IMG-LOGO

2025 නොවැම්බර් මස 01 වන සෙනසුරාදා


කො​රෝනා උවදුර අබියස අධ්‍යාපනය අඛණ්ඩව ගෙනයාම


 

බස්නාහිර පළාතේ පාසල්වලින් කොටසක් ලබන මස 15 වැනිද‌ා සිට විවෘත කිරීමට හැකිවනු ඇතැයි අධ්‍යාපන ඇමති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ප්‍රකාශ කළ බව සඳහන් පුවතක් අප පුවත්පත ඉකුත් ද‌ා වාර්තා කළේය. බස්නාහිර පළාතේ හුදකලා කළ ප්‍රදේශවල පිහිටි පාසල් හැර සෙසු පාසල් මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා ඊයේ විවෘත කෙරිණි.

අප පුවත්පත වාර්තා කළ තවත් ප්‍රවෘත්තියකින් කියැවුණේ කොරෝනා වසංගතයේ ව්‍යාප්තිය හේතුවෙන් තාවකාලිකව නතර කර තිබූ දුම්රිය ඊයේ සිට සාමාන්‍ය පරිදි ධාවනය කරන බව දුම්රිය සාමාන්‍යධිකාරී  ඩිලන්ත ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළ බවය. ඒ අනුව සියලුම දුම්රිය මාර්ගවල දෛනිකව ධාවනය කරනු ලැබූ සියලුම දුම්රිය සේවා පෙර පරිදි සාමාන්‍ය ආකාරයට ධාවනය කිරීමට නියමිතය.

‘‘වෙච්ච දේට වඩා කරගත්ත දේ මදැයි’’ යනුවෙන් කියමනක් අපේ ජන වහරේ එයි. එයින් කියැවෙන්නේ අහඹු සිදුවීමකට සොයන ලද විසඳුමක් අහඹු සිදුවීමෙන් වූ විනාශයට වඩා වැඩි විනාශයක් අත්පත් කරගත් බවකි. අහඹු සිදුවීමෙන් පසුව එය මනා සංයමයකින් යුතුව වග විභාග කර නිවැරැදිම විසඳුම තෝරා එය ක්‍රියාත්මක කිරීමෙන් අහඹු සිදුවීමේ විනාශය අවම කරගත හැකිවනු ඇත.

කොරෝනා ව්‍යාප්තිය සම්බන්ධයෙන් රට තිබෙන්නේ ඉතා අනතුරුද‌ායක තැනකය. කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව පනස් අටදහසකට අාසන්නය. කොරෝනා මරණ සංඛ්‍යාව ද වේගයෙන් ඉහළ ගොස් තිබේ. සෞඛ්‍ය ඇමතිවරිය ද කොරෝනා ආසාදිතයකු බවට තහවුරු විය. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ද ස්වයං නිරෝධායනයට ලක්කර ඇත. ඒ අනුව පැහැදිලි වන්නේ කොරෝනා අනතුර දිනෙන් දින තියුණු වෙමින් තිබෙන බවය.

කරුණු කාරණා එපරිදි වුවද මෙම තත්ත්වය හමුවේ ඉතා බුද්ධිමත්ව ක්‍රියා කළ යුතුය. රටේ ආර්ථිකය කඩා වැටුණහොත් එය කොරෝනා වයිරසයටත් වඩා භයානක තත්ත්වයක් නිර්මාණය කිරීම ඒකාන්තය. රට එක අතකින් චිකාගෝවක් බවට පත්වීමත් අනෙක් අතින් විශාලා මහනුවරක් වීමත් වැළැක්විය නොහැක. එහෙයින් කළ යුතු වන්නේ රටේ ආර්ථිකය කඩා වැටීමට ඉඩ නොදෙමින් කොරෝනා මාරාන්තික වයිරසයට මුහුණ දීමය. එය එතරම් අසීරු හා දුෂ්කර අභියෝගයක් ද නොවේ. බුද්ධිය අවශ්‍ය වන්නේ එයටය. රටක අධ්‍යාපනය වෙනුවෙන් වැය කරන මුදල් වියදම් ලෙස නොසැලකේ. එය සැලකෙන්නේ ආයෝජනයක් ලෙසය. අධ්‍යාපනයේ වටිනාකම ගණන් බලා තිබෙන්නේ එසේය. එහෙයින් කවර දුෂ්කර තත්ත්වයක් තුළ වුවද අතිශයින්ම හිතුවක්කාර කොන්දේසිවලට යටත් වෙමින් වුවද රටේ අධ්‍යාපන අඛණ්ඩව පවත්වාගෙන යා යුතුය. එසේ නොවුණහොත් එහි ආදීනව අනාගත පරම්පරා කීයකට බලපානු ඇද්දැයි ගණනය කළ නොහැකි තරම්ය.

මේ වනවිට බස්නාහිර පළාතෙත් රටේ හුදකලා කෙරුණු ගම්මානවල පිහිටි පාසල් හැර සෙසු පළාත්වල පාසල් විවෘතව තිබේ. අධ්‍යාපන අමාත්‍යවරයා පවසන්නේ බස්නාහිර පළාතේ තෝරාගත් ප්‍රදේශවල පාසල් පෙබරවාරි 15 වැනිද‌ා වනවිට විවෘත කළ හැකි බවය. අප රටක් වශයෙන් පියවරෙන් පියවර ඉදිරියට ගමන් කළ යුතු වන්නේ එසේය.

නිවෙසේ දී තම දරුවා නිසි පරිදි රැකබලා ගැනීම දෙමාපියන්ගේ වගකීමය. පාසලේ ගේට්ටුවෙන් ඇතුළුවන දරුවා නිසි පරිදි රැකබලා ගැනීම ගුරුවරයාගේ වගකීමය. ගුරුවරයා එය මෙතෙක් ඉටු නොකරණ ලද වගකීමක් ද නොවේ. එහෙත් මෙවර එහි වෙනසක් තිබේ. ඒ මාරාන්තික වයිරසයක් ඉදිරිපිට දරුවා රැක බලා ගැනීමය. දරුවාට ඒ සම්බන්ධයෙන් අවබෝධයක් ලබා දී අනතුරෙහි බරපතළකම නිවැරැදිව වටහා දී සෞඛ්‍යාරක්ෂිත වටපිටාවකට දරුවා යොමු කිරීමේ හැකියාව ගුරුවරයා සතුව වේ. අවශ්‍යවන්නේ එම හැකියාව උපරිම මට්ටමින් ක්‍රියාත්මක කිරීමය. එය එසේ වුවහොත් ‘‘රණ විරුවා’’ බිහි වූ ආකාරයෙන්ම ‘‘සුව විරුවා’’ බිහි වූ ආකාරයෙන්ම ‘‘ගුරු විරුවා ද’’ බිහිවනු ඇත.

සියවසකින් පමණ පසුව පැමිණි මාරක වසංගතය හමුවේ පරීක්ෂාවට ලක් කෙරෙමින් තිබෙන්නේ අපගේ හැකියාවය. අපගේ ධාරිතාවය. දුෂ්කර මොහොතක දී අප ක්‍රියාත්මක වන ආකාරය කෙසේද? යන්නය. එහෙයින් එළැඹ ඇත්තේ අතපය හකුලාගෙන උකටලීව පසුවන මොහොත නොව අභියෝගයට අභියෝග කිරීමේ මොහොතය. මෙහිදී අප සාර්ථක වන්නේ නම් මුළු ජීවිත කාලය පුරාවටම අපට වඩාත් ජයග්‍රාහී ලෙස ජීවත් වීමේ හැකියාව අත්වීම නියතය. නිසැකය. ඒකාන්තය.


(***)

 



අදහස් (0)

කො​රෝනා උවදුර අබියස අධ්‍යාපනය අඛණ්ඩව ගෙනයාම

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1775 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1457 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 521 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site