IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


අනවසර තැන්වල වාහන නතර කරන්නන්ට දඬුවම් ඕනෑ

මහ මාර්ග දෙපස අනවසරයෙන් වාහන හා යතුරුපැදි නවතා තබන හා පදික වේදිකාවේ වාහන හා යතුරුපැදි නවතා යන රියැදුරන්ට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කරන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා උපුටා දක්වමින් අප පුවත්පත ඉකුත් දා වාර්තා කළේය. මෙම නීතිය තදින් ක්‍රියාත්මක කිරීම ඉකුත් 17 වැනිදා සිට ආරම්භ කළ බවද ඒ මහතා පැවසූ බව අප ප්‍රවෘත්තියෙහි සඳහන්ය.

‘මිනිසා’ යනු මනස උසස් හෝ මනස උසස් තත්ත්වයට පත් කළ හැකි සුවිශේෂී සත්ව විශේෂයකි. එහෙත් ඇතැම් මිනිසකුගේ මනස උසස් නැත. එම මනස කවදා උසස් තත්ත්වයට පත් වේදැයි නිශ්චය කළ නොහැකි තරම්ය. මහ මගදී තරම් එය ප්‍රදර්ශනයට තැබෙන වෙනත් ස්ථානයක් නොමැති තරම්ය. ‘මාර්ග විනය’ යනු රටක ජනතාවගේ සාමූහික විචාර බුද්ධිය කිරා මැන බැලෙන කෝදුවකි.

පාරේ වාහන නතර කළ හැක්කේ ඒ සඳහා අවසර ලත් ස්ථානවල පමණි. සාමාන්‍යයෙන් වාහන නතර කළ නොහැකි ස්ථානවල ඒ බව දන්වා සංඥා පුවරු සවි කරනු ලැබේ. එහෙත් ඇතැම් රියැදුරෝ ඒවා ගණන් නොගනිති. ඔවුන් බලන්නේ තමන්ගේ අවශ්‍යතාව පමණි. පොදුවේ අන් සියල්ලන්ට සිදුවන හිරිහැරය සම්බන්ධයෙන් ඔවුහු කල්පනා නොකරති. එබන්දන් මෙල්ල කිරීමට නීතිය අවශ්‍ය වේ. නීතිය තිබුණද එය ක්‍රියාත්මක නොකරන්නේ නම් එයින්ද ප්‍රයෝජනයක් නැත. නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසන්නේ ඉකුත් 17 වැනිදා සිට නීතිය තදින් ක්‍රියාත්මක කරන බවය. එය යහපත් ප්‍රවණතාවකි.

පදික වේදිකාවේ සැබෑ හිමිකරුවා පදිකයා ය. මහ මග ගමන් කරනවිට ආරක්‍ෂිතව ගමන් කිරීම සඳහා පදික වේදිකාව වෙන් කර තිබේ. එහෙත් පදිකයාට අහිමිව ඇත්තේත් පදික වේදිකාවය. පදිකවේදිකාව සින්නකර ගෙන සිටින්නෝ පදික වෙළෙන්දෝ වෙති. ඇතැම් තැනක වාහන අලුත්වැඩියා කරන්නන්ගේ වැඩ බිම වන්නේද පදික වේදිකාවය. ඇතැම් රියැදුරෝ පදික වේදිකාවට අවහිර වන පරිදි වාහන නතර කරති. පදිකයාට පදික වේදිකාව තහනම්ය. ඔහුට යාමට සිදුවන්නේ මහ පාරේය. එය ඉතා අනතුරුදායක වුවද මහජනයාට වෙනත් විකල්පයක් නැත.

පදික වේදිකාව පදිකයාට අහිමි වූ කල මහ පාරේ ගමන් කිරීම අනතුරුදායක වන්නා සේම එය අනවශ්‍ය වාහන තදබදයකටද හේතුවකි. රිය අනතුරුවලටද හේතුවකි. මේවා ඇස් ඉදිරිපිට ප්‍රදර්ශනය වන දේය. ඔළුවට ටොකු ඇන පෙන්විය යුතු දේ නොවේය. එහෙත් සාමූහික විචාර බුද්ධිය අහිමි මනස උසස් තත්ත්වයට පත් කර නොගත් නූගතුන්ට ඒවා නොපෙනේ. එක් අතකින් ඔවුහු කුමන හෝ හේතුවක් මත නීතියට ගරු නොකරති. අන්‍යයන්ට සිදුවන හිරිහැරය ගැන නොතකති. එවන් පුද්ගලයන් මෙල්ල කිරීමට ඇති ප්‍රධානම මාර්ගය වන්නේ නීතිය තදින් ක්‍රියාත්මක කිරීමය.

වාහන නවතා තැබීමට තහනම් කර ඇති ස්ථාන හෝ පදික වේදිකාවල නවතා තබා යන වාහන, යතුරුපැදි අදාළ පොලිස් ස්ථානවලට ගෙන ගොස් අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා ප්‍රකාශ කළ බවද අප ප්‍රවෘත්තියේ සඳහන්ය. වාහනය හෝ යතුරුපැදිය පොලීසියට රැගෙන යාම සඳහා වියදම්වන මුදල අදාළ වාහන හිමියාගෙන් අය කර ගැනීමටද නියමිතය. එමෙන්ම වාහනයේ හිමිකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව සිර දඬුවමකට හෝ දඩයකට යටත් කිරීමට නියමිතය. අත්අඩංගුවට ගන්නා රියැදුරන්ට මෝටර් රථ වාහන පනතට අනුව හා මංමාවත් පනතට අනුව නඩු පවරන බවද සඳහන්ය.

රටක් අයාලේ යාමට ඉඩ දිය යුතු නැත. මිනිසා සබුද්ධිකව ක්‍රියා නොකරන්නේ නම් එතැනට ආදේශ විය යුත්තේ නීතියයි. සිර දඬුවමකට හෝ දඩයකට යටත්වූ විට තමන් කරන ලද වැරැද්ද ඉන්ද්‍රිය ගෝචරව වටහා ගැනීමට ඔවුනට හැකිවේ. විනාශයෙන් මෙපිට පාඩම් ඉගෙන නොගැනීම ජාතික සිරිතක් තරමට ප්‍රගුණ කරමින් සිටින සමාජයකට නීතිමය ක්‍රියාමාර්ග හැර වෙනත් විසඳුමක් නැත. රටකට අවශ්‍ය වන්නේ විනයගරුක මිනිසුන්ය. රටේ අනාගතය බාර ගත යුතු වන්නේද විනයගරුක මිනිසුන්ය. එම මිනිසා නිර්මාණය කරගැනීම සඳහා කොතෙක් දුෂ්කර වුවද අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතුය.

 



අදහස් (6)

අනවසර තැන්වල වාහන නතර කරන්නන්ට දඬුවම් ඕනෑ

කරුණාරත්න Tuesday, 21 July 2020 09:31 AM

මේකෙ තව පැත්තකුත් තියෙනවා. හැම නගරෙකම වගේ කලින් වාහන නවත්වන්න තිබුණු තැන් දැන් ත්‍රීරෝද රථ නවත්වන තැන් බවට පත් කරලා. වෙනත් වාහනවලින් පැමිණෙන්නන්ට තමන්ගේ වාහනය නතර කරන්න කිසිම තැනක් නෑ. මුලින්ම ඒකට විසඳුමක් දුන්නා නම් නේද හොඳ..?

:       4       29

hafeez Tuesday, 21 July 2020 11:04 AM

මේ විදිහටම අහුමුළුවල පිළිණුවල කුණු ගොඩවල් වල කුණු හාරන, සදාචාරයවත් නැති අයට යාමනයක් තියෙනවා නම් වටිනවා. මේ ⁣රටට තියන තවත් එක ප්‍රධාන හෙනයක් තමයි ඒක..

:       14       1

BamunuarachchiWednesday, 22 July 2020 12:32 PM

ඔබේ කතාව හා වාහන නැවත්වීම සමග සම්බන්ධය මොකක්ද.?

:       0       13

සුමිත් Tuesday, 21 July 2020 02:26 PM

පාර අවහිර වෙන්නේ පුද්ගලික වාහන වලින් විතරක් නෙමේ. රජයේ නිලධාරීන්ගේ, හමුදාවේ, පොලිසියේ, දේශපාලකයින්ගේ වාහන වලින් වෙන්නෙත් ඒ දෙයම තමයි. ඔය කියන නීතිය ක්‍රියාත්මක වෙන්නේ එක කොටසකට විතරයි. ලංකාවේ හැටි එහෙමයි.

:       0       9

Chris Jayamanne Wednesday, 22 July 2020 10:19 AM

රථගාල් නැති ව්‍යාපාරික ස්ථාන සඳහා නීතිය ක්‍රියාත්මක කරන්න.

:       0       13

Bamunuarachchi Wednesday, 22 July 2020 12:18 PM

හලෝ වාහන නවත්වන්න අවසර තිබෙන තැන්වල ත්‍රිවීල් කාරයෝ, ත්‍රීවීලර් නැවතුම් පොළවල් කරගෙන ඉන්න එක පළමුව නවත්වන්න.

:       0       15

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 11 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 815 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 594 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site