IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


රටම අගයන පොලිසියේ දැලි ගාන නිලධාරීහු

මත්ද්‍රව්‍ය ජාලයට හා පාතාලයට එරෙහි  ‘යුක්තියේ මෙහෙයුම’ රට තුළ ජයටම ක්‍රියාත්මකය. රට චිකාගෝවක් නොවීමට නම් පොලිසිය මෙසේ සක්‍රියව තැබිය යුතුය. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ හා පාතාලයන්ගේ තර්ජන අභියෝග ඉදිරිපිට නොසැලී යහපත් රටක් නිර්මාණය කිරීම වෙනුවෙන් දිවා රෑ වෙනසකින් තොරව අප්‍රමාණ කැපවීමෙන් ක්‍රියාත්මක වන පොලිසියට අපගේ ප්‍රණාමය පුද කර සිටිමු.

එහෙත් මෙම වියමන මෙතැන් සිට වෙන්වන්නේ පොලිසියේ කීර්තිනාමයට අභිමානයට වසුරු හෙළන කාකි සූට්ධාරී පොලිස් මහත්වරුන්ට අදාළ සිදුවීම් කිහිපයක් සම්බන්ධයෙනි.

අප පුවත්පත වාර්තා කළ එක් ප්‍රවෘත්තියකින් කියැවුණේ තලෙයිමන්නාරම පොලිසිය  තුළ බීමත්ව කලහකාරී ලෙස හැසුරුණු  බව කියමින් සැකපිට අත්අඩංගුවට ගත් එම පොලිසියේම රාජකාරී කරන උප පොලිස් පරීක්ෂකවරයාට ඇප ලබාදී කැඳවාගෙන යාමට පැමිණෙන ලෙස පවුලේ අයට දැනුම් දුන්නද කිසිවකු  නොපැමිණි නිසා පෞද්ගලික ඇපයක් මත ඔහු මුදාහැර ඇති බවය. මෙම උපපොලිස් පරීක්ෂකවරයාගේ වැඩ තහනම් කර ඇති බවද එම ප්‍රවෘත්තියේ වැඩිදුරටත් සඳහන්ය.

‘සිරකරුවෝද මනුෂ්‍යයෝය’ යන්න ශිෂ්ට සම්පන්න සමාජයන්හි ඉහළින්ම පිළිගන්නා සංකල්පයකි. ඒ අනුවම යමින් ‘පොලිස් නිලධාරීහු ද මනුෂ්‍යයෝය’ යන්න පිළිගැනීමට විශේෂ බාධාවක් නැත. පොලිස් දෙපාර්තමේන්තුවට එක්වන්නේද මහ සමාජයේ මිනිස්සුම වෙති. මහ සමාජයේ මිනිසුන් තුළ ඇති හොඳ නරක දෙකම පොලිස් දෙපාර්තමේන්තුවට එක්වන පුරවැසියන් තුළද වේ. එහෙත් පොලිස් නිලධාරියා සතු වගකීමට අදාළව ඔහුට සාමාන්‍ය පුරවැසියකු ලෙස හැසිරිය නොහැකිය. ඔහු නීතිගරුක විය යුතුය. විනයගරුක විය යුතුය. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ආදර්ශවත් විය යුතුය. එයට හේතුව රටේ නීතිය බලගන්වන ප්‍රමුඛතම ආයතනය පොලිසිය වන හෙයිනි. එහෙයින්ම පොලිස් නිලධාරියාට රාජකාරී ජීවිතයක් හා රාජකාරියෙන් බැහැර ජීවිතයක් යනුවෙන් ජීවිත දෙකක් තිබිය නොහැක. එබඳු වගකීමක් දැරීමට නොහැකිනම් ඔහු පොලිස් දෙපාර්තමේන්තුව වැනි මහජනයාට අතිශයින්ම වැදගත් මෙන්ම සමීපතම ආයතනයකට කිසිසේත්ම ගැළපෙන්නේ නැත.

කරුණු කාරණා එපරිදි වුවද අප පුවත්පත වාර්තා කළ තවත් ප්‍රවෘත්තියකින් කියවුණේ ජනප්‍රිය රංගන ශිල්පිනියකට ත්‍රීරෝද රථයක දී ලිංගික අතවර කළැයි කියන ත්‍රීරෝද රථ රියදුරකු ලෙස කටයුතු කළ පොලිස් පරීක්ෂකවරයකු පිළියන්දල පොලිසිය මගින් අත්අඩංගුවට ගත්  බවය. අදාළ පොලිස් නිලධාරියා අල්ලස් හෝ දූෂණ විමර්ශන ඒකකයට අනුයුක්තව සේවය කරන්නකු බව ද සඳහන් ය.

පොලිසියේ රස්සාවට අමතරව ඔහු ත්‍රිරෝද රථ රියදුරකු ලෙස සේවය කරන්නේ පවතින අයහපත් ආර්ථික වටපිටාව තුළ විය හැකිය. එහෙත් පොලිස් නිලධාරියකු ලෙස නොව සාමාන්‍ය පුරවැසියකු  තුළ තිබිය යුතු විනය, සංයමය ඔහු ළඟ තිබී නැත. පොලිස් පරීක්ෂකවරයකු යනු පොලිස් දෙපාර්තමේන්තුව තුළ වගකිවයුතු නිලයකි. එබඳු නිලයක් දරන්නකුට මෙම පහත්  හැසිරීම සමස්ත පොලිස් දෙපාර්තමේන්තුවටම නින්දා සහගත කැළලකි.

පූගොඩ ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ කාන්තාවකට මත්ද්‍රව්‍ය ජාවාරම සඳහා අනුබලදීමේ චෝදනාව මත පොලිස් විශේෂ කාර්ය බළකායේ පොලිස් පරීක්ෂකවරයකු කොස්ගම පොලිසිය මගින් අත්අඩංගුවට ගැනීමේ පුවත මෙයට දෙතුන් දිනකට ඉහතදී වාර්තා වූවකි. අධිකරණයට කරුණු වාර්තා කිරීමේදී සැකකාරියකට වාසිදායක ලෙස එය ඉටු කිරීම සඳහා එම සැකකාරියගෙන් ලිංගික අල්ලස් ඉල්ලා එය ලබා ගැනීමට හෝටලයකට ගොස් සිටියදී අල්ලස් දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ දැලට කොටුවූ උපපොලිස් පරීක්ෂකවරයකු සම්බන්ධ පුවත නැගෙනහිර පළාතෙනි.

උපුටා ගනු ලැබුවේ සොච්චම් ප්‍රමාණයකි. වැඩ බලන පොලිස්පතිවරයා පොලිසියේ මෙවැනි වැඩ ගැනත් විශේෂ අවධානය යොමුකළ යුතු බව අවධාරණය කරමු.

(***)



අදහස් (1)

රටම අගයන පොලිසියේ දැලි ගාන නිලධාරීහු

fairoos Sunday, 14 January 2024 04:59 PM

ලංකාවේ පොලිසිය රනිල්ට විතරයි හොඳ...

:       2       3

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31251 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13427 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10981 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 83 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 920 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 276 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site