IMG-LOGO

2025 සැප්තැම්බර් මස 05 වන සිකුරාදා


කට වරද්දාගත් බණ්ඩාරනායකට ලැබුණු දඬුවම

 

ලංකාවේ හතරවැනි අගමැතිවරයා ඇස්. ඩබ්ලිව්. ආර්. ඩී බණ්ඩාරනායකයන්ය. ඔහු අගමැති තනතුරට පත් වුණේ 1956 අප්‍රේල් 12 වැනිදාය. ඒ වන විට ඔහු 57 හැවිරිදි තෙදරු පියෙකි.  මේ මා ලියන්නට යන්නේ ඔහුගේ ජීවන කතාව නොවේ. රටේ මුල් පුටුව කරා ඔහු ගිය අති දුෂ්කර ගමන ගැනද නොවේ. ඔහුගේ මේ ගමනට බාධා කළ හතුරන් ගැනද නොවේ. වෙඩි උණ්ඩයට ගොදුරු වූ අන්දම ගැන ද නොවේ.


මේ ලියන්නේ ඔහුගේ පියා වූ සර් සොලමන් ඩයස් බණ්ඩාරනායක මහ මුදලි ඉදිරිපිටදීම, ඔහු ඉපදුණ හොරගොල්ල වලව්ව තුළදීම, ඔහුගේ හොස්ස බිම උලා ඔහුට හොඳ පාඩමක් ඉගැන්වූ සිද්ධිය ගැනය. මෙය කීපවරක්ම සිදු වූ සිද්ධියකි.
ඒ 1910 වසරේ අප්‍රේල් මාසයේ දිනකි. එවිට බණ්ඩාරනායකගේ වයස අවු 11 කි. ඔහුගේ පියා වූ සොලමන් මුදලි ඔහු කැටිව නැවකින් ලොව වටා සංචාරයක යෙදුණ අවස්ථාව එයයි. මේ සංචාරයේදී කුඩා කාලයේදී දඟ වැඩ කළ බණ්ඩාරනායක බලා ගැනීම සඳහා සරදියෙල් නැමති සේවකයෙකු ද කැටිව යන ලදී. උතුවන්කන්දේ සරදියෙල් නොවේ.
මේ නැව් ගමනට එතුමාගේ මව වූ ඩේසි ඇස්ලින් ඔබේසේකර හෝ කැමලියා සහ ෆ්ලොරොන්ටිනා යන සහෝදරියන් දෙදෙනා හෝ සහභාගි නොවුහ. බණ්ඩාරනායක තම මව සහ සහෝදරියන් දෙදෙනාගෙන් වෙන්වී නැව් නැග්ග ප්‍රථම අවස්ථාව මෙයයි.


නැව එංගලන්තයට ළඟාවිය. බණ්ඩාරනායකගේ පියා වූ සොලමන් මහ මුදලිගේ ප්‍රථම කාර්යය වූයේ ලන්ඩනයේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයට ගොස්. තම පුතාට ඉංග්‍රීසි ප්‍රමුඛ විවිධ භාෂාවන් ඉගැන්වීම සඳහා දක්ෂ ගුරුවරයෙකු සොයා ගැනීමයි. එසේ සොයාගත් ගුරුවරයා ඒ. සී. රැඩ්පඩ්ය. 


ලෝක සංචාරය අවසන් කර මාස කීපයකින් මේ පිරිස ලංකාවට පැමිණියහ. සොලමන් මුදලිතුමා තම රටට පැමිණ සිදු කළ ප්‍රථම කාර්ය වූයේ ඔහු ලන්ඩනයේදී තෝරාගත් රැඩ්පඩ් නැමති ගුරුවරයා ලංකාවට ගෙන්වා ගැනීමය. ඒ වන විට ඉංග්‍රීසි පාලකයින් සමඟ සමීපව සිටි නිසා ඔහුට මෙය මහ කජ්ජක් නොවීය. ලංකාවට ගෙන්වා ගත් ‘සුද්ද‌ා’ හොරගොල්ල වලව්වේ නවත්වාගෙන, ඔහුට වැඩි පඩියක් ලබා දී තම එකම පුතාට ඉගැන්වීමට ඔහුව යෙදවීම මහ මුදලිතුමා අනාගත බලාපොරොත්තුවක් ඉෂ්ට කර ගැනීමට ගත් ක්‍රියාවක් බව කියනු ලැබේ.

 

හොරගොල්ල වලව්ව

 


බණ්ඩාරනායකයන්ට ඉංග්‍රීසි, ලතින්, ග්‍රීක්, ස්පාඤ්ඤ හා ප්‍රංශ යන භාෂා හොරගොල්ල වලව්වේ සිට ඉගැන් වූ මේ ‘‘සුද්ද‌ාය’’. චතුර කථිකත්වයට බණ්ඩාරනායක හුරු කළේද ලන්ඩනයෙන් ආනයනය කළ මේ ගුරුවරයාය. ඉංග්‍රීසි ඇතුළු අනෙකුත් විදේශ භාෂාවන් ලිවීමේදී හා උච්චාරණය කිරීමේදී බණ්ඩාරනායක වැරැද්දූ විට මේ ‘‘සුද්ද‌ා’’ ඔහුගේ හොස්ස බිම උලමින් දඬුවම් දුන්නේය. පියා ඉදිරිපිටදීද ‘‘සුද්ද‌ා’’ ඔහුට දඬුවම් කළේය. පියා ඊට විරුද්ධ නොවීය. රළු පරුෂ හොරගොල්ලේ මුදලි සුද්ද‌ාගේ මේ වැඩ ගැන කිපුණේ නැත. බණ්ඩාරනායක හොස්ස බේරා ගැනීම සඳහාම සුද්ද‌ාට කීකරුව වැරදි වැඩ නවතා හොඳට ඉගෙන ගත්තේය.


බණ්ඩාරනායක මෙන්ම ඔහුගේ පියා වූ සොලමන් මහ මුදලිත් ඉගෙන ගත්තේ ශාන්ත තෝමස් විද්‍යාලයේය. ඔහු වැඩිදුර අධ්‍යාපනය සඳහා ලන්ඩනයට ගොස් ඇතුළු වුණේ තම ටියුෂන් මාස්ටර් වූ රැඩ්පඩ් සේවය කළ කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයට නොවේ. ඔක්ස්ෆර්ඩ් (OXFORD) විශ්ව විද්‍යාලයටය. 


තමා ඔක්ස්ෆර්ඩ් සරසවියේ ශිෂ්‍ය සංගමයේ සභාපති බවට පත් වුණෙත්, එහි විවාද කණ්ඩායමේ නායකයා බවට පත් වුණෙත්, විදේශ භාෂා විශාරදයෙකු වශයෙන් නමක් දිනා ගත්තේත්, ආසියාවේ ‘‘රිදී සීනුව’’ යන විරුද‌ාවලිය ලබා ගත්තේත් රැඩ්පඩ් ගුරුවරයාගේ මඟ පෙන්වීම නිසා බව බණ්ඩාරනායක පසු කාලයේ කීප වරක්ම ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර තිබුණි.


බණ්ඩාරනායක මහතා ලංකාවේ අගමැති තනතුරට පත් වී මාස 3 කින් එනම් 1956 ජුලි 5 වැනිද‌ා හොරගොල්ල වලව්වේ ප්‍රිය සම්භාෂණයක් පවත්වන ලදි. රටේ ඉහළ තලයේ ප්‍රභූවරු මෙන්ම දේශීය හා විදේශීය මාධ්‍යවේදීහු රාශියක්ද, එලිසබෙත් මහරැජිණගේ නියෝජිතයෝද ඊට සහභාගි වූහ. එම සාදයේදීද කුඩා කාලයේ තමා සමඟ අශ්වයන්ගේ පිටමත ගිය, සුදු ජාතික ටියුෂන් මාස්ටර් පිළිබඳව පැමිණි පිරිස දැනුම්වත් කිරීමට ඔහු අමතක නොකළේය. ඔහු අගමැතිවීමට හරියටම අවුරුදු 10කට පෙර එනම් 1946 ජුලි 31 වැනිද‌ා ඔහුගේ පියා වූ සොලමන් මුදලි මියගියේය. එවිට මුදලිගේ වයස අවුරුදු 84 කි.
මෙම ස‌ාදය පවත්වා වසර 3 කින් බණ්ඩාරනායක අගමැතිවරයා සඳහටම දෙනෙත් පියා ගත්තේය. එවිට ඔහුගේ වයස යාන්තම් අවුරුදු 60 කි. අඩුම කාලයක් රට පාලනය කර අඩු වයසින් රට වෙනුවෙන් දිවි පිදු මේ ශ්‍රී ලංකා පුත්‍රයාගේ මුවඟ නිතරම රැඳී තිබුණු දුම් පයිප්පය ලංකාවේ ජනතාවට කිසිද‌ාක අමතක වන්නේ නැත.

 

 

සිරී හීන්පැල්ල
ඡායාරූපය අන්තර්ජාලයෙනි



අදහස් (3)

කට වරද්දාගත් බණ්ඩාරනායකට ලැබුණු දඬුවම

Royfedricks Friday, 21 February 2020 09:53 PM

ඔබ මේවා දන්නේ කෙසේද?

:       0       0

Darshana Monday, 24 February 2020 08:02 PM

බණ්ඩාරනායක මහතා ලේකම් තනතුර පමණි දැරුවේ.

:       0       0

Anagarika Tuesday, 25 February 2020 03:11 AM

බණ්ඩාරනායක ලංකාව භාෂාව ඉස්සරහට දලා දෙකට කැඩුවා. ආගම ඉස්සරහට දාලා භේදයක් ඇති කලා. එයා රට වෙනුවෙන් දිවි පිදුවේ නැහැ.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 362 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16597 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 630 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site