IMG-LOGO

2025 ඔක්තෝබර් මස 24 වන සිකුරාදා


ළිඳ ළඟ බැල්ම දාලා උණු වතුරෙන් නාලා

(කරන්දෙණිය එම්. සුසිල් ප‍්‍රියන්ත)
කළුවරේ ළිඳ ළඟ හඹුරුගාලේ සිට බැල්ම දමමින් සිටියදී අනපේක්ෂිතව එල්ල වූ උණුවතුර ප‍්‍රහාරයෙන් බැල්ම හෙළුවේ කවුද යන්න හෙළිවූ පුවතක් දකුණු පළාතේ දුෂ්කර ගම්මානයකින් වාර්තාවේ.


ඇය නගරයේ ඇඟලූම් කර්මාන්ත ශාලාවක සේවිකාවකි. දවසේ වැඩමුරය හමාර වී ඇය නිවසට පැමිණෙනුයේ රාත‍්‍රී 7ත් 8ත් අතර කාල පරාසයක් තුළය. වැඩ අහවර වී කළුවරේම පැමිණෙන ඇය මුළුතැන්ගෙය ආසන්නයේ ඇති ළිඳ ළඟට යනුයේ එක්කෝ දිය නාගන්නය. නැතහොත් ඇඟපත සෝදාගන්නටය. නිවසේ ළිඳ පැත්තට වන්නට විදුලි බුබුළුක් තිබුණ ද ඇඟපත සෝදා ගැනීමට ළිඳ ළඟට ගිය විට එම විදුලි බුබුල දල්වන්නේ නැත.


එදා ද ඇය වැඩ ඇරී නිවසට පැමිණියේ කළුවරේමය. සුපුරුදු පරිදි එදාත් ඇය මුළුතැන්ගෙයි ආසන්නයේ තිබූ ළිඳට කළුවරේම ගියේ ඇඟ සෝදාගන්නටය. ළිඳේ වතුර බැස ගියේ ළිඳ ආසන්නයේ ඉතා සරුවට වැවී තිබූ හඹුරු ගාලකටය.  ඕනෑම කෙනකුට පිටතට නොපෙනෙන සේ එම හඹුරුගාලේ රාත‍්‍රී කාලයට පමණක් නොව දිවා කාලයට ද හැංගී සිටිය හැකිය. ඒ තරමටම හඹුරු ගස් වැඞී තිබුණි.


එදා රාත‍්‍රියේ ඇයගේ මව රාත‍්‍රී කෑම පිළියෙළ කරමින් සිටියාය. ඇය උණුවතුර ලොකු මැටි කෝප්පයට දමා මුළුතැන්ගෙයි ආසන්නයේ තිබූ හඹුරුගාලට විසි කළාය. ඒ සමගම බුදුඅම්මෝ මං ඉවරයි කියමින් මරලතෝනි දෙමින් හඹුරුගාල ද පොඩිකර ගෙන කෙනෙක් දිවගියේය.


දිවගිය කෙනා කවුද යන්න විදුලි බුබුළු දමා සෙව්ව ද එදා රාත‍්‍රී සොයාගැනීමට නොහැකි වුවත් උණුවතුර වැටී සමේ පිළිස්සුම් තුවාල ඇතිවූ ගමේ කෙනා කවුද යන්න ඊට පසුදින ගමේ අයට සොයා ගැනීමට හැකිවිය. ඒ සමගම මෙතෙක් කලක් රාත‍්‍රී කාලයේ ගමේ ළිං ළඟ බැල්ම දැමූ කෙනා කවුද යන්න හෙළිවිය.



අදහස් (0)

ළිඳ ළඟ බැල්ම දාලා උණු වතුරෙන් නාලා

රංග තෙනුවර Wednesday, 19 August 2015 05:11 AM

ආදි කාලේ කිව්වේ ලස්සන ගැහැණියගේ ශරීරය ගමටම අයිතියි කියලයි.(ම)

:       0       0

සම්පත් Tuesday, 18 August 2015 08:31 AM

නිසි වයසට බදින්න ලැබෙන්නේ නැහැ සමාජ ආර්ථික ප්‍රශ්න නිසා එක්කෝ බැදපු කෙනාගෙන් යුතුකම් හරියට ඉටු වෙන්නේ නැහැ .මිනිස්සු මේ වගේ ප්‍රයෝජනයක් නැති දේවල් අවදානමක් අරන් කරනවා අනුකම්පා කරන්න (ම)

:       0       0

මොහොමඩ් Monday, 17 August 2015 11:17 AM

සරත් ඔයාටත් මේ ලෙඩේ තියෙන පාටයි (අ)

:       0       0

සරසි Monday, 17 August 2015 11:47 AM

මම නම් වෙන කිසිම රටක මේ ලජ්ජා නැති වැඩේ තියනවා කියලා අහල නැහැ. මේක මේ ලංකාවේ සමහර පිරිමින්ගේ ජානවල තැන්පත් වෙච්ච කරුම මානසික ලෙඩක් ද කොහෙද (නදී)

:       0       0

ශාන් Monday, 17 August 2015 12:38 PM

උණු වතුර පාර කාල තියෙන්නේ සරණ වගේ! (නදී)

:       0       0

අයේෂා Wednesday, 19 August 2015 06:21 PM

අනේ අම්මපා නියම දඬුවම! (නි)

:       0       0

සරණ Monday, 17 August 2015 06:38 AM

හොරෙන් බලන එක බැලෙන කෙනාට හා සමාජයට කැත පහත් තුච්ච වැඩක්. හැබැයි බලන කෙනාට විනෝදජනක ආශ්වාදනීය වැඩක්(නදී)

:       0       0

සෙලිනා Monday, 17 August 2015 06:50 AM

සරණ බලාගෙනයි උණු වතුර පාරක් ලැබුනොත් වස ලැජ්ජාවයි වෙන්නේ (අ)

:       0       0

පිටබැද්දර ජයා Monday, 17 August 2015 07:18 AM

සරණත් එහෙනම් ඇහැට කෑම දීල වගෙයි නේද ? (නදී)

:       0       0

කාන්ති Monday, 17 August 2015 07:44 AM

මේක ඉතින් අනාධිමත් කාලයක සිට ලංකාවේ සමහර පිරිමින්ට ආවේනික ලෙඩක් නොව. පිරිමි කමක් කියලා දෙයක් නැති නිසානේ හොරෙන් හැංගි හැංගි බවලතුන් නාන දිහා බලන්නේ. (නදී)

:       0       0

දුල්මි Wednesday, 19 August 2015 12:32 AM

කාන්තාවකගේ ශරීරය කියන්නේ හැම පිරිමියෙකුටම නරඹන්න පුළුවන් ප්‍රදර්ශන භාණ්ඩයක් නෙමෙයි කියලා මතක තියාගත්තොත් හොඳයි. (නි)

:       0       0

රූපවතී Monday, 17 August 2015 09:35 PM

සරණ,ඔයා වගේ මානසික ලෙඩ්ඩු ඉන්නේ ලංකාවෙයි ඉන්දියාවෙයි විතරයි. දියුණු රටවල් වල බුද්ධිමත් මිනිසුන් බහුලයි. ඒ මිනිසුන් ඔවැනි පහත් වැඩ කරනවා අඩුයි. (නි)

:       0       0

කරුණාරත්න Monday, 17 August 2015 09:47 PM

හොඳ වැඩේ! (නි)

:       0       0

සරණ Monday, 17 August 2015 08:52 AM

කාන්ති එහෙම කියන්න එපා. හොරෙන් බලන්නෙ ගුටි කන්න වෙන නිසයි. අනික මේක ලංකාවෙ විතරක් වෙන දෙයක් නෙමෙයි. හැම රටකම තියෙනව. ලංකාවෙනම් ආගමෙන් දහමෙන් ලබපු විනයත් එක්ක සාපේක්ෂව අඩුයි. (අ)

:       0       0

දුමින්ද Monday, 17 August 2015 08:52 AM

පුංචි මානසික රෝගයක් (අ)

:       0       0

සෙලන්සියුස් Monday, 17 August 2015 09:11 AM

දැන් දකුණු පළාතේ දුෂ්කර ගම්මාන නැහැනේ (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1313 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1241 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 455 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site