IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


තෙල් සමාගමේ හොරුන් දඬුකඳේ ගහන්න ඕනෑ

සාමාන්‍යයෙන් අමාත්‍යවරයකු විසින් තම අමාත්‍යාංශයේ සිදුවන දූෂිත හෝ වංචනික ක්‍රියාවක් සම්බන්ධයෙන් හෙළිදරව් කරනු ලබන්නේ කලාතුරකිනි. එසේ කලාතුරකින් වන හෙළිදරව්වක් පසුගියදා කරනු ලැබ තිබුණේ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා විසිනි.

එම තොරතුරුවලට අනුව ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ තොරතුරු දත්ත ලක්ෂ 13 ක් මකා දමා හෝ වෙනස් කර හෝ තිබේ. 2010 සිට ගබඩා කර තිබූ එම දත්ත සංඛ්‍යාවෙන් වැඩි ප්‍රමාණයක් මකා දමා හෝ වෙනස් කර හෝ ඇත්තේ 2022 වසරේ ඉන්ධන අර්බුදය ඇති වූ අවසස්ථාවේ දී බවත් අමාත්‍යවරයා මාධ්‍යයට ප්‍රකාශ කර තිබිණි.

මෙම දත්ත මකා දැමීම හෝ වෙනස් කිරීම හෝ පිළිබඳ තොරතුරු හෙළි කරගෙන ඇත්තේ ඒ සම්බන්ධයෙන් සිදු කළ වෝහාරික විගණනයකිනි. ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ ඉන්ධන ගබඩා කිරීම සහ ඉන්ධන බෙදා හැරීම සම්බන්ධයෙන් කේ.පී.එම්.ජී. නම් ආයතනය සිදු කළ වෝහාරික විගණනයේ මූලික කරුණු වලින් එම තොරතුරු අනාවරණය වී තිබේ. එකී විගණනයේ ඊළඟ පියවර වලදී අදාළ තොරතුරුවලට තව මොනතරම් දේ එකතු වනු ඇතිදැයි කල් තබා අනාවැකි පළ කළ නොහැක. එහෙත් ඉන්ධන ගබඩා කිරීම සහ බෙදාහැරීම සම්බන්ධ තොරතුරු දත්ත මකා දැමීම හෝ වෙනස් කිරීම හෝ යහපත් චේතනාවෙන් සිදු කළ කටයුත්තක් නම් විය නොහැකි බව නිශ්චිතවම ප්‍රකාශ කළ හැක. මේ සිදුවීම මත බරපතළ වංචාවක සියලු ලක්ෂණ පෙන්වා තිබේ. ඒවා වෙනුවෙන් විමර්ශනය කර එයට වගකිව  යුතු පුද්ගලයන්ගෙන් නිදහසට කරුණු විමසීම අප්‍රමාදව සිදුකළ යුතුය. ඉන්පසුව වැරදිකරුවන් වන පුද්ගලයන් නීතියේ රැහැනට හසුකර ගැනීම ද අවශ්‍යය.

බලශක්ති අමාත්‍යවරයා ලෙස 2022 වසරේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කළ පැමිණිල්ලකට අනුව ලංකා තෙල් ගබඩා පර්යන්තයේ අභ්‍යන්තර විගණන අංශය මෙම විගණනය කේ.පී.එම්.ජී. ආයතනය සමග එක්ව සිදු කළ බවද අමාත්‍යවරයාගේ ප්‍රකාශයේ සඳහන් විය. එකී පැමිණිල්ලෙන් පසුව 2023 වර්ෂය වන විට එම දත්ත මකා දැමීම හෝ වෙනස් කිරීම හෝ අඩුවී තිබේ. මේ මකා දැමීම විශාල වංචාවකට මාර්ගය කපාදීමක් බව පැහැදිලිව පෙනී යන්නේ 2022 දී ඉන්ධන තොග පවත්වාගෙන යාමේ සහ ගබඩා කිරීමේ අලාභය ලෙස වාර්තා වූ රුපියල් කෝටි 2800 ක මුදල 2023 වසර වනවිට රුපියල් කෝටි 400 ක් දක්වා අඩුවී තිබීමෙනි. පැහැදිලිවම එම ආයතනයේ පිරිසක් සැලසුම්සහගතව මේ දත්ත මකා දැමීම සහ වෙනස් කර ඇති බවත් ඔවුන් ඒ හරහා කෝටි ගණනින් වංචාකර ඇති බවත් බැලූ බැල්මටම පෙනී යයි. මේ වංචනිකයන් පිරිස පැනයාමට පෙර අල්ලා ගැනීම අමාත්‍යවරයා ප්‍රමුඛ සියලු බලධාරීන්ගේ වගකීමකි.

අදාළ වෝහාරික විගණනයේ සම්පූර්ණ වාර්තාව ලැබීමෙන් පසුව එය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදීමටත් අවැසි ඉදිරි නීතිමය පියවර ගැනීමටත් කටයුතු කරන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබිණි. ඒ අනුවම කටයුතු කර වංචනික පුද්ගලයන් අල්ලා ගෙන ඔවුන්ට නීතියෙන් දඬුවම් පැමිණවීමට අමාත්‍යවරයා අප්‍රමාදව කටයුතු යොදනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු. එහෙත් මෙවැනි වංචනික ක්‍රියා හෙළිවෙමින් පවතින විට කිසියම් අදෘශ්‍යමාන බලවේග ඒවායේ ඉදිරි කටයුතු වලට බාධා පමුණුවන බව ප්‍රසිද්ධ රහසකි. වැරදිකරුවන්ගේ දෑතට විලංගු වැටෙනවා වෙනුවට ඔවුන් පිළිබඳ තොරතුරු සොයන විමර්ශන කටයුතුවලට විලංගු වැටෙනු අප දැක තිබේ. තෙල් සමාගමේ දත්ත මැකීමේ සිද්ධියේ ඉදිරි විමර්ශන කටයුතුවලට ඒ ඉරණම අත් නොවනු ඇතැයි අපගේ විශ්වාසයයි.

මීට පෙරද මෙවැනිම දත්ත මැකීමේ සිද්ධියක්  වාර්තා වූයේ 2021 වසරේ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ගබඩා කර තිබූ ගිගාබයිට්ස් 2000 කට අධික දත්ත ප්‍රමාණයක් මකා දැමීමයි. එම සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු තාක්ෂණ සමාගමක මෘදුකාංග ඉංජිනේරුවරයකු රිමාන්ඩ් ගත කරනු ලැබූ නමුත් විමර්ශන එයින් ඉදිරියට නොගිය බවත් මෙහිදී සිහිපත් කළ යුතුය.

(***)



අදහස් (5)

තෙල් සමාගමේ හොරුන් දඬුකඳේ ගහන්න ඕනෑ

kamal Tuesday, 20 February 2024 06:08 PM

වෝහාරික විගණනයකින් හෙළිවන වංචාවක් ඇත්නම, එය මාධ්‍ය හරහා ප්‍රසිද්ධ කිරීමට ප්‍රථමයෙන් කල යුත්තේ එම සොයා ගැනීම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදී වංචාවක් සිදුවී ඇත් නම් සොරකම් කල උදවිය අත් අඩංගුවට ගැනීමයි.

:       0       0

Senarath Wednesday, 21 February 2024 09:19 AM

ඕවා අපිට කියලා වැඩක් නැහැ. වරදක් කරලා තියෙනවා නම් දඬුවම් දීලා පෙන්වන්න. ඒ වගේම දේශපාලකයෝ කරන හොරකම් වලටත් දඬුවම් ලැබෙන්න ඕනෑ.

:       53       23

සූත්තර පුංචා Wednesday, 21 February 2024 10:20 AM

දඩුකදේ ගහනවා නම් 1994 චන්ද්‍රිකා නෝනා ජනාධිපති වෙලා කළා වගේ ගෝල්ෆේස් එකට ගෙනැල්ලා දහවල් කාලයේ දඩුකඳේ ගහන්න ඇමැතිතුමා...

:       2       21

Thilak Friday, 01 March 2024 01:08 PM

හැම හොරෙක්ම දඬුකඳේ ගහන්න NPP එක බලයට ආවොත් වැඩිදෙනා දඬු කඳේ..!

:       25       4

Nishan Monday, 04 March 2024 02:49 AM

ඕවාට npp යූනියන් කාරයෝ සම්බන්ධ ඇති. හොරුන්ගෙන්, කප්පම් ගනිමින් ආයතන බංකොලොත් කරන්නේ ඔවුන්...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 280 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 188 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 994 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site