IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


ඇමැති සජිත්ගේ කතාවේ යථාර්ථය

මාස දහයක් තුළ අවුරුදු දහයක වැඩ කරන්නට සියලුම නිලධාරීන් සූදානම් වන්නැයි නිවාස හා ඉදිකිරීම් සහ සංස්කෘතික ඇමති සජිත් ප්‍රේමද‌ාස මහතා පැවසූ බව සඳහන් පුවතක් අප පුවත්පත ඉකුත්ද‌ා වාර්තා කළේය. අභිනව අමාත්‍ය ධුරයේ දිවුරුම් දී එදිනම අමාත්‍යාංශයට පැමිණ වැඩ බාරගනිමින් නිලධාරීන් අමතා ඇමතිවරයා එසේ ප්‍රකාශ කිරීම ද විශේෂත්වයකි.

තෙමසක් කල් රට එකතැන නතර වී තිබුණේය. මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති මෙන්ම මධ්‍යම පරිමාණ සංවර්ධන ව්‍යාපෘති ද නතර විය. එම කාලය තුළ පාරට තාර දැමීම් වැනි කටයුත්තක් හෝ සිදුවීද යන්න සැක සහිතය. රාජ්‍ය සේවකයෝ පැමිණීම සලකුණු කර නිශ්චිත රාජකාරියක් නොමැති හෙයින් අල්ලාප සල්ලාපයෙහි යෙදෙමින් කාලය ගෙවා දැමූහ. “අාර්ථික නියෝග ක්‍රියාත්මක කළහොත් ඉදිරියේදී නඩු හබවලට මුහුණපෑමට සිදුවීම නියතයි” යනුවෙන් විපක්ෂයේ මන්ත්‍රීවරුන් කළ අනතුරු ඇඟවීම් රාජ්‍ය නිලධාරීන්ගේ තියුණු අවධානයට යොමු වූවා සේය. රටේ ප්‍රධානම රාජ්‍ය නිලධාරියා වන ජනාධිපති ලේකම් ද හිරේ විලංගුවේ වැටුණ පරිසරයක රාජ්‍ය නිලධාරීන්ගේ තිගැස්ම එක් අතකින් ස්වාභාවිකය.

දින පනහක අස්වැන්න එපරිදිය. තෙමසකට අාසන්න කාලයක් රාජ්‍ය පරිපාලනය අකර්මණ්‍ය වීම යනු රටට ඉතා තීරණාත්මක ලෙස බලපාන්නකි. ඒ මාස තුන යනු අවුරුදු තුනක් නොව තිහක් ලෙස ගණනය කළ ද එය වැරැදි නැත. රටකට අද‌ාළව ගණනය කළ යුත්තේ ද එසේමය. ආයෝජකයන් රට හැරයාම, ආයෝජනය කර තිබූ මුදල් නැවත ගැනීම මෙන්ම සංචාරකයන්ගේ නොපැමිණීම ආදී කාරණා හරහා ද අවධාරණය කෙරෙන්නේ එම තත්ත්වයමය.

ඇමති සජිත් ප්‍රේමදාස මහතාගේ “මාස 10ක් තුළ වසර 10ක වැඩ කරන්න ලෑස්ති වෙන්න” යනුවෙන් කළ ප්‍රකාශය වඩාත් වැදගත් වන්නේ ඉහත පරිසරය තුළය.

‘වචනයට වඩා ආදර්ශය උතුම්ය’ යන්න ප්‍රකාශනයක් නොව ජීවමාන යථාර්ථයකි. ඒ අනුව සජිත් ප්‍රේමදාස මහතා ඇමැතිවරයකු වශයෙන් ආදර්ශයක් සපයා තිබේ. එනම් මාස 10ක් තුළ වසර 10ක වැඩ කරන්නැයි ඇමැතිවරයා නිලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ ඇමැති ධුරයේ දිවුරුම් දී දෙතුන් පැයක් ඉක්ම යාමට මත්තෙනි. එයද මෙරට චිරාත් කාලයක් පුරා ක්‍රියාත්මක වෙමින් තිබෙන දේශපාලන සංස්කෘතිය සහ සම්ප්‍රදාය කණපිට හැරවීමකි.

ශ්‍රී ලාංකේය පොදු ජනයාගේ අත්දැකීමට අනුව ඇමැතිවරයා දිවුරුම් දුන් පසුව වැඩ බාර ගැනීමට සුදුසු නැකතක් එනතුරු බලා සිටී. අැතැම් විට එයට දෙතුන් සතියක් වුවද ගත විය හැකිය. එයට අමතරව අමාත්‍යාංශය නවීකරණය කිරීමට, වැසිකිළි උපකරණ අලුතෙන් සවි කිරීමට තව කාලයක් ගත වේ. ඔය අතරවාරයේ පිළිගැනීම් උත්සව මාලාවකි. සියල්ලෙන් අනතුරුව අමාත්‍යාංශයට ගොස් වැඩ බාර ගැනීමට සෑහෙන තරම් කාලයක් ගත වේ.

මේ රට ‘මෙහෙම’ වීමට ඉහත තත්ත්වය ද බලපා තිබේ. බාහිර ඔපය සම්බන්ධයෙන් සැලකිලිමත්වීම බොහෝ දේශපාලනඥයන්ගේ සිරිතය. අමාත්‍යාංශයට පැමිණ වැඩ බාරගත්ත ද පළමු රාජකාරිය වන්නේ සිය අමාත්‍යාංශයේ රාජකාරි ඉටු කිරීම නොවේ. නිල රථ ඇතුළු පහසුකම් සලසා ගැනීමය. සිය බිරිය, දරුවන් ඇතුළු පරපුරේ ඥාති හිතමිත්‍රාදීන්ට සිය අමාත්‍යාංශය තුළ රැකියා සොයා දීමය. ඒ සියල්ලෙන් අනතුරුව අමාත්‍යාංශයේ වගකීම් ඉටුකිරීම ආරම්භ කිරීමට සෑහෙන තරම් කාලයක් ගතවේ.

තෙමසකට ආසන්න කාලයක් පුරා පැවැති දේශපාලන කුණාටුව පහව ගොස් අලුත් ආණ්ඩුවක් රටට ලැබී තිබේ. මේ ආණ්ඩුවට ඇත්තේ සීමිත මාස ගණනකි. එක් අතකින් තව මාස 13කින් පසුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය ජනාධිපතිවරයා අතට පත්වේ. එසේ නොවුණ ද 2020 අගෝස්තු මාසය වනවිට මෙම පාර්ලිමේන්තුව ඉබේ විසිර යන්නේය. මාස ගණනින් ආයු කාලය කිව හැකි පාර්ලිමේන්තුවක සහ ආණ්ඩුවක නියෝජිතයන්ගේ වගකීම වන්නේ ‘කාලය රන් හා සමානය’ යනුවෙන් සිතමින් එම අදහසින් කාලයට වඩා වේගයෙන් වැඩ කිරීමය.

ආණ්ඩුවක් සම්බන්ධයෙන් පොදු මහජනයා තැබූ බලාපොරොත්තුවක් තිබේ. ආණ්ඩුවක පරම වගකීම වන්නේ එම බලාපොරොත්තු ඉටු කිරීමය. ඒවා ඉටු නොකර විවිධ හේතු දක්වමින් කල් ගෙවීම ආණ්ඩුවකට තරම් නොවේ. සිය වගකීම කොයිලෙසකින් හෝ ඉටු කළ යුතුය. එසේ ඉටු කළ හැකි වන්නේ නැවත සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කරන ආකාරයටම ‘මාස 10ක් තුළ වසර 10ක වැඩ කිරීම’ හරහා පමණි.



අදහස් (0)

ඇමැති සජිත්ගේ කතාවේ යථාර්ථය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 686 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 328 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1115 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site