IMG-LOGO

2025 ඔක්තෝබර් මස 21 වන අඟහරුවාදා


නොරටුන් ඉදිරියේ නිවටුන් වීම

සර් ජෝන්ගේ නොපළ කතා

 

අධිරාජ්‍යවාදීන් මෙරට පාලනය කළ කාලයේ ස්වදේශික මිනිසුන් නිවට බියගුලු පුද්ගලයන් බවට පත්කර තිබිණි. ශ්‍රීමත් ජෝන් කොතලාවලට මෙය ඉවසුම් නොදෙන තත්ත්වයක් විය. ඔහු නිතරම අධිරාජ්‍යවාදීන්ගේ උඩඟු ක්‍රියාවන්ට එරෙහි වූවෙකි. සුදු හමක් ඇති අධිරාජ්‍යවාදීන් මිහිබට සුර දූතයන් සේ සැලකීමට ස්වදේශිකයන්ට තිබූ පුරුද්දට එරෙහිව ඔහු නිතරම කටයුතු කළේය. 


දිනක් කුරුණෑගල දිස්ත්‍රික්කයේ ආණ්ඩුවේ ඒජන්තවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත් වූ රැස්වීමකට ජෝන් කොතලාවල මහතා ද සහභාගී වී සිටියේය. මේ රැස්වීම සඳහා යම් තරමකට සමාජ බලයක් සහිත ස්වදේශිකයෝද සහභාගී වී සිටියහ. ඒජන්තවරයා තමන් ප්‍රදේශය පාලනය කරන ආකාරය විස්තර කළේය. රටේ මහත්වරු ඒජන්තවරයා විසින් කියන දේ ඔප මට්ටම් කර මහජනතාවට කියා දීමේ රාජකාරියේ නිතර වූහ. ඔවුන් එය කරන ලද්දේ නිවටයන් රැළක් මෙනැයි ජෝන් කොතලාවල මහතා සටහන් කර තිබේ. 
ඔහු ඒ ගැන විස්තර කරන්නේ මේ ආකාරයෙනි. 


“ඔවුන් ඒජන්තවරයා කියන කියන දේ මහජනතාවට කියා දුන්නා. මා කෝප ගැන්වූයේ මේ කාරණය නොවෙයි. ගම්බද වැසියන් ඉදිරියේ මහා බලවතුන් සේ හැසිරෙන මේ රටේ මහත්වරු ‘ඒජන්තතුමා’ යන වචනය ඇසෙන ඇසෙන වාරයක් පාසා පුටුවෙන් අඟල් තුනක් පමණ නැගී සිටීම මගේ පුදුමයට හේතු වුණා. රටේ මිනිසුන් පාලනය කරමින් සිටින රටේ මහත්වරු සුදු ජාතිකයන් හමුවේ කොතරම් නිවට බියසුලු මිනිසුන්ද කියා මට හිතුණා. මෙය කිහිප වරක්ම බලා සිටි මම මේ දර්ශනය ඉවසිය නොහැකිව මෙහි තේරුම කුමක්දැයි ඒජන්තවරයාගෙන් විමසුවා. ඔහු මා දෙස බලා සිටින විට මා යළි ඇසුවේ “තමා සුරදූතයෙක් යැයි මේ මිනිසුන්ට කියා තිබේද?” යනුවෙනි.


“මෙය මේ පළාතේ සාමාන්‍ය සිරිත.” ඒජන්ත කියා සිටියේය. 


එය කුරුණෑගල ප්‍රදේශයේ සාමාන්‍ය සිරිත යැයි ඔහු කීවාට මට එය ඉවසිය නොහැකි පිළිකුල් දර්ශනයක් නිසා වහාම ඒ ක්‍රියාව නවත්වන්න යැයි ඒජන්ත තැනට කෝපයෙන් යුතුව කීවා.


මෙරට සාමාන්‍ය ගැමියන් තළා පෙළා තමන් වංසක්කාරයන් ලෙස පෙනී සිටින අය සුදු ජාතිකයන් ඉදිරියේ නිවට ලෙස හැසුරුණු තවත් සිද්ධියක් ගැන ශ්‍රීමත් ජෝන් කොතලාවල මහතා සටහන් තබා ඇත. 


“ඒ දිවා භෝජනයක්. එදා වැඩබලන ආණ්ඩුකාරයා රටේ මහත්මයකුගේ නිවසට ආවා. මේ ආණ්ඩුකාරවරයාට ගෞරවයෙන් දිවා භෝජනයක් පිළියෙල කර තිබුණා. මම එහි කිසිම වරදක් දකින්නේ නැහැ. තම නිවසට පැමිණෙන ආණ්ඩුකාරවරයාට නොවෙයි වෙනත් ඕනෑම කෙනෙකුට ආහාර පාන ආදියෙන් සංග්‍රහ කිරීම අපේ මිනිසුන්ගේ සිරිතක්. නමුත් මා පුදුම වූයේ කෑම බීම ඔබ මොබ රැගෙන යාමේ කාර්යය ගම්බද උසාවිවල නඩුකාරයන්ට භාර වී තිබෙනු දැකීමෙන්.


ඔහු පවසන්නේ රට පාලනය කළ ජාතියට අයත් මේ සම්භාවනීය අමුත්තා ඉදිරියේ සාමාන්‍ය සේවකයන් පෙනී සිටීම ඔහුට කරන අවමානයක් යැයි රටේ මහත්තයා ඇතුළු පිරිස සිතූ නිසා කෑම සැපයීමේ සංග්‍රහ කටයුතු නඩුකාරයන්ට භාර දී තිබූ බවයි. මෙය සැබැවින්ම විහිළුවකි. නඩු ඇසීමට පළපුරුද්ද තිබුණත් කෑම බඳුන් ඔබ මොබ ගෙන ගොස් අවශ්‍ය පරිදි සංග්‍රහ කිරීමේ කිසිදු පළපුරුද්දක් නොතිබූ නඩුකාරයන් රටේ මහත්තයාගේ පිඟන් ටික බේරාගත්තේ කෙසේ දැයි පුදුමයක් බව ද කොතලාවල මහතා සඳහන් කර තිබේ. 
“එක් නඩුකාරයකුගේ අතින් මගේ පිටේ සුප් කෝප්පයක් හැලුණා. මම දැඩි සේ කෝපයට පත්වුණා. එය ඔහුගේ අත්වැරදීමකින් සහ පළපුරුද්දක් නොවූ කමින් සිදුවූවක් වුවත් මම ඔහුට බැණවැදී මේ කරන ලද නින්දා සහගත කාර්යය සම්බන්ධයෙන් රටේ මහත්තයාට ද හොඳටම දොස් කීවේ මින් ඉදිරියට මෙවැනි පහත් සහ ලජ්ජා සහගත දේවල් නොකරන ලෙස ද පවසමින්.”

 


සජීව විජේවීර
ඡායාරූප අන්තර්ජාලයෙනි



අදහස් (0)

නොරටුන් ඉදිරියේ නිවටුන් වීම

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1120 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1134 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 430 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site