IMG-LOGO

2025 නොවැම්බර් මස 21 වන සිකුරාදා


අයවැයෙන් වූ දේ දැනගැනීම ජනතාවගේ අයිතියක්

අපේ රටේ ආර්ථිකයේ හැසිරීම් රටාව තේරුම් ගැනීම පවා ඇතැම් විට අපහසුය.  ආර්ථිකය බරපතළ ගැටලු රැසකින් පීඩා විඳිමින් සිටින බවත් ඒ ඇතැම් අසීරුතා මගහරවා ගැනීමට රජය සම්බන්ධව සිටින බවත් ආණ්ඩු පක්ෂයේ දේශපාලනඥයන්ගේ ප්‍රකාශවලින් හෙළි වෙයි. එය කෙසේ වුවද අඩුම තරමින් අයවැයෙන් වෙන් කෙරෙන සමස්ත මුදලින් සියයට 89ක  ප්‍රගතිය පිළිබඳ තොරතුරු ලබාදීමට රජය අපොහොසත්ව සිටින බවද වාර්තා වී තිබේ. රටේ ආර්ථිකය හසුරුවන ආකාරය තේරුම් ගැනීම පවා ඇතැම් විට අපහසු බව  අප සඳහන් කළේ මෙවැනි හේතු  පදනම් කර ගනිමිනි.

රටේ ආර්ථිකය හැසිරවීම පිළිබඳ පිළිගත් විමර්ශන ආයතනයක් වන වෙරිටේ රිසර්ච් ආයතනය මගින් කරනු  ලැබූ  සමීක්ෂණයකින් මේ තොරතුරු හෙළිවී තිබේ. එම ආයතන මගින් පසුගියදා පැවැත්වූ එම සමීක්ෂණය පිළිබඳ කරුණු හෙළිදරව් කිරීමේ  මාධ්‍ය සාකච්ඡාවකදී මේ බව ප්‍රකාශ කර තිබුණේ එහි ජ්‍යෙෂ්ඨ පර් යේෂක විශ්ලේෂකයකු වන සුරේනි වීරතුංග මහත්මිය විසිනි. එහිදී ඇය වැඩිදුරටත් සඳහන් කර තිබුණේ අයවැය වර්ෂයේ අවසානය වනවිට සම්පූර්ණයෙන් ඉටුකර ඇත්තේ පොරොන්දුවලින් පහෙන් එකකටත් වඩා අඩු ප්‍රමාණයක් බව ය.

මෙවන් අතපසුවීම් සිදුවන රටක් ආර්ථික වශයෙන් බංකොලොත්වීම පිළිබඳව පුදුම විය යුතුද? අය වැය යෝජනා ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය මැදිහත්වීම හෝ ක්‍රියාමාර්ග ගැනීමට හෝ රජය කටයුතු  නොකිරීමෙන් අයවැය පොරොන්දු හුදෙක් සුරංගනා කතා  බවට පමණක් සීමා වී තිබෙන බවද වීරතුංග මහත්මිය සඳහන් කළාය. එම කතාව කාලයක් මුළුල්ලේ මෙරට සිටින සුප්‍රකට ආර්ථික විශ්ලේෂකයන් කිහිප දෙනකු සහ විශ්වවිද්‍යාල ප්‍රජාවේ ආර්ථික විශ්ලේෂකයන් පිරිසක්ද මීට පෙර වරින් වර ප්‍රකාශ කර තිබිණි. එහෙත් එය සත්‍යයක් වශයෙන් පිළිගැනීමට මැලිවන ආර්ථිකය හසුරුවන දේශපාලනඥයන් බොහෝ දුරට කළේ එම තොරතුරු නොසලකා ක්‍රියා කිරීමය. එහි ප්‍රතිඵල ‘‘පොලියත්’’ සමග අරගලයක ආකාරයෙන් පුපුරා යන විට රට දැඩි ආර්ථික  සහ සමාජ අර්බුදයක ගිලීගොස් තිබිණි. තවමත් ඇතැම් දේශපාලනඥයන් සිදු කරන්නේ එකී ආර්ථික සහ සමාජ අර්බුදය නිර්මාණයවීමට සැබෑ හේතුව වන  ‘‘සුරංගනා කතා දේශපාලනය’’නිවැරදි කර ගැනීමට කටයුතු කිරීම නොව එම පුපුරා යාම දෙකේ  කොළේට දමා තමන්ගේ වැරදි වසා ගැනීමට ක්‍රියා කිරීමයි.

ආර්ථිකයේ හැසිරීම සැබෑ ලෙසම නිවැරදි කර ගැනීමට කටයුතු කර තිබුණේ නම් මෙවර අයවැය යෝජනාවලින් පහෙන් එකක්වත් ඉටුකර ගැනීමට නොහැකිවීම සහ අයවැයට වෙන්කළ සමස්ත මුදලින් සියයට 89 ක ප්‍රගතිය පිළිබඳ තොරතුරු ලබාදීමට  අපොහොසත්වීම වැනි තත්වය උද්ගතවිය නොහැක. මෙවැනි සැබෑ තොරතුරු අනාවරණය වනු දැකීමට බොහොමයක් ආණ්ඩු පක්ෂ දේශපාලනඥයන් අකැමැති වන්නේ එය තමන්ගේ නොහැකියාව පෙන්නුම් කරන සාධකයක් බැවිනි. ඔවුන් බොහෝ විට සිදු කරන්නේ මේ තොරතුරු හෙළි කරන ආර්ථික විශ්ලේෂකයන්ට  සහ ආයතනවලට ගැරහීමයි. එය ගැටලුව විසඳීමට නොව එය තවත් සංකීර්ණ කිරීමට හේතුවන බව ඔවුන් නොදන්නවා විය නොහැක.

මෙරට මුදල් හසුරුවීමේ වගකීම බාර මුදල් අමාත්‍යාංශය සහ මහා භාණ්ඩාගාරයත් ශ්‍රී ලංකා මහ බැංකුවත් මේ සම්බන්ධයෙන් පවසන කරුණු දැනගැනීමට ද මෙරට ජනතාවට අයිතියක් තිබේ. එය කරුණු පැහැදිලි කිරීමට වඩා එහාට ගිය සිදුවී ඇති සැබෑ තත්වය විග්‍රහ කිරීමක් වීම ද අවශ්‍යය. මේ රටේ සාමාන්‍ය ජනතාවට තේරුම් ගත නොහැකි ආකාරයේ බර වචන යොදාගෙන කරන කරුණු පැහැදිලි කිරීම්වලින් වැඩක් නැත. අවශ්‍ය වන්නේ රටේ අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමට වෙන්කළ මුදලට සිදුවූයේ කුමක්දැයි හෙළි කිරීමයි. තමන්ගේ බදු මුදල් මේ ආකාරයට වාෂ්පවීමට හේතු දැන ගැනීම රටේ බොහෝ බදු ගෙවන පොදු මහජනතාවගේ අයිතියක් බව ද ආණ්ඩුව දැන සිටිය යුතු ය.

(***)



අදහස් (0)

අයවැයෙන් වූ දේ දැනගැනීම ජනතාවගේ අයිතියක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 5 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 131 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 979 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site