IMG-LOGO

2025 දෙසැම්බර් මස 08 වන සඳුදා


ඉතාලියේ ලංකික සමාජ ක්‍රියාකරුවකු ආධාරත් කොල්ල කාලාලු

(ෂමින් පණ්ඩිතරත්න - ඉතාලියේ සිට)

ශ්‍රී ලංකාවේ අවතැන් වූවන්ට සහන සැලීමට යැයි පවසා ඉතාලියේ සිටින සමාජ ක්‍රියාකරුවකු රුපියල් ලක්ෂ 25කට ආසන්න මුදලක් (යුරෝ 6500) වංචා කර ඇතැයි ඉතාලියේ එම පරිත්‍යාග ශීලිහු චෝදනා කරති.

අවතැන් වූවන්ට සහන සැලසුවැයි භාණ්ඩ ලබාගත් බවට එම සමාජ ක්‍රියාකරු විසින් ඉදිරිපත් කළ බිල්පත් පරීක්ෂා කිරිමේදී එහි සඳහන් නම් වලින් එවැනි ආපනශාලා සහ වෙළඳසල් නොමැති බවද ඔවුහු පවසති.

ශ්‍රී ලංකාවට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ ගංවතුර සහ නායයෑම්වලට ගොදුරුවී ඇති දිස්ත්‍රික්කවල ජනතාවට අවශ්‍ය කෑම බීම, බෙහෙත් හේත්, ඇඳුම් පැළඳුම් හා අනෙකුත් අවශ්‍ය සහන සැලසීමට ශ්‍රී ලංකාවේ නොයෙකුත් ප්‍රදේශවල ජීවත්වන විශාල පිරිස් මෙන්ම ලෝකයේ විවිධ රටවල ජීවත්වෙන විදේශගත ශ්‍රී ලාංකිකයන්ද ඉමහත් උත්සාහයක යෙදෙමින් ව්‍යසනයට ගොදුරුවු තම සහෝදර ජනතාවට සහන සැලසීම සඳහා ඒකරාශී වූහ.

ඇතැම් සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් ශ්‍රී ලංකාවේ අවතැන්වූවන්ට සහන් සැලසීම සඳහා තමන්ගේ ගිණුමට මුදල් බර කරන ලෙස දැන්වීම් පළකර තිබුණි.

එසේ ලබාදුන් යූරෝ 6500 ට එනම් රුපියල් ලක්ෂ විසිපහකට අධික මුදලක් ඉතාලියේ නාපෝලි නගරයේ වෙසෙන සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු විසින් කූට ලිපි ලේඛන හා ව්‍යාජ බිල්පත් ඉදිරිපත් කරමින් එම මුදල් වංචා කර ඇති බවට ඊට ගොදුරු පරිත්‍යාගශීලීන් චෝදනා කරති.

මෙවැනි සමාජ ක්‍රියාකාරීන් හෝ සමාජ සංවිධාන වෙස්ගත් කූඨ ජාවාරම් කාරයන්ට හසු නොවෙන ලෙසත් තමන් විසින් ලබා දෙන ආධාර නිසි කලමනාකාරිත්වයෙන් යුතුව අවතැන් වූ ජනතාවට සහන සැලැස්වීමට විශ්වාස තැබිය හැකි රජයක් වර්තමානයේ ඇති බවත් රජය විසින් නම් කරන ලද ගිණුම්වලට මුදල් බැර කරන ලෙසත් ඉතාලියේ ශ්‍රී ලාංකික සංවිධාන විදේශගත ශ්‍රමිකයන්ගෙන් ඉල්ලීමක් කරයි.

 



අදහස් (9)

ඉතාලියේ ලංකික සමාජ ක්‍රියාකරුවකු ආධාරත් කොල්ල කාලාලු

මිලානෝ වැසියා Sunday, 07 December 2025 05:48 PM

මේක සම්පූර්ණ අසත්‍යයක්. මෙවැනි චෝදනාවක් කරන්නේ මාලිමාවේ නම ගහගෙන ආධාර දී ගන්න බැරිව මල පැනලා ඉන්න මල් පැල ටිකක්. සමාජ ක්‍රියාකාරීන් එකතු වෙලා අසරණ ජනතාවට උදව් කරද්දිත් රජයට ලැබෙන දේවල් ලැබෙන්නේ නැති වෙන නිසා ඒ මුදල් රජයේ ගිණුමට ගෙන්නාගෙන රජයෙන් ජනතාවට උදව් කෙරුවයි කියලා කියවාගන්න කරන බොරු ප්‍රචාරයක්. ඉතාලියේ ඉන්න මාලිමාවේ අනුගාමිකයන් හරියට රිදිලා තියෙන්නේ ස්වාධීන පුද්ගලයින් අසරණ ජනතාවට උදව් කිරීම ගැන.

:       60       15

PradeepSunday, 07 December 2025 06:10 PM

මෙන්න ඒකට හවුල් වුණු කෙනෙක් කලබල වෙලා...

:       13       49

සමන් විමල් Sunday, 07 December 2025 07:24 PM

ඇත්තටම මේක මාඩුමාවේ තවත් පචයක්... මිලානෝ කිව්වා හරියටම හරි...

:       22       6

රංග Sunday, 07 December 2025 07:06 PM

ඔය සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් වහාම නීතිය හමුවට ගේන්න. කොහේ ගියත් අපේ එවුන් ඒ කැත පුරුද්ද අතහරින්න සූදානමින් නැහැ වගේ...

:       1       19

සමන් වි2 Sunday, 07 December 2025 07:25 PM

නම් ගම් ලිපිනයන් දක්වන්න. එවිට පිළිගන්නා තත්ත්වයක් ඇතිවෙයි.

:       1       25

මංබයියා Sunday, 07 December 2025 07:35 PM

අපේ වර්ගයේ අය ලෝකෙ කොහේ ගියත් රන් අකුරෙන් නම රන්දලා එන්නේ. පොට්ටුවට ජයෙන් ජයම වේවා...!

:       5       15

සෙනෙවිරත්න Sunday, 07 December 2025 07:53 PM

මිලානෝ වැසියා කියන්නේ මේ වංචාව කරපු කෙනා කියලා හිතෙනවා. රජය මුලදීම පැහැදිලිවම රාජ්‍ය ගිණුම් දෙකක් හඳුන්වලා දුන්නා රාජ්‍ය බැංකුවක. තමන්ගේ පරිත්‍යාග ඊට වඩා සුරක්ෂිතව ජනතාවට ලැබෙන්න ක්‍රමයක් තියෙන්න බැහැ. රජයට අවශ්‍ය ඩොලර් කැඩී බිඳීගිය වාරි කර්මාන්ත නංවන්න. කෑම බීම ලැබෙනවා, රජයේ ප්‍රතිසංස්කරණ වැඩ වලට රජයට උදව් කරන්න හොරුන්ට උන්ඩියල් ජාවාරම් කරන්න අනුබල දෙන්න එපා...

:       3       27

විපරමා Sunday, 07 December 2025 08:26 PM

ගසාකන්න බලාගෙන ඉන්න අය කොහේත් ඉන්නවා. ඒක ඔවුන්ගේ හැටියක්...

:       2       21

සෙනෙවිරත්න Sunday, 07 December 2025 08:31 PM

මිලානෝ වැසියෝ, මේක අහන්න මේ තියෙන්නේ අනුර කුමාර ආණ්ඩුව මිස රාජපක්ෂ රජයක් නොවෙයි, සුනාමි සල්ලි කාපු අය දැන් නැහැ. රජය හඳුන්වා දුන් ගිණුම් විගණනයට යටත්...

:       5       35

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 302 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 417 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 393 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site