IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


ජනතා විශ්වාසය තහවුරුවන සාමකාමී වටපිටාවක් හදමු

මහනුවර නගරයේත් දළදා මාළිගාවේත් ආරක්ෂාව වෙනුවෙන් සුවිශාල රාජකාරියක් ඉටුකරන මහනුවර යුද හමුදා සිංහ රෙජිමේන්තුව කුමන හේතුවක් නිසාවත් ඉවත් නොකරන්නැයි අස්ගිරි පාර්ශ්වයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී නාරම්පනාවේ ආනන්ද නාහිමියෝ ඉල්ලීමක් කරති. උන්වහන්සේ මෙම ඉල්ලීම ඉදිරිපත් කර තිබුණේ ශ්‍රී දළදා වහන්සේ වැඳපුදාගැනීම සඳහා මහනුවරට ගොස් සිටි විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා හමුවූ අවස්ථාවේදීය. ජාතික වශයෙන් ඉතා වැදගත් කාරණයක් උන්වහන්සේගේ මෙකී ඉල්ලීමෙහි ඇතුළත් වන බව පෙන්වාදීමට කැමැත්තෙමු.

මෙම හමුදා කඳවුරේ සෙබළුන් මහනුවර නගරය තුළ හෝ අවට සිදුවන ඕනෑම හදිසි තත්ත්වයකට මුහුණ දී ආරක්ෂාව තහවුරු කිරීමට හැකියාව තිබෙන බව ද උන්වහන්සේ ප්‍රකාශ කර තිබිණි. මෙය රටේ ආරක්ෂක හමුදාව කෙරෙහි සියදුදෙනා දැඩිව තබා ඇති විශ්වාසය පිළිබිඹු වූ එක් ප්‍රකාශයක් පමණි. එක නගරයක පමණක් නොව මේ වනවිට රට පුරාම සියලුම නගරවලට ආරක්ෂාව සැලසීමට පොලීසියේ ද සහාය ඇතිව ත්‍රිවිධ හමුදාවම කැපවී කටයුතු කරමින් සිටී. 

පාස්කු ඉරිදා රටට එල්ල වූ මහා ප්‍රහාරයේ කම්පනයට පසුව අතරින්පතර මතුවන “පසු කම්පන” තත්ත්ව ක්ෂණිකව පාලනය කිරීමට කැඳවනු ලැබුවේ ද ආරක්ෂක හමුදාය. මීගමුවේත්, හලාවත, කුලියාපිටිය ඇතුළු ප්‍රදේශ කිහිපයකත් තත්ත්වය හැකි ඉක්මනින් පාලනය කිරීමට හැකි වූයේ ද ආරක්ෂක හමුදාවේ ක්ෂණික මැදිහත් වීම් හේතුවෙනි. නැතහොත් ටික දෙනකුගේ නොහික්මුණුකම් නිසා ඇති වූ නොසන්සුන්කාරී “පසු කම්පන” සිදුවීම් බරපතළ කම්පන දක්වා වර්ධනය වීමට ඉඩ තිබිණි. එහිදී ආරක්ෂක හමුදා ක්ෂණිකව ක්‍රියාත්මක වීම කැපී පෙනෙයි.

රටේ ජාතික ආරක්ෂාව සහතික කිරීම මූලිකවම සිදුවිය යුත්තේ ආරක්ෂක හමුදා අතිනි. සිවිල් කටයුතු පොලීසිය මගින් ඉටුකරන අතර හදිසි අවස්ථාවකදී ජාතික ආරක්ෂාවට තර්ජන එල්ල වෙද්දී එය හමුදාවේ වගකීමක් බවට පත්වෙයි. ඉහළම තනතුරුවල සිට පහළම තනතුරු දක්වා රාජ්‍ය පාලනය භාරව කටයුතු කරන සියලුම දේශපාලනඥයන්ගේත් නිලධාරීන්ගේත් සහාය ආරක්ෂක හමුදාවලට ලැබීම මෙහිදී අනිවාර්ය සාධකයක් වෙයි. ජනතාව අතර තමන්ගේ ආරක්ෂාව සහතික බවට හැඟීමක් ඇති වනතුරු රට දැන් සාමකාමී සහ සන්සුන්යැයි කොතරම් ප්‍රකාශ නිකුත් කළ ද පලක්වන්නේ නැත. එම සහතිකය ලැබෙන්නේ හමුදාව ක්‍රියාත්මක වන ආකාරය අනුවය. ජනතාව තුළ ඇතිවන විශ්වාසය හොඳම සහතිකය වෙයි. එය වැළැක්වීමට හෝ සිදුවෙමින් පවතින ආරක්ෂක කටයුතුවලට හරස් කැපීමට හෝ කිසිවකුටත් ඉඩ තැබිය යුතු නැත.

මේ ගැන තවත් කැපීපෙනෙන අදහස් දැක්වීමක් උතුරෙන් අසන්නට ලැබිණි. උතුරේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ද ඇතුළුව දේශපාලනඥයන් තිදෙනකුම පසුගිය දින කිහිපය තුළදී ප්‍රකාශ කර තිබුණේ උතුරේ වෙසෙන ජනතාවගේ ආරක්ෂාව සඳහා හමුදාව එහි රැඳීසිටීම අවශ්‍ය බවය. ද්‍රවිඩ ජාතික සන්ධානයේ ප්‍රධාන පක්ෂය වන ඉලංගෙයි තමිල් අරසු කච්චි පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා කියා තිබුණේ උතුරේ ජනතාවට හමුදාවේ ආරක්ෂාව අවශ්‍ය බවය. උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරියක වූ ආනන්දී සසීදරන්ද මෙවැනිම අදහසක් ප්‍රකාශ කර තිබූ අතර දැඩි මතධාරී ද්‍රවිඩ දේශපාලනඥයකු වන ටෙලෝ පක්ෂයේ එම්.කේ. සිවාජිලිංගම් ද ප්‍රකාශ කළේ උතුරේ ජීවත්වන ජනතාවගේ ආරක්ෂාව සඳහා හමුදාව සිටීම වැදගත් වන බවය. උතුරේ ජනතාවගේ ආරක්ෂාව සඳහා හමුදා රැඳීසිටීමේ වැදගත්කම රටටම කියන මේ දේශපාලනඥයන් දෙදෙනාම මීට පෙර උතුරට හමුදාව අවශ්‍ය නැති බවට දැඩි මතයක් ගෙන ගියහ. එහෙත් අවසානයේ ජනතාවට ආරක්ෂාව සැලසීම සඳහා විශ්වාසය තැබිය යුත්තේ ආරක්ෂක හමුදා කෙරෙහි බව ඔවුහු අද තේරුම් ගෙන සිටිති. ජාතික ආරක්ෂාව දකුණට උතුරට කියා වෙනසක් නැත.

පාස්කු ඉරිදා ප්‍රහාරය මේ රටේ සමස්ත ක්‍රියාකාරීත්වය උඩුයටිකුරු කර දැමූ බව යථාර්ථයයි. රජයේ ඇතැම් බලධාරීන්ට පවා මේ රටේ ජාතික ආරක්ෂාව කියා දෙයක් පවතින බවත් ඒ සඳහා ආරක්ෂක හමුදා නිතරම සූදානමින් තැබිය යුතු බවත් මතක් වූයේ එකී ප්‍රහාරයෙනි. බුද්ධි අංශවලින් ලැබුණු තොරතුරු පවා ත්‍රිවිධ හමුදා අතර හුවමාරු නොවූ බවත් එයින් මෙවැනි ඛේදවාචකයක් සිදුවීම වළක්වා ගැනීමට තිබූ අවස්ථාව ගිලිහී ගිය බවත් ඇතැම් ආරක්ෂක හමුදා ප්‍රධානීන්ගේ එක් මතයකි. මෙවැනි අඩුපාඩුකම් ඉදිරියේදී සිදුනොවීමට කටයුතු කිරීම පවතින රජයේ ලොකුම වගකීම වී තිබේ. ජාතික ආරක්ෂාව සම්බන්ධ සියලු කාර්යවලදී දේශපාලන වාදභේද සහ මතගැටුම් හරස් කර නොගත යුතු බවට කදිම උදාහරණයක් පාස්කු ප්‍රහාරයෙන් රටටම පෙන්වාදී තිබේ. එහි අර්ථය නිසි ලෙස වටහාගෙන ක්‍රියාකිරීම ආණ්ඩුවේ යුතුකමය. යළිත් මෙවැනි ව්‍යසනයක් සිදුවීම වළක්වාගත හැක්කේ එලෙස ක්‍රියාකිරීමෙන් පමණි.

රටක ප්‍රජාතන්ත්‍රය රැකීමට නම් රටේ ජාතික ආරක්ෂාවේ වගකීම ඉටුකිරීම සඳහා ශක්තිමත් හමුදාවක් තිබීම ද අත්‍යවශ්‍ය සාධකයක් බව අමතක නොකිරීම හැම අතින්ම යහපත් බව පෙන්වා දීමට කැමැත්තෙමු.



අදහස් (2)

ජනතා විශ්වාසය තහවුරුවන සාමකාමී වටපිටාවක් හදමු

AMILA Tuesday, 14 May 2019 06:26 AM

අපේ සියලුම රට වැසියනි, දරුවනි, මේ අද තිබෙන තත්වය මග හරවා ගැනීමට අප සියලු දෙනා බොහොම ඉවසීමෙන් අවදානයෙන් සහ කැප කිරීමෙන් අපගේ කුඩා දරුවන්ගේ අනාගතේ අනතුරේ නොදමන්නට අප වගබලා ගත යුතුව ඇත. එබැවින් සියලුම ජාතින් අතරේ මත භේද ඇති නොවන්නට අප විසින් වගබලා ගත යුතුව ඇත. එබැවින් මත්පැන් භාවිතයෙන් වැළකී සිට, ඇතිවී තිබෙන තත්වය දෙස බලා සියලුම දෙනා තම තමන්ගේ පූජකවරුන්ගේ අවවාදයන් පිළිපදින්න. ඒ වගේම සියලුම ආරක්ෂක විදි විධානවල අවනත වන්න. මේ ඇති වී තිබෙන ප්‍රශ්නයෙන් මිදෙන්නට අප හැම දෙනාගේම සහයෝගය සියලුම ආරක්ෂක අංශ සඳහා සහාය 1000% කින් ලබා දෙන්න. සියලුම සිංහල වැසියනි, අපගේ ඉවසීම වඩාත්ම අවශ්‍ය මොහොතකි මේ... හැම තරුණ තරුණියක්ගේම වගකීම නීතිය අතට නොගෙන රට බේරා ගැනීමට පෙරට එන්න. (ආරක්ෂක අංශ දැනුවත් කරන්න). ඉස්ලාම් ආගම් මිනිසුන් සමග සටන් නොකරන්න... අපේ බුදුහාමුදුරුවෝ දේශනා කළ පරිදි මෛත්‍රී කරන ලේ වැගිරීමකට යන්න හීනෙන්වත් හිතන්න එපා දරුවනි. දේශපාලකයන්ගේ දේවල් මේ මොහොතේදී භාවිතා නොකරන්න. අපේ බිෂොප් වහන්සේ, නායක හිමිවරු, ඉස්ලාම් පූජකවරු සහ හින්දු පූජකවරු පවසන අන්දමට සැවොම සාමකාමීව ඉන්න. තෙරුවන් සරණයි..

:       0       0

Lion Tuesday, 14 May 2019 11:37 PM

ගිනි අවුලන මිනිහටම තමයි වැඩේ බාරදීලා තියෙන්නේ.. හාමුදුරුවනේ මිනිස්සු අඳුරගන්න බැරිද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 687 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 553 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 448 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site