමාද කිරීම ඊට අයත්ය. රාජ්‍ය සේවා කොමිසමේ ලිපි ප්‍රමාදයට එම කරුණුවලින් කුමක් බලපෑවේ ද කිව නොහැකිය. කෙසේ වුවද ප්‍රමාදයේ ප්‍රතිඵලය කනගාටුදායකය.

කලකට පෙර කාර්යාල සේවාව තුළ ‘තුන්දා නියමය’’ ක්‍රියාත්මක විය. අද එවැන්නක් දක්නට නැත. පරිගණක තාක්ෂණය හරහා මිනිත්තු ගණනකින් සේවා සැපයිය හැකි වුවද එසේ සිදු නොවීම ද ගැටලුකාරී තත්ත්වයකි. තුන්දා නියමය යනු යම් කාර්යාලයකට ලැබෙන ලිපියකට හෝ ඉල්ලීමකට තෙදිනක් ඉක්මවීමට පෙර නිසි පිළිතුරක් ලබාදීමේ ක්‍රියාවලියයි.

ඇතැම් කාර්යාලවලට දේශපාලන බලපෑම් නිසාද ප්‍රමාදවීම් සිදුවන අවස්ථා නැතුවා නොවේ. තවද යල් පැනගිය චක්‍රලේඛ වලින්ද ප්‍රමාදය සිදුවෙයි. අද ඉටුවිය යුතු කාර්යයක් මාසයකට හෝ මාස එකහමාරකට පසුව ක්‍රියාත්මක වන්නේ නම් ඉන් සිදුවන පාඩුව කොපමණදැයි ගණනය කළ නොහැකිය.

රාජ්‍ය සේවා කොමිසම ඇතුළු දැනට ක්‍රියාත්මක සියලු කොමිෂන් සභා ස්වාධීන ආයතන බවට හඳුන්වාදී ඇත. එවැනි ආයතනවලින් පවා ප්‍රමාදවීම් වාර්තා වන්නේ ඇයිද? යන්න විසඳුම් නැති ගැටලුවක් බවට පත්ව තිබේ.

අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, කොමිෂන් සභා හෝ වේවා ඕනෑම ආයතනයක් ප්‍රමාදයකින් තොරව තම සේවා කටයුතු ඉටු කළ යුතුය. ප්‍රමාදය යනු විනාශයේ පළමු දොරටුව වන්නා සේම පසුතැවිල්ලේ ආරම්භයයි. අප විසින් ඉටු කළ යුතු රාජකාරි නිසි කලට නිසි ලෙස ක්‍රියාවට නැංවිය යුත්තේ ඒ නිසාය.

විශේෂයෙන්ම දරුවන්ගේ අධ්‍යාපනයට අවහිර බාධා සිදුවන්නේ නම් අපට ඉදිරි ගමනක් නැත. අනාගතය භාර වන්නේ වත්මන් දරුවන්ටයි. ඔවුන්ගේ අධ්‍යාපනය සාර්ථක කර ගැනීමට අවශ්‍ය සියලු කටයුතු අප්‍රමාදව ඉටුකිරීම අදාළ ආයතනවල වගකීම හා වගවීම ද වන්නේය. අධ්‍යාපන ඇමතිවරයා ද පෙන්වා දුන් පරිදි දරුවන් ගැන සිතාබලා හෝ අදාළ රාජකාරි අප්‍රමාදව ක්‍රියාවට නැංවීමට ඒ හා සම්බන්ධ සිලු ආයතනවල වගකීම වන්නේය. එය පැහැර හැරීමට කිසිදු ආයතනයකට අයිතියක් නැත.

(***)



අදහස් (5)

ලිපියට උත්තර පමාකරන රාජ්‍ය සේවා කොමිසම

AB Sunday, 19 February 2023 05:50 AM

ලිපියට උත්තර පමාකරන රාජ්‍ය සේවා කොමිසම හෝ රජයේ වෙනත් ආයතන තුළ වර්තමානයේ ක්‍රියාත්මක වන ක්‍රමවේදය පිළිබඳ අධ්‍යයනයක් කිරීමෙන් පසු ප්‍රමාදවීම්, අතපසුවීම්, කාර්යක්ෂම නොවීම, පිළිබඳව පමණක් නොව වෙනත් ගැටළු සඳහා විසඳුම් ලබාදිය යුතුවන්නේ කුමන ආකාරයකින්ද යන්න එම ආයතනය තුළ Wide analysis කිරීමෙන් පසු තීරණය කළහැකි වේ. කෙටි පිළිතුරු ලබාදී ගැටළු තාවකාලිකව විසඳනවා වෙනුවට පුර්ණ අධීක්ෂණයකින් පසු කාර්යක්ෂම සේවයක් වෙනුවෙන් පවතින ගැටළු සඳහා පිළිතුරු ලබාදිය යුතුවේ. වසර ගණනාවක් පවතින මෙම ගැටළු සඳහා විසඳුම් ලබාදීමට එම ආයතන සේවකයින් සහ නිලධාරීන් අපොහොසත් මෙන්ම පෙනී යන්නේ විසඳුම් ලබාදිය හැකි කණ්ඩායමක් හෝ කිසිවකු ගැටළු විසඳීම වෙනුවෙන් ඍජු මැදිහත් වීමක් නොවීම නිසාවෙනි. පක්ෂ දේශපාලනය, ඍජු දේශපාලන මැදිහත්වීම් සහ බලපෑම් පමණක් නොව මෙම ආයතන තුළ ප්‍රධානීන් වශයෙන් සේවය කරනු ලබන, සිදුකළයුතු වෙනස්වීම් පිළිබඳව, කිරීම් පිළිබඳව කිසිඳු අදහසක් නොමැති තාක්ෂණය පිළිබඳව කිසිවක් නොදන්නා දේශපාලන පත්වීම් නිසා සියල්ල දේශපාලනීකරණය වීම තුළ කිසිවකු මෙම ආයතන කාර්යක්ෂම කිරීමට හෝ පවතින ක්‍රමය වෙනස් කිරීමට ඉදිරිපත් වන්නේ නැත.

:       0       0

AB Sunday, 19 February 2023 05:54 AM

මහජන සේවය වෙනුවෙන් පිහිටුවා තිබෙන ආයතන කාර්යක්ෂම කළහැකි බව පැහැදිලිව කිව යුතුවේ. අවශ්‍ය වනුයේ වෙනස්විය යුතුවනුයේ කුමක්ද? වෙනස් කළහැකි වන්නේ කුමන ආකාරයටද? සහ වෙනසක් කළයුතුබව විශ්වාස කරන්නා වූ දක්ෂ, අවංක, කැපවූ කණ්ඩායමකගේ මැදිහත්වීම පමණි...

:       0       1

Janaka Monday, 20 February 2023 04:45 AM

ලංකාවේ තියෙන ජරාම ආයතනවලින් එකක්. S L A S කාරයෝ අරක් ගත්තා, සල්ලි විනාශ කරන, ඔරලෝසුවක්, කැලැන්ඩරයක් දැකලා නැති, උද්දච්ච උසස් නිලධාරීන් ඉන්න ආයතනයක්....

:       0       1

BB Monday, 20 February 2023 07:08 AM

ලිපියට උත්තර පමාකරන රාජ්‍ය සේවා කොමිසම හෝ රජයේ වෙනත් ආයතන තුළ වර්තමානයේ ක්‍රියාත්මක වන ක්‍රමවේදය පිළිබඳ අධ්‍යයනයක් කිරීමෙන් පසු ප්‍රමාදවීම්, අතපසුවීම්, කාර්යක්ෂම නොවීම, පිළිබඳව පමණක් නොව වෙනත් ගැටළු සඳහා විසඳුම් ලබාදිය යුතුවන්නේ කුමන ආකාරයකින්ද යන්න එම ආයතනය තුළ Wide analysis කිරීමෙන් පසු තීරණය කළහැකි වේ. කෙටි පිළිතුරු ලබාදී ගැටළු තාවකාලිකව විසඳනවා වෙනුවට පුර්ණ අධීක්ෂණයකින් පසු කාර්යක්ෂම සේවයක් වෙනුවෙන් පවතින ගැටළු සඳහා පිළිතුරු ලබාදිය යුතුවේ. වසර ගණනාවක් පවතින මෙම ගැටළු සඳහා විසඳුම් ලබාදීමට එම ආයතන සේවකයින් සහ නිලධාරීන් අපොහොසත් මෙන්ම පෙනී යන්නේ විසඳුම් ලබාදිය හැකි කණ්ඩායමක් හෝ කිසිවකු ගැටළු විසඳීම වෙනුවෙන් ඍජු මැදිහත් වීමක් නොවීම නිසාවෙනි. පක්ෂ දේශපාලනය, ඍජු දේශපාලන මැදිහත්වීම් සහ බලපෑම් පමණක් නොව මෙම ආයතන තුළ ප්‍රධානීන් වශයෙන් සේවය කරනු ලබන, සිදුකළයුතු වෙනස්වීම් පිළිබඳව, කිරීම් පිළිබඳව කිසිඳු අදහසක් නොමැති තාක්ෂණය පිළිබඳව කිසිවක් නොදන්නා දේශපාලන පත්වීම් නිසා සියල්ල දේශපාලනීකරණය වීම තුළ කිසිවකු මෙම ආයතන කාර්යක්ෂම කිරීමට හෝ පවතින ක්‍රමය වෙනස් කිරීමට ඉදිරිපත් වන්නේ නැත

:       0       1

ABMonday, 20 February 2023 06:10 PM

bB, වෙනත් අයගේ අදහස් කොපි නොකර ඔබ අලුත් අදහසක් ඉදිරිපත් කරන්න ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

කතුවැකිය

බලවත් විපක්ෂයක් අවශ්‍ය ඇයි?
2024 ඔක්තෝබර් මස 07 1344 0

අලුත් පාර්ලිමේන්තුවක් සඳහා ලබන නොවැම්බර 14 වන දින ඡන්දය දිය යුතුය. ඡන්දය දිය යුත්තේ ජනාධිපති අනුර කුමාර දිසානායකට ශක්තිමත් ආණ්ඩුවක් ලබා දීමට යැයි ඇතැම


ජ්‍යෙෂ්ඨ පුරවැසි තැන්පතු පොලිය තවත් වැඩිකළ නොහැකි ද?
2024 අගෝස්තු මස 08 827 1

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතු සඳහා ගෙවමින් තිබූ විශේෂ පොලී අනුපාතිකය කාලක් තිස්සේ ගෙවීම අත්හිටුවා තිබිණි. එම ගෙවීම නැවත ක්‍රියාත්මක කිරීම සඳ


ජනපතිවරණ මුදල් නාස්ති කරන්න දෙනු එපා
2024 අගෝස්තු මස 07 349 0

මැතිවරණ උණුසුම රළ නගමින් තිබේ. රටේ ප්‍රධාන පුරවැසියා තෝරා පත්කර ගන්නා මැතිවරණය වන හෙයින් උණුසුම තියුණුය. මෙම ජනාධිපතිවරණයේ දී රටේ පුරවැසියෝ 17,140,354 ක් ඡන


ගුරු සමාජය කිලිටිකරන ගුරු ද්‍රෝහීන් පිටමං කරමු
2024 අගෝස්තු මස 06 756 0

සමාජය විවිධය. විසමය. එමෙන්ම එය විෂෙන් පිරුණකි. වැඩිහිටියාට පෞද්ගලික අත්දැකීම් ඇසුරෙන් ද සමාජ සිදුවීම් ඇසුරෙන් ද තම තම නැණ පමණින් එය අවබෝධ කර ගැනීමේ හැක


දැයට සමයට වස්තුවක් වූ අපේ පොඩි හාමුදුරුවෝ
2024 අගෝස්තු මස 05 369 0

සසුනඹර පොබ කළ අති ශෝභමාන සංඝ පීතෘවරයාණන් වහන්සේ නමක ලෙස දෙස් විදෙස් පතළ මහා කීර්ති කදම්බයෙන් අනූන බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝ නායක, කොළඹ ගංගාරාම විහාරා


දේශපාලක නම කෙ​ලෙසීමට ගැත්තන්ට ඉඩදෙනු එපා
2024 අගෝස්තු මස 03 480 1

රුපියල් ලක්ෂ පහළොවක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් බව කියන වෙළෙඳ හා සමුපකාර රාජ්‍ය අමාත්‍ය සතාසිවම් වියලේන්දිරන් මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු යැයි ක


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 123 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1312 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 335 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site