IMG-LOGO

2025 අගෝස්තු මස 09 වන සෙනසුරාදා


යස ඉසුරින් පිරි නව වසරක් වේවා

අදින් උද‌ාවන 2019 වසර සියලු පැතුම් ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ වෙන සියලු යස ඉසුරින් පිරි  සියලු ජනී ජනයාට දුකෙන් තොර සැපෙන් බර නව වසරක්ම වේවායි ලංකාදීපය හෘදයාංගමව ප්‍රාර්ථනා කරයි.

හැඟීම් හා වචනවලට පමණක් කිසිවක්ම කළ නොහැකිය. එම හැඟීම් හා වචන ජීවමාන යථාර්ථයක් බවට පත්කිරීමට දියුණු ක්‍රියාන්විතයක් ඇවැසිය. ‘සුබ නව වසරක් වේවා’ යි පැතූ පමණින් නව වසර සුබ නොවන්නේ එහෙයිනි.
ගෙවී ගිය දින 365 ආසන්න මෑත අතීතයේ ගෙවුණු අතිශයින්ම බරපතළ සිදුවීම්වලින් පිරි දින 365 කි. කෙවිටෙන් තලා පිළිකෙව් කර පිටමං කළ යුතු වුවද දේශපාලන කලබැගෑනි ගෙවුණු දවස් 365 පුරාම දක්නට ලැබුණකි. බලය සම්බන්ධයෙන් මාරාවේශ වූවන් මෙන් කළ කටයුතු රටේ ප්‍රගමනයට අබමල් රේණුවක තරම්වත් ද‌ායක වූයේ නැත. බලය තම තමන්ගේ පැවැත්ම සඳහා මිස රට වෙනුවෙන් ජනතාව වෙනුවෙන් නොවන බව සෑම වර්ණයකටම අයත් පාර්ශ්වලින් මනාව ප්‍රදර්ශනය විය. ​ෙගා්ත්‍රික පසුගාමී දේශපාලන සංස්කෘතියකින් රට ඉල්ලන ජයග්‍රහණ නිර්මාණය නොවේ. රටට අවැසිව තිබෙන්නේ දියුණු දේශපාලන සංස්කෘතියකි. පුරවැසියා ප්‍රබෝධයෙන් තබන ඔවුන් වෙත සතුට රැගෙන එන දියුණු දේශපාලන සංස්කෘතියකි. එබඳු දේශපාලන සංස්කෘතියක් බිහිකර ගැනීමේ පළමු පියවර මෙම නව වසරේ තැබීමට හැකිවන්නේ නම් ‘සුබ නව වසරක් වේවා’ යන ප්‍රා​ර්ථනයට සාධාරණය ඉටු කිරීමක් වනු ඇත.

 උතුරේ ගංවතුරෙන් ලක්ෂ 4කට වැඩි ජනතාවක් පීඩාවට පත් වූහ.

 උන්හිටි ගමන් උන්හිටි තැන් අහිමි වූ ඒ ජනයාගේ පිහිටට ආවේ වීරෝදාර සෙබළුන්මය. ඔවුන්ගේ අයස්කාන්ත මැදිහත්වීම වාර්ගික යුද ගැටුමකින් රෝගාතුර සිත් නිවී සැනසීම් බවට පත් කිරීමකි. අවැසි වන්නේ මෙබඳු යහපත් ප්‍රවණතා අවශ්‍ය මට්ටමින් උස්මහත් කිරීමය. ජාති ආගම් කුලමල බේද‌ාදියෙන් තොරව ලක් මාතාවගේ එකම දරුවන් ලෙස ජීවත් වීමේ වාර්ගික සමගිය මහ පොළොවේ යථාර්ථයක් බවට පත් කළ යුතුය.

 අශිෂ්ට සුළුතරයක් නිසා ගෙවුණු වසරේ මුල් කාර්තුවේදීම නුවර හා දිගන ප්‍රදේශවල ආගම්වාදී හා වර්ගවාදී ගැටුම් ඇවිළී ගියේය. එයින් සනාථ කර පෙන්වූයේ අවශ්‍ය නම් යළිත් දිනෙක ඒ යුද නරකාදිය නිර්මාණය කර පෙන්විය හැකි බවය. අවධාරණය කළ යුතුව තිබෙන්නේ මේ රට තව තවත් දුක් විඳිය යුතු නැති බවය. වද විඳිය යුතු නැති බවය. කුරක්කන් හේනේ කුරුල්ලන් එළවන්න නාඹර රූබර ගැමි ලලනාවන් කී කවි අසා රහත් වූ බුදු පුතුන් වැඩසිටි බිමක බුදුන් පහස ලද බිමක ජීවත්වන පුරවැසියන් ලෙස අපි මේ බිමට සාධාරණය ඉටුකළ යුතු වෙමු. මේ රට තව එක අඟලකින් හෝ ඉහළට ඔසොවා තැබීමට ද‌ායක විය යුතු වෙමු. ඒ වෙනුවෙන් සිය නිර්ලෝභී ද‌ායකත්වය සැපයීම සෑම පුරවැසියකුම සතු අත්හළ නොහැකි අනුල්ලංසනීය වගකීමකි.

 මේ රට යනු මිනිසුන් බඩගින්නේ මිය නොයන රටකි. සරුසාර පසකින් පොහොසත් පොෙළාව අපේ පුරවැසියාගේ බඩගින්න නිවා දැමීමට ප්‍රමාණවත්ය. කලට වැසි වැටී කෙත්වතු සරු සාරවූ ඉසුරුමත් අතීතයක් පිළිබඳ පැහැබර මතකය වර්තමානය වනවිට ළය විනිවිදින කිණිසි තුඩක් බවට පත් වී තිබේ. එම බියකරු තත්ත්වය නිර්මාණය කරනු ලැබුවේ මිනිසාගේ පටු හා පවිටු ක්‍රියාකාරකම්ය. ආත්මාර්ථයේ පත්ලටම වැටුණු මිනිසා මෑත පරිසර සංහාරකයා බවට පත්ව සිටී. කන්න හතරක් වගා කළ හැකි මහ පොළොවට නියඟ ආවේ ඒ නිසාය. මහවැසි බර දරා සිටි මහා කඳු මුදුන් වැසි දියට තෙත බරිතව මිනිසුන්ගේ හිස් මතටම කඩා වැටුණේ එහෙයිනි. ලෝකයේ ලොකුම සතා වන අලියාගෙන් ද කුඩාම සතා වන මදුරුවාගෙන් ද මැරුම් කෑමට සිදුවූ ශාපලත් යුගයක් නිර්මාණය වූයේ ඒ අනුවය.

මේ ගමන නතර කළ යුතුය. ඉදිරියටත් ගමන් කරනු ලබන්නේ මේ මාවතේ නම් ලැබෙනු ඇත්තේ පරාජය හා විනාශයය. එහෙයින් මේ ගමන නතර කළ යුතුය.අපට යාමට මාවතක් තිබේ. පටු හා පවිටු ක්‍රියාකාරකම් නිසා ඒ මාවත වැසී ගොස් තිබේ. ඒ මාවත හද‌ා ගැනීමේ නොනිමි, අඛණ්ඩ, අනවරත උත්සාහයක නියැලිය යුතුය. වඩාත් සාධාරණ සමාජයක්, යුක්තිගරුක දේශයක්, අඛණ්ඩ ලංකාවක් නිර්මාණය කරගැනීමේ වගකීම පාලක, පාලිත දෙපාර්ශ්වයේම වගකීමකි. 2019 වසර සැබෑ වනු ඇත්තේ ඒ ඒ වගකීම් ඉටුකරන ප්‍රමාණයට අනුවය. අබ වපුරා මුං නෙළාගත නොහැකි බව ඒකාන්ත සත්‍යයකි.



අදහස් (2)

යස ඉසුරින් පිරි නව වසරක් වේවා

විජිත් Tuesday, 01 January 2019 09:21 AM

ලංකාදීපය කියවන, නරඹන සියලුම දෙනාටත්, විවිධ අදහස් දක්වන සියලුම මිතුරු මිතුරියන්ටත්, ලංකාදීප කතුතුමා ඇතුළු සියලුම කාර්ය මණ්ඩලයටත්, සිංහල, ද්‍රවිඩ, මුස්ලිම්, මැලේ, බර්ගර්.. ආදීන්ගෙන් සැදුම්ලත් " ශ්‍රී ලාංකික "ඔබ සැමටත්, පොදුවේ සියලුම ලෝක වාසීන්ටත්, ලැබුවා වූ 2019 නව වසර වාසනාවන්ත එකක්ම වේවායි පතමි.

:       0       57

sandy123Thursday, 03 January 2019 02:05 PM

ඔබටත් 2019 නව වසර වාසනාවන්ත එකක්ම වේවායි පතමි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 434 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 314 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 485 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site