පුතා වෙනුවෙන් කඩේ නොගිය ඇමැති තාත්තා
ඩඩ්ලි සේනානායක තුන්වැනි වරට ලංකාවේ අගමැති තනතුරට පත්වූ අවස්ථාවේ දී ඔහුගේ රජයේ ඇමති මණ්ඩලයේ සිටි ඇමතිවරුන්ගේ සංඛ්‍යාව 17කි. ඔහු තුන්වැනි වරටත් අගමැති තනතුරට පත්වයේ 1965 මාර්තු 25 වැනිදාය. මේ මා ලියන්නේ ඔහු ගැන නොවේ. ඔහුගේ ඇමතිවරුන් අතර සිටි විශිෂ්ටයෙකු පිළිබඳවය.
එම විශිෂ්ට පුද්ගලයා යු. බී. වන්නිනායකය. නැතහොත් උක්කු බණ්ඩා වන්නිනායකය. ඇම්. ඩී. බණ්ඩා, ඩබ්ලිව්. දහනායක. සී. පී. ද සිල්වා, ඊ. ඇල්. බී. හුරුල්ලේ, පිලිප් ගුණවර්ධන, අයි. එම්. ආර්. ඒ. ඊරියගොල්