IMG-LOGO

කෑගල්ල මහ රෝහලේ වෛද්‍ය සේවයට අපේ ප්‍රණාමය

කෑගල්ල – අලපලාවල නීලපලගම්මන ප්‍රදේශයේදී මන්නා පහරකින් වෙන් වූ තරුණියගේ වම් අත යළිත් සාර්ථකව බද්ධ කිරීමේ විශ්මිත සැත්කමක් සම්බන්ධ පුවතක් අප පුවත්පත ඉකුත් දා වාර්තා කළේය. කෑගල්ල මහ රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය ආනන්ද ජයවර්ධන මහතා ඇතුළු වෛද්‍ය කණ්ඩායමක් මෙම විශේෂිත සැත්කම සාර්ථකව කළ බවද එම ප්‍රවෘත්තියේ වැඩිදුරටත් සඳහන්ය.

සැබැවින්ම මෙබඳු ප්‍රවෘත්ති එක් අතකින් රටේ පුරවැසියාගේ ජාතිකාභිමානය වර්ධනය කිරීමට හේතුවේ. මන්දයත් අප රට සම්බන්ධයෙන් වැඩි වශයෙන් අසන්න දකින්න ලැබෙනුයේ සංවේගය දනවන ප්‍රවෘත්තිය. දිවි පරදුවට තබා බිරිඳ දූ පුතුන් සමග අබලන් යාත්‍රාවලට නැග වෙනත් රටවලට සංක්‍රමණය වීමට ඇතැම් පුරවැසියන් පෙළඹෙන්නේ ද එහෙයිනි. වගකීමකින් තොරව කටයුතු කරන වෛද්‍යවරුන් හෙද හෙදි කාර්ය මණ්ඩල සාමාජිකයන් සම්බන්ධ ප්‍රවෘත්ති ද හිඟ නැත. එබඳු පරිසරයක කෑගල්ල මහ රෝහලේ සැත්කම රටට ආදරය කරන පරම්පරාවලට බලවත් උත්තේජනයක් රැගෙන ඒමට සමත්ය. එහෙයින්ම කෑගල්ල මහ රෝහලේ විශේෂඥ වෛද්‍ය ආනන්ද ජයවර්ධන මහතා ඇතුළු කාර්ය මණ්ඩලයට ලංකාදීපයේ උණුසුම් සුබ පැතුම් පිරිනමමු.

අප පුවත්පත වාර්තා කළ ප්‍රවෘත්තියට අනුව කෑගල්ල පොලිස් වසමේ අලපලාවල නීලපලගම්මන ප්‍රදේශයේ පදිංචිව සිටින පොල්ගහවෙල ප්‍රදේශයේ ඇඟලුම් ආයතනයක රැකියාවක් කරන 21 හැවිරිදි අවිවාහක තරුණියක මෙම මන්නා ප්‍රහාරයට ලක්වී ඇත. මෙම ප්‍රහාරයෙන් වම් අතින් වෙන්ව බිම වැටී තිබූ අත් කොටස ප්‍රදේශවාසීන් පොලිතින් උරයකට බහා අයිස් කැට ද යොදා ක්ෂණිකව තුවාලකාරිය කෑගල්ල මහ රෝහලට රැගෙන ගොස් තිබේ.

එහිදී වහා ක්‍රියාත්මක වී ඇති කෑගල්ල මහ රෝහලේ විශේෂඥ වෛද්‍ය ආනන්ද ජයවර්ධන මහතා ඇතුළු වෛද්‍ය කාර්ය මණ්ඩලය එදින රාත්‍රි 9 සිට පසුදා අලුයම 1 දක්වා පැය හතකට ආසන්න කාලයක් මුළුල්ලේ සිදු කළ ශල්‍යකර්මය හේතුවෙන් අත සාර්ථකව බද්ධ කළ හැකිව තිබේ. මෙම ශල්‍යකර්මය සාර්ථකවීමේ දී එම තරුණියගේ අසල්වැසියන්ගේ ස්ථානෝචිත ප්‍රඥාව අතිශයින්ම වැදගත්ය. වෙන්වූ අත ඉතා සෞඛ්‍යාරක්ෂිතව අයිස් කැට බහාලූ බෑගයක දමාගෙන රෝහලට රැගෙන ගිය හෙයින් එම ශල්‍යකර්මය සාර්ථක වීමට බෙහෙවින්ම බලපා තිබේ. එක් අතකින් කොළඹට බොහෝ දුර ඈත දුෂ්කර ප්‍රදේශයක ජනතාවගේ ප්‍රාථමික සෞඛ්‍ය දැනුම ප්‍රශංසනාත්මකය. සෞඛ්‍ය දැනුම ගමට රැගෙන යාම සම්බන්ධයෙන් මෙතෙක් ගෙන ඇති පියවර අපතේ ගොස් නැති බව පැහැදිලිය.

විශේෂඥ ශල්‍ය වෛද්‍ය ආනන්ද ජයවර්ධන මහතා සාර්ථක සැත්කමින් පසුව අප පුවත්පතට ප්‍රකාශ කර තිබුණේ මෙවැන්නකි.

‘‘මෙවැනි රෝගියකු අපට ලැබුණු ගමන් කරුණු 2ක් ගැන සිතා බලන්න වෙනවා. පළමු එක රෝගියාගේ ජීවිතය බේරා ගැනීම. දෙවැනි එක අවයව බේරා ගැනීම. රෝගියා රෝහලට රැගෙන එනකොට විශාල වශයෙන් රුධිරය පිටතට ගිහිල්ල තිබුණා. පළමුව ජීවිතය බේරා ගැනීමට රුධිරය දීමට සිදු වුණා. අනතුරුව මාගේ කාර්ය මණ්ඩලය ඉතාම සාර්ථකව මෙම සැත්කම සිදු කළා.’’

සැබැවින්ම සතුටුවිය යුතු තත්ත්වයකි. අප රට තවමත් ගෝත්‍රික හා වනචාරි යුගයේ පසුවන්නේ යැයි ආඩපාලි නගන, නිමක් නැති අවමන් කරන පසුබිමක අප රට තිබෙන තත්ත්වය පිළිබඳව විනිශ්චයකට ඒමට මෙබඳු ප්‍රවෘත්ති අතිශයින්ම වැදගත්ය. බලධාරීන්ගේ වගකීම විය යුත්තේ මෙවැනි හදිසි ශල්‍යකර්ම සඳහා අවශ්‍ය පහසුකම් ගම – නගරය බේදයකින් තොරව ඕනෑම රෝහලකට ලබා දීමය.

තරුණියගේ වම් අත කැපී වෙන්වී තිබෙන්නේ එම තරුණියගේ පියාගේ සොහොයුරා එල්ල කළ මන්නා ප්‍රහාරයකින් යැයි ප්‍රවෘත්තියේ සඳහන්ය. ඉඩමක් සම්බන්ධයෙන් පියා සහ බාප්පා අතර ඇති වූ හබයකට මැදිහත්වීම නිසා තරුණිය මෙම ඉරණමට ලක්වී තිබේ. දෙමාපියන් වැඩිහිටියන් අතර ප්‍රශ්නවලට දරුවන් සම්බන්ධ කර නොගැනීමේ වැදගත්කම මෙන්ම ඕනෑම ප්‍රශ්නයක දී ආක්‍රමණශීලී නොවී බුද්ධිමත්ව විසඳා ගැනීමේ වැදගත්කම මෙම සිද්ධියෙන් අවධාරණය වන බවට අපි සිහිපත් කරමු.

(***)



අදහස් (2)

කෑගල්ල මහ රෝහලේ වෛද්‍ය සේවයට අපේ ප්‍රණාමය

CC Wednesday, 12 April 2023 11:58 AM

කෑගල්ල රෝහලේ ආදරණිය වෛද්‍යතුමන්ලා, ආදරණීය හෙද කාර්ය මණ්ඩලය ආදරණීය සුළු සේවක කාර්ය මණ්ඩලය ඇතුළු සියලුම දෙනා රෝහල වෙත පැමිණෙන අහිංසක රෝගීන් සුවපත් කිරීමට කරනු ලබන මෙම කැපකිරීමට හිස නමා ආචාර කරමු. ඔබ සියලුදෙනා අපේ රටේ සැබෑ මානව හිතවාදීන් වෙයි, අපේ රටේ සැබෑ වීරයෝ වෙයි. ඔබ සැමට නිදුක් නිරෝගී චිර ජීවනය නිති ලැබේවා!!! සියළු යහපත උදාපත් වේවා!! මෙවැනි සත් කාර්යයන් අඛණ්ඩව සිදු කිරීමට ශත්තිය ධෛර්‍ය වාසනාව ලැබේවා!! ඔබ සැමට උතුම් තෙරුවන් සරණයි!!

:       1       10

Janahitha Friday, 14 April 2023 05:50 PM

සැමට උතුම් තෙරුවන් සරණයි!!

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 11355 0
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 282 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 203 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

Our Group Site