කැලණිය විශ්වවිද්‍යාලයේ පශ්චාත් ඩිප්ලෝමා පාඨමාලාවක දේශනයක් පවත්වා ඉන් පිටව යද්දී විශ්වවිද්‍යාල සිසුන් පිරිසක් ප්‍රකට සහල් ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතාට දැඩි විරෝධයක් එල්ල කිරීමේ පුවතක් අප පුවත්පත ඉකුත්දා වාර්තා කළේය. ඩඩ්ලි සිරිසේන මහතා දේශනය නිමකර විශ්වවිද්‍යාල භූමියෙන් පිටව යද්දී ඔහුගේ මෝටර් රථය නතර කළ සිසුන් පිරිසක් ඔහුට බැණ වදිමින් විරෝධය දැක්වූ බවද අප ප්‍රවෘත්තියෙහි සඳහන්ය. ඩඩ්ලි සිරිසේන මහතා විශ්වවිද්‍යාලයට ගෙන්වීමට නුසුදුසු බවත් ඔහුට දේශන පැවැත්වීමට සුදුසුකම් නැති බවත් පවසමින් සිසුන් විරෝධය පළකළ බවත් අප ප්‍රවෘත්තියෙහි වැඩිදුරටත් සඳහන්ය.
කැලණිය විශ්වවිද්‍යාලයේ ජන සන්නිවේදන අධ්‍යයන අංශයේ අංශාධිපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය විජයානන්ද රූපසිංහ මහතා අප පුවත්පතට ප්‍රකාශ කර තිබුණේ ආරාධිත දේශනයක් පැවැත්වීම සඳහා ඩඩ්ලි සිරිසේන මහතා කැඳවූ බවය. මහජන සම්බන්ධතා හා මහජන කළමනාකරණය පශ්චාත් ඩිප්ලෝමා පාඨමාලාව හදාරණ සිසුන් සඳහා ව්‍යවසායකයකු ලෙස ඔහු පැය දෙකක පමණ දේශනයක් පැවැත් වූ බව ද ඒ මහතා ප්‍රකාශ කළේය.
අවධානය යොමු කළ යුතු කාරණා කිහිපයකි. ඩඩ්ලි සිරිසේන මහතා යනු මෙරට සිටින ප්‍රමුඛ පෙළේ ව්‍යවසායකයෙකි. විශේෂයෙන්ම බිංදුවෙන් පටන් ගෙන ව්‍යාපාරික ලෝකයේ ඉහළටම පැමිණියෙකි. ඒ මහතා සම්බන්ධයෙන් විවිධ විවේචන, මති මතාන්තර තිබිය හැකිය. එහෙත් ඒවා සාකච්ඡා කළ යුත්තේ ඒ සඳහා වෙන් වූ වේදිකාවකය. එහෙත් බිංදුවෙන් පටන් ගෙන ව්‍යාපාරික ලෝකයේ ඉහළටම පැමිණියෙකු ලෙස ඒ මහතාගෙන් අංකුර ව්‍යවසායකයන්ට විද්‍යාර්ථින්ට ඉගෙන ගැනීමට බොහෝ දේ තිබේ. එම අත්දැකීම්, දැනුම බෙදාහදා ගැනීමට ඒ මහතා නිර්ලෝභි වී තිබේ. එය පැසසුම් කටයුතුය. විද්‍යාර්ථින් සඳහා දේශනයක් පැවැත්වීමට ආරාධනා කළ විට ඔහු එම ආරාධනාව පිළිගෙන පැමිණ දේශනය පැවැත්වීමෙන් ඒ බව පැහැදිලිය.
ඩඩ්ලි සිරිසේන මහතා කැලණිය විශ්වවිද්‍යාලයට පිවිසෙන්නේ බලහත්කාරයෙන් නොවේ. ඔහු පැමිණෙන්නේ අදාළ අධ්‍යයනාංශයෙන් ලැබුණු ආරාධනාවකට අනුවය. ඒ මහතා විශ්විද්‍යාලයට ගෙන්වීම නුසුදුසුනම් ඔහුට දේශන පැවැත්වීමට සුදුසුකම් නොමැතිනම් සරසවි ශිෂ්‍යයන් විරෝධය පළ කළ යුත්තේ ඒ මහතාට නොව ඒ මහතාට ආරාධනා කළ බලධාරීන්ටය. තමන්ට ලැබුණු ආරාධනාවකට පැමිණි සම්පත්දායකයකුට මෙසේ නිගරු කිරීම ශිෂ්ට සම්පන්න නැත. එමෙන්ම යුක්ති සහගත ද නැත.
විශ්වවිද්‍යාලයක් හැඳින්වෙන්නේ දහසක් මල් පිපෙන දහසක් මත ගැටෙන තාර්කිකත්වයේ දෙවොලක් ලෙසය. මත අතර ගැටුමෙන් නිපදෙන තාර්කිකත්වය තුළ ඥානය වර්ධනය වේ. එහෙයින් විශ්වවිද්‍යාල භූමිය තුළ මතවාදි අරගලයට ඉතා නිදහස් අවකාශයක් තිබිය යුතුය. ‘‘ඔබ පවසන දේ සමග මම එකඟ නොවෙමි. එතේ ඔබේ මතය ප්‍රකාශ කිරීමට ඔබට තිබෙන අයිතියට මම ගරු කරමි.’’ යන්න දියුණු ශිෂ්ට සම්පන්න ජන සමාජයන්හි ඉහළම පිළිගැනුමකට ලක් වූවකි.
ඇතැම් විශ්වවිද්‍යාල යුද සමයේ තිබු මුදා නොගත් ප්‍රදේශ සිහිකරවන්නකි. විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරුන් මාධ්‍යයට බොහෝ විට ප්‍රකාශ කර තිබෙන්නේ අන්තවාදී මත දරන සුළුතරයක් වූ ශිෂ්‍ය කණ්ඩායමක් බහුතර ශිෂ්‍ය ප්‍රජාව යටපත් කරගෙන සිටින බවය. ඒ මැර බලයෙන් බවද එම ආචාර්ය මහාචාර්යවරු පෙන්වා දෙති. මෙම තත්වය විශ්වවිද්‍යාල පද්ධතියට කිසිසේත්ම හිතකර නැත.
සිද්ධිය සම්බන්ධයෙන් අප පුවත්පතට ප්‍රකාශයක් කරමින් ඩඩ්ලි සිරිසේන මහතා ප්‍රකාශ කර තිබුණේ කැලණිය විශ්වවිද්‍යාලයේදී තමාට සිසුන් කීප දෙනකුගේ සුළු විරෝධයක් එල්ල වූ නමුත් ඉතා සුළු වේලාවකින් එය නිම වූ බවය. එමෙන්ම ජන සන්නිවේදන අධ්‍යයන අංශය මගින් ලද ආරාධනාවක් අනුව එහි ගොස් සිසුන්ට පැය දෙකක පමණ කාලයක් දේශනයක් පැවැත් වූ අතර එය සාර්ථක වූ බව තමාගේ අදහස බවය. සිසුන් සුළු පිරිසකගේ මෙම විරෝධය තමන් ගණන් නොගන්නා බව ද ඒ මහතා ප්‍රකාශ කර සිටියේය.
විරෝධයක් දැක්විය යුත්තේ කුමට ද? එය දැක්විය යුත්තේ කෙසේද? යන්න සම්බන්ධයෙන් සටන්කාමී ඉතිහාසයක් සහිත ශිෂ්‍ය ව්‍යාපාරයෙන් නූතන ශිෂ්‍යයා තව බොහෝ දේ උගත ගත යුතු බව අපි අවධාරණය කරමු.
(***)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කතෘ, සහතික ඇත්ත. බිංදුවෙන් පටන් ගෙන ව්‍යාපාරික ලෝකයේ ඉහළටම පැමිණියෙකු ලෙස ඒ මහතාගෙන් ප්‍රසිද්ධයි. ඒ වුණත්, ඉහළටම ආපු විදිහ ගැන නොයෙකුත් විවේචන තියෙද්දී, විශ්ව විද්‍යාල සිසුන්, අංකුර ව්‍යවසායකයින්ට සහ විද්‍යාර්ථින්ට ඉගෙන ගන්න තියන්නේ මොනවාද කියන එකත් ප්‍රශ්ණයක්? ඒ නිසා, මොනවා වුණත් විශ්ව විද්‍යාලයේ අදාළ අධ්‍යයනාංශයේ වගකිව යුත්තන් මීට වඩා වගකීමකින් ආරාධිත දේශනයක් පැවැත්වීම සඳහා පුද්ගලයින් ගෙන්වීම ඉතාම වැදගත්... විශේෂයෙන් මෙවැනි ආරාධිත දේශන පවත්වා සිසුන් කිසි දෙයක් ඉගෙන ගත්තේ නැත්නම් වැයකළ මුදලුත්, කාලයත් අපතේ... මෙවැනි ව්‍යාපාරිකයන් අපහසුවකට පත්වෙන්නෙත් නෑ.
කවුද මෙයාට කැම්පස් එකක දේශනා පවත්වන්න ආරාධනා කළේ...?
එතුමා සුවිශේෂී ව්‍යවසායකයෙක්. ශ්‍රී ලංකාවට සම්පතක්... එතුමාගේ ව්‍යාපාර ඥාණය ලබා ගන්නත් පින තියෙන්න ඕනෑ. සමහරවිට ඔය විරෝධය දැක්වූ ශිෂ්‍යයෙක් අනාගතයේදී එතුමා ළඟම වැඩ කරන්න පුළුවන්...!
ආරේ ගති නෑරේ...!
ලංකාවේ විශ්ව විද්‍යාල පද්ධතිය සුද්ද කර ඒවා අධ්‍යාපන ආයතන බවට නැවත පත්කළ යුතුයි. විශ්ව විද්‍යාල ආචාර්යවරයෙක් වන කොස්තා කියලා මහත්තයෙක් වරක් පත්තරේකට කියලා තිබුණා අධ්‍යාපනය හැර අනෙක් සියළු දේ විශ්ව විද්‍යාලය තුළ තියෙනවා කියලා. එහෙම නැත්නම් ඕවා පිටරට විශ්ව විද්‍යාලවලට විකුණනා දමන්නයි තියෙන්නේ. මා දන්නා හඳුනන පියවරුන් දෙදෙනෙකු තමන්ගේ දූවරුන් විශ්ව විද්‍යාලවලට යැවීම ප්‍රතික්ෂේප කළා...!
මම දැක්ක ගෝඨාභය හාල් මිල පාලනය කරන්න ගිහින් මෙයාගේ හාල් මෝල වටලන්න ලොරි පෝලිමකුත් එක්ක කට්ටිය එවපු වෙලාවේ මෙයා ආවා ගැලෙව්වා කමිසේ ගහගත්තා සරම පිට පොට ගියා කට්ටිය ඉස්සරහට අඩි බිම හප්පලා දබර ඇඟිල්ල උස්සලා කිව්වා මොන මොනවද ටිකක්... කට්ටිය ලොරිත් එක්ක රිවස් එකේ එතැනින්ම වාෂ්ප වුනා. ඊට පස්සේ එදා ඉඳන් මෙයා තමයි අරහෙමයි මෙහෙමයි කියලා හාල් වල මිල තීරණය කරලා නියම කලේ. අනේ ගෝඨාභයට වෙච්චි දෙයකුත් නැහැ වචනයක්වත් කිව්වෙත් නැහැ.. අර පාරිභෝගික අධිකාරියද මොකද්ද එකක් තියෙනවා ඒකටත් වෙච්චි දෙයක් නැහැ. අපි කවුරුත් දිගටම දැන් ඉතින් මෙයා කියන ගානට හාල් අරන් පුළුවන් විදියට බත් උයන් කනවා. ඔය කට්ටිය කාටවත් ඒ කාලේ ඒවා මතක නැද්ද? කොච්චර සාර්ථක අත්දැකීම් තියෙන ව්‍යපාරිකයෙක්ද නේද? ඉතින් මේ කොල්ලන්ට කෙල්ලන්න්ට මෙයා ගෙන්නලා ඕවා උගන්නන්න එපායැ?
හාල් හංගලා ගිණි ගණන්වලට හාල් විකුණන කලු කඩ මුදලාලි ඡන්දේ ලංවෙලා දේශන දෙන්න ඇවිත්... ඔය මුට්ට්ය දාලා බැලුවේ පොලු පාරක් වදියිද කියලා. ඡන්දෙට ඇවිත් මාලිමාවට තියෙන ඡන්ද කීයක් හරි කඩන්න පුළුවන්ද බලන්නේ ඔය පස්සේ පොහොට්ටුවට පූට්ටු වෙන්න...
මෙයා මෑතකදී යුරෝපීය රටක සන්චාරකයකට ඇවිත් හිටියා. හාල් මාෆියා කාරයෙක් කියලා දන්නෝ දනිති. මෙයාට හෝටල් එහෙමත් තියෙනවා. හිටපු ජනාධිපති කෙනෙක්ගේ මල්ලී. එහෙම කෙනෙක් ගැන තවත් කවර කතාද? ඔය වගේ අයගෙන් මොන දේශනද? ලංකාවේ මීට වැඩිය හොඳ අය නැතුව නෙවෙයිනේ...?
මොනවා ගැනද දේශනා දෙන්න ඇවිත් තියෙන්නේ? භාණ්ඩ සඟවලා වෙළෙඳ ඒකාධිකාරයක් පවත්වාගෙන යන්නේ කොහොමද කියන එක ගැනද?
අපේ නිලධාරින්ට සහ උගතුන්ට තේරෙන්නේ නැහැ... නිසි පුද්ගලයින් තෝරාගන්න. මම මේ මෑතකදී විශිෂ්ඨ ව්‍යවහාර සඳහා සම්මාන ලැබූ පාසලක විදුහල්පතිවරයෙකුගේ දේශනයකට සවන් දුන්නා. ඔහු එම පාසල ගොඩනැගීමට පොලිසිය සමග එකතුව හොරෙන් වැලි ගොඩදාලා, ප්‍රාදේශීය ලේකම් සමහර බලපත්‍ර දෙන්නේ පාසලට ආධාර දුන්නාමලු, පොලීසිය සහතික දෙන්නේ විදුහලට ආධාර කළබවට විදුහල්පති ලිපියක් දුන්නාමලු. එහෙව් මිනිහෙකුට විශිෂ්ඨ ව්‍යවහාර සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය සම්මාන දීලා. එහෙව් උගත්තු ඉන්න රටක් මේක...!
ආරාධනා කරපු කෙනාට මඩුවලිගයෙන් තලන්න ඕනෑ.
වැඩේ වැරැද්දකුත් නෑ ඉතින්... එහෙම නැතිව ඔයගොල්ලෝ ... මිනිස්සුන්ට අහුවෙන්න විමානවලින් බහින්නෙත් නැහැනේ...!
හාල් හංගන හැටි ගැනද දේශනය තිබ්බේ...?
මෙයා ඇරෙන්න වෙන සුදුස්සෙක් අපේ රටේ නැතිද? මේ වගේ දේශනයක් කරන්න. ඕනේ තරම් හොඳ ව්‍යවසායකයෝ ඉන්නවා ඕනෑ තරම් අපේ රටේ උගත්කම සහිතව... ඒ වගේ කෙනෙකුට ආරාධනා නොකර මෙයා ආරාධනා කරේ මෙයාගෙන් යම් සංතෝසමක් අරගෙනද කරේ...? මෙයාගෙන් යම් සංතෝසමක් අරගෙනද කියලා සැකයක් අපිට තියෙනවා.
ලංකාවට ව්‍යවසායකයෝ, ව්‍යාපාරිකයෝ අතළොස්සක් ඉන්නේ. එතුමා ළඟ 5000කට වැඩි සෘජු සේවක පිරිසක් ඉන්නවා. එවැනි සුවිශේෂී ව්‍යාපාරිකයින් නිසා තමයි රැකියා උත්පාදනය වෙන්නේ... රජයේ ආයතන වල උදේ 9.00_ 4.00 පුටු රත් කරන උන්නැහැලා නිසා නොවෙයි...
ලංකාවට සුවිශේෂි ව්‍යවසායකයන්, ව්‍යාපාරිකයන් සිටින්නේ අතළොස්සක්. මෙතුමා ළඟ සේවකයින් 6000කට වැඩියෙන් ඉන්නවා. මේ අය නිසා තමයි රැකී රක්ෂා උත්පාදනය වෙන්නේ... ඔය රජයේ ආයතනවල 9.00 _ 4.00 කාලය තුල පුටු රත්කරන උන්දැලා වගේ නෙවෙයි. අධ්‍යාපන ක්‍රමයෙන් රැකියා සොයන්නන් වෙනුවට රැකියා නිර්මාණය කරන්නන් බිහි කිරීමට නිෂ්පාදන ආර්ථිකයක් නිර්මාණය කළ යුතුයි. මෙවැනි ව්‍යාපාරිකයින්ගේ ඥාණය ලබාගතයුත්තේ ඒ නිසා...
කොල්ලෝ මෙයාලා හූ කියපු එක ගැන කියනවා මිසක් මෙයා කොල්ලන්ට කියපු එක ගැන මොනවත් දන්නේ නැහැනේ...? කොල්ලන්ට එව්වා අහගෙන ඉන්න බැරුව හූ කිව්වාද කවුද දන්නේ...?