IMG-LOGO

2025 ඔක්තෝබර් මස 25 වන සෙනසුරාදා


වාහන ආනයනයෙන් බස් 3,000ක් අනතුරේ

(යොහාන් භාසුර)

ආණ්ඩුව සැලැස්මකින් තොරව වාහන ආනයන කිරීම නිසා ලබන වසර වන විට කෙටි සේවා බස් රථ 3,000 ක් පමණ ධාවනයෙන් ඉවත්වීමේ අවදානමක් ඇති බව ලංකා පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ‘ලංකාදීප’යට පැවසීය.

ඇගයීමකින් තොරව වාහන ආනයනය කිරීමෙන් මාර්ග තදබදය තව දුරටත් ඉහළ ගොස් ඇති බව කී විජේරත්න මහතා මෙම තත්වය මත බස් රථවල ඉන්ධන වියදම ඉහළ යෑම සහ ගමන් වාර සංඛ්‍යාව අඩුවීම හේතුවෙන් බස් රථ හිමිකරුවන් එම ව්‍යාපාරයෙන් ඉවත්වීම මේ වන විටත් සිදුවෙමින් පවතින බව ද ඒ මහතා සඳහන් කළේය.  

වර්තමානය වන විට දිනකට යතුරුපැදි 1,000ක් පමණ දිනකට ලියාපදිංචි වන අතර සෙසු වාහන ද අඩුවකින් තොරව ලියාපදිංචි වන බවත් මීට පෙර දිනකට පිටකොටුවේ සිට කොට්ටාවට ගමන්වාර පහක් ධාවනය කළ බස් රථයකට වර්තමානය වන විට ගමන් වාර තුනක් පමණක් ධාවනය කළ හැකි තත්නවයක් උදාවී ඇති බවත් ඒ මහතා කීය.

මීට පෙර පැයට කිලෝමීටර 5 ත් 6 ත් අතර වේගයකින් ධාවනය කළ බස් රථයකට අද වන විට පැයකට කිලෝමීටර 3 ක්වත් ධාවනය කළ නොහැකි තත්වයක් උද්ගත වී ඇති බව කී විජේරත්න මහතා වාහන ආනයනය සීමා නොකළහොත් පාගමනින් හෝ යෑමට නොහැකි තත්වයක් උද්ගතවනු ඇති බව ද සඳහන් කළේය.

මෙම දැඩි වාහන තදබදය හේතුවෙන් ඉන්ධන නාස්තිය තව දුරටත් ඉහළ යන බවත් රුපියලි බිලියන 1000 ක පමණ ඉන්ධන වසරකදී මාර්ග තදබදයේදී දහනය වීමෙන් අපතේ යනු ඇතැයි සමීක්‍ෂණයකින් හෙළිවී ඇති බවත් ගැමුණු විජේරත්න මහතා වැඩි දුරටත් සඳහන් කළේය. 



අදහස් (28)

වාහන ආනයනයෙන් බස් 3,000ක් අනතුරේ

හණීකූම්බ් Friday, 24 October 2025 06:34 PM

බලු වටින්නැති නමට සේවයක් වුන බස් මාෆියාකාරයන්ට ඔහොම වෙලා ඉතුරුවුනොත් ඇති.

:       0       5

Ran Tha Friday, 24 October 2025 06:37 PM

මෙයාට තේරෙන්නේ නෑ මිනිස්සු ඇයි බස්වලින් යන්න කැමති නැත්තේ කියලා. ඒක තේරෙන්න නම් මේ හරකාටයි ප්‍රවාහන ඇමැති ලේකම් ගමනාගමන කොමිෂන් සභාවේ ලොක්කෝ යන කට්ටියටයි උදේ හවස වැඩි දුරක් ඕනෑ නෑ. කිලෝමීටර් 15ක් මාසයක් යන්න කියන්න. එතකොට තේරෙයි දුප්පත් මිනිස්සු කොච්චර පරිප්පුවක් කනවාද කියලා...

:       0       5

ගමේ එකාලා Friday, 24 October 2025 06:47 PM

පුද්ගලික බස් ධාවනය වෙන හැටිත් අපි ඕනෑතරම් දැකලා තියෙනවා. රියැදුරන්ගේ හැසිරීම් ගැනත් අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. තමුන්ට ලැබෙන ආර්ථික වාසි ගැන නම් අවුල් ඇති...

:       0       5

nipuna Friday, 24 October 2025 06:53 PM

මාර කතාවක්නේ මෙයා කියන්නේ. බස් ටර්න් එකේ මුල හරියේදී හෙමින් යන එකෙනුයි, හෝල්ට් ගානෙ කොට කොට ගිහිල්ලා වේලාව නාස්ති කරන ඒවා මෙයාට පේන්නේ නැද්ද? මිනිස්සු බස් වල යන්නත් දැන් අදි මදි කරන්නත් ඔය කොට කොට හෙමින් යන එක හේතුවක්...

:       0       5

Rohan Friday, 24 October 2025 07:28 PM

තවත් දේශපාලන ඉත්තෙක්. හැම තීරණයක්ම ප්‍රවීණයන්ගේ උපදෙස් මත වෙන්නේ කළබල වෙන්න එපා උකුස්සා...

:       2       73

බස්තියන් Friday, 24 October 2025 07:32 PM

අපිට අපේ නගරයේ සිට ප්‍රධාන නගරෙට දුර කිලෝමීටර් 29-30 ක් දුරයි මේ ගමනට ගතකරන කාලය පැය එක හමාරක් විතර වෙනවා. එයට අඩු කාලයකින් යන්න පුලුවන් වුණත් යන්නේ නැහැ. දුර ගමන් සේවයක බසයකින් විනාඩි 45 කින් පමණ යන්න පුළුවන් දැන් බලන්නකෝ ගමේ සිට යන බසයේ ගිහිල්ලා ආපසු එන්න පැය තුනයි දුර ගමන් සේවයක පැය එකහමාරයි කාලය රන් හා සමානයි කියන්නේ... මොකටද ඇත්තෙන්ම මොහුගේ අදහස නිවැරැදියි කරනවා නම් කරන්න තියෙන්නේ රටපුරා විධිමත් දුම්රිය සේවයක් හා නැවතුම්පොළට සම්බන්ධ ප්‍රවාහන පහසුකම් සැලසීම තමයි ඉන්ධන වියදමත් අඩුවෙනවා රටේ සංවර්ධනයත් වෙනවා ඇත්තටම දැන් දැන් යතුරුපැදි සහ ත්‍රිවිලර් අයින්කිරීම කරනවා නම් හොදයි...

:       2       44

Agith Friday, 24 October 2025 07:39 PM

ඕගොල්ලන්ගෙ බස්වල යන්නැත්තේ කොට කොටා යන හින්දා. දෙතුන් දෙනෙක් එකතුවෙලා පික්මී යන එක ලාබයි ලේසියි ඉක්මන්...

:       1       90

ටිං ටිං Friday, 24 October 2025 07:59 PM

ලක්ෂ 40ට තිබ්බ ලේලන්ඩ් බස් එක ස්ටිකර් ටිකක් ගහලා හතු කුමාරි කියලා නමක් දාලා ලක්ෂ 160ට විකුණපු බස්කාරයින්ට පාඩුයිලු. පාඩුයි නම් පර්මිට් එක විකුණලා පාඩුවේ ඉදපල්ලකෝ. ගාල්ල කඩවත හයිවේ බස් පර්මිට් එක කෝටි 12 කටවත් ගන්න බෑ...

:       0       2

ගුණරත්න Friday, 24 October 2025 08:15 PM

ලංකාවේ කට්ට කසිකබල් වුණත් විකුණන්නේ රත්රන් බරට වගේ ගිණි ගණන්. ඉතින් කවුද ඒ වාහන යකඩ උණු කරන්න විකුණන්නේ? ඉතින් වාහන අයින් වෙන්නේ නැහැ... අලුතෙන් එන තරමට. අන්තිමේ තදබදය වැඩියි...

:       1       0

Srinath Friday, 24 October 2025 09:01 PM

ලංකාවේ හැම මගුලකටම සංගමයක් අටවාගෙන... හැබැයි කිසිම දියුණුවක් නෑ. මමත් කල්පනා කළේ මොකක්හරි සංගමයක් අටවාගෙන ගොන්නුන්ව ගොනාට අන්දලා කියලා හරි කඩාගන්න. තවම එකක් සෙට් වුණේ නෑ. හැම දේකටම කවුරුහරි කෙනෙක් ඉන්නවා.

:       0       6

amila Friday, 24 October 2025 09:31 PM

මේ මනුස්සයාගෙන් හොද කතාවක් ඇහුවාමයි. ඔය කබල් බස් අයින් කරන්න ඕනේ. අහන්නත් සතුටුයි.

:       0       1

Janindu Perera Friday, 24 October 2025 10:41 PM

මම නං කිලෝමීටර් 10-12 වගේ ගමන් යන්නේ බයික් එකේ... වියදම බස් ගාස්තුවට වඩා ලාබයි.

:       0       3

pakeer Friday, 24 October 2025 10:57 PM

නැත්තටම නැතිවෙලා යන්න...

:       0       3

රුවන් Friday, 24 October 2025 11:38 PM

බස් ගැමුණුට අනුව පෞද්ගලික බස් දුවන්නේ නොමිලේ, ජනතාව ගැන හිතලාමයි වගේ. මාර පහසුකම් ඇත්තේ...

:       0       5

Lalla Saturday, 25 October 2025 12:20 AM

නුවර පාරේ මිරිස්වත්ත හන්දියේ සිට කොළඹට යාමට නිට්ටඹුව සහ ගම්පහ සිට එන බස් රථ විනාඩි 90-100 ගන්නවා. දුර ධාවන බස් රියක් විනාඩි 60_70 ගන්නවා. ඒත් දුර ධාවන බස්වලට මගීන් ගන්න ගම්පහ නිට්ටඹුව බස් රථ මාෆියාව තදබදය ඇති වෙලාවට ඉඩ දෙන්නේ නෑ. හවසට කොළඹ සිට ගම්පහට යන්න විනාඩි 120ට වඩා යනවා. මොන කාලය කා දැමීමක්ද? සාමාන්‍ය ජනතාව පීඩාවට පත්කරන බස් මාෆියාව විනාශවීම පුදුමයට කරුණක්ද?

:       0       4

de silva Saturday, 25 October 2025 01:41 AM

කොළඹ තද බදයෙන් 30% නැති කරන්න පුළුවන් අර සැලසුම් කළ සැහැල්ලු දුම්රිය සේවය, කොහොම හරි අධිවේගී මාර්ගය හැදුවා වගේ කොටසින් කොටස හරි සැහැල්ලු දුම්රිය සේවය හැදුවොත් මේ ප්‍රශ්නේ බොහෝ දුරට නිරාකරණය වේවි... පිට පළාත්වල ජනතාවට තමන්ගේ කටයුතු එම පළාත්වලම කර ගැනීමට පහසුකම් සැලසීමෙනුත් කොළඹ තදබදය අඩු වෙනවා. රජය ක්‍රියාත්මක වෙන්න ඕනේ..

:       0       6

Neel Saturday, 25 October 2025 05:04 AM

පාඩුවට දුවන්න එපා. විකුණන්න බලන්න. පුලුවන් කෙනෙක් ගනියි. ඉඩමක් අරන් දාන්න...

:       0       6

Roshan Saturday, 25 October 2025 05:57 AM

හොඳයි හොඳයි... දැන්ම අයින් කරගන්න.

:       0       6

ජනක Saturday, 25 October 2025 06:16 AM

මෙයා හරකෙක්. සියලු දෙනාම තමන්ගේම වාහනයක් පාවිචිචි කරන තත්වයට රට ගෙන ආ යුතුමයි...

:       0       6

Suranga Saturday, 25 October 2025 08:10 AM

බයිලා ගහන්නේ නැතුව මිනිස්සුන්ට හොඳ සර්විස් එකක් දෙන්න. ඔයාලාගේ බස්වලට නැග්ග වෙලාව ඉඳලා මිනිස්සුන්ට වද දෙනවා තොරාම්බල් කඩ කාරයෝ... පාරේ ගාටනවා. හෝල්ට් වලට ඇවිත් නිදා ගන්නවා. ඉතින් මිනිස්සු එයිද ඕවායේ. සේවා විධිමත් කරන්න නීති ක්‍රියාත්මක කරනකොට ඒවාටත් විරුද්ධ වෙනවා. බස්වලට සෙනඟ නැති වෙනකොට නහයෙන් අඬනවා...

:       0       6

අසේල Saturday, 25 October 2025 08:20 AM

බස් ගැමුණු හිතන් ඉන්නේ රටේ මහ ජනතාව කවදාවත් තමන්ගේ වාහනයක යන්න හොද නෑ... එයාගේ කල්ලියේ වාහන වල විතරයි යන්න ඕනෑ ඔවුන් ස්ට්‍රයික් කරද්දී මිනිස්සු ගමන් නවත්වන්න ඕනෑ අය වැඩ කරන දවසට යන්න ඕනෑ... එයා ගාන වැඩි කරනකොට ඒකට හුරු වෙන්න ඕනෑ.. තෙල් අඩු වුණාට බස් ගාස්තු අසු වෙන්නේ නෑ කියනකොට අපි ඔලුව නමලා ඒක පිළිගන්න ඕනෑ...

:       0       2

සමන්ත Saturday, 25 October 2025 08:27 AM

ගම්පහ බස් නැවතුම්පොළ ඉදලා ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට දුර කිලෝමීටර් 2ක් වගේ... බස් එකට ඒ දුර යන්න විනාඩි 20කට වඩා යනවා. පෞද්ගලික බස් නැති වෙන තරමටම හොදයි. තවත් වාහන ගෙනැල්ලා පෞද්ගලික බස් නැති කරලාම දාන්න ඕනේ...

:       0       4

අරවින්ද මොණරවිල Saturday, 25 October 2025 08:55 AM

රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව විදේශ විනිමය නැති නිසා වාහන ආනයනය නැවැත්තුවා මිසක් 1977 න් පසු ලංකාවේ වාහන ආනයනය පිළිබඳ සීමා හො බාධා තිබුණේ නැහැ. කොහොම වුණත් මිනිසුන් මරාගෙන කන්න හදන පෞද්ගලික බස් මාෆියාව නම් රටෙන් තුරන් වෙලා යනවා නම් ඒක හොද ආරංචියක්...!

:       1       3

Lakmal Saturday, 25 October 2025 11:30 AM

බස් සේවකයො හිතන් ඉන්නේ බස්වල යන්නේ හරක් ,එලුවෝ කියලා. පොල් පටවලා වගේ මිනිස්සු පටවලා කොටනවා. අන්තිම ටික පුලුවන් තරම් හයියෙන් යනවා. ඒකයි අපි බස්වල නොයා සල්ලි නාස්ති කරගෙන පෞද්ගලික වාහනවල යන්නේ...

:       1       2

Roshan Saturday, 25 October 2025 11:35 AM

හැකි ඉක්මනින් බස් සමාගම් පිහිටුවන්න. ටෙන්ඩර් පටිපාටියකට අනුව සේවය ලබාදීම බස් සමාගම් වලට දෙන්න. රෑට සේවය ලබා දීම, බස්වල, සේවකයන්ගේ සුදුසුකම් ටෙන්ඩරය මගින් අනිවාර්ය කරන්න.

:       0       1

Bunny Preena Saturday, 25 October 2025 12:43 PM

මිනිස්සුන්ට බොහෝ ආදරෙන්ද කතා කරන්නේ? එහෙනම් සීට් තුන දෙක කරලා මිනිස්සුන්ව පොල් පටවන්න වගේ ගෙනියන්නේ නැතිව සීට් ගාණට ගෙනියන්න කියන්න... කොට කොට ඉන්නේ නැතිව. ධාවනයේ යෙදෙන්න. විනාඩි පහෙන් පහට හැම මාර්ගයකම බස් ධාවනය කරවන්න පුළුවන්ද?

:       0       3

ගමේ එකාලා Saturday, 25 October 2025 01:41 PM

මොකවත් නොවෙයි, තමුන්ට ලැබෙන ගතමනාව අඩුවෙයි කියලා...

:       0       3

Athula Saturday, 25 October 2025 03:06 PM

සේරම අයින් කරන්නම ඕනේ.. උඹලගේ බස් මාෆියාව ජනතාවට තිත්තයි..

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1414 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1295 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 465 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site