ජංගම දුරකථනය මගින් හාදවී සතියක් ගතවීමට පෙර නොදුටු පෙම්වතා සොයා පැමිණි දාහතර හැවිරිදි පාසල් සිසුවියක් නගරයේ රාති‍්‍රයේ අතරමංවී සිටියදී රක්වාන පොලීසියේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක නිරෝෂණ අබේකෝන් මහතා ඇතුළු නිලධාරින් පිරිසක් විසින් ඇය බේරාගැනීමට හැකිවීමේ පුවතක් පෙරේදා (22) දින රක්වාන පොලීසියෙන් වාර්තා වේ.
මෙම තරුණියගේ මව විදේශ රටක රැකියාවකය. මිත්තනිය භාරයේ පසුවන ඇය උසස් පාසලක 10 වසරේ අධ්‍යාපනය ලබන්නීය. ඇය සිය ජංගම දුරකථනයේ සටහන් වූ වැරදි අංකයකට පිළිතුරු දීමට ගොස් රක්වානේ පදිංචි තරුණයෙකු සමග පෙම් සබඳතාවක් ඇති කර ගත්තාය.
පෙම් සබඳතාවයට සතියක් ගතවීමටත් පෙර නුදුටු පෙම්වතාගෙන් ආරාධනාවක් ඇයට ලැබිණි. ඒ පෙම්වතාගේ නිවසට පැමිණ කතාබස් කර දෙදෙනාට දෙදෙනා හඳුනාගනිමු කියාය. පෙම්වතාගේ ආරාධනාව පිළිගත් පෙම්වතිය පෙරේදා (22) පෙරවරුවේ ගලේවෙල සිට රක්වාන නගරයට ළඟා වන විට රාතී‍්‍ර 8.00 ට පමණ ඇත. දුරකථනයෙන් කලින් කථාබස් කරගත් පරිදි තමා පිළිගැනීමට පෙම්වතා නගරයට පැමිණ සිටියේ නැත.
ඒ අසල ඇති දුරකථන කුටියකට ගොස් පෙම්වතාට කථා කරමින් සිටියදී ඇයගේ බියපත් හැසිරීම ගැන විමසිල්ලෙන් නිරීක්‍ෂණය කරමින් සිටි තී‍්‍රරෝද රථ රියදුරෙක්, ඒ ගැන පොලීසියට දැන්වීය. ඒ අනුව පොලීසිය පැමිණ තරුණියව පොලීසියට කැඳවාගෙන ගොස් සිදුකළ විමසීමේදී ඉහත සඳහන් කරුණු අනාරණය විය.
රක්වාන පොලීසියේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක නිරෝෂන් අබේකෝන් මහතාගේ උපදෙස් මත පොලිස් සැරයන් 30102 තරංග, 17728 නිශාන්ත යන නිලධාරීහු මේ සම්බන්ධව තවදුරටත් පරීක්‍ෂණ පවත්වති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මවක් සල්ලි සොයන්න රටින් පිට යාමේ පල විපාක තමයි. අද අද කාලයේ මේ වයසේදී දරුවන් ලඟින්ම ඉන්න ඕන . විශේෂයෙන් ගැහැණු දරුවන්ගේ. ත්‍රිරෝද රථ රියදුරාගේ දරුවන්ට කවදාවත් වරදින්නේ නැහැ. මේ දරුවාගේ පෙර පිනක් නිසා බේරුනා. හැබැයි ඉතින් අපි ඔය වයසේදී නම් මිට වැඩිය විචාර බුද්ධියක් තිබුනා. (ර)
මෙහෙමත් කෙල්ලෝ? 10 වසරෙ වෙලත් මොළේ් තරම? අනේ අනිච්චං! (නි)
අවංක ත්‍රිරෝද රථ රියදුරාට මගේ උපහාරය, පොලිසිය ඉන්නේ පඩි අරගෙන මිනිස්සු ආරක්ෂා කරන්න වුණාට අර අවංක ත්‍රිරෝද රථ රියදුරාගේ දැනුම්දීමට ඉක්මන් පියවරක් ගතපු එකටත් පොලිසියටත් පැසසුම් දෙන්න (ම)
මොළය කළඳක්වත් නැද්ද? හැබෑටම මේ දැන් කාලේ හැදෙන ළමයින්ට මොකද වෙලා තියෙන්නේ? (නි)
පනින්නට පෙර දෙපාරක් සිතා බලනු දරුවනී ජීවිතය අන්ද කරගන්න එපා (ම)
දහය වසරේ ඉගෙන ගත්තත් මොළය නම් දෙක වසරේ. මෙහෙමත් මෝඩ කෙල්ලෝ. (නි)
අයියෝ ඒ දරුවා කොහොම හරි මේ පාර බේරුනා. ඒත් ඊලග පාර සරණක් නැති දරුවෝ. (අ)
අපේ රටේ, මිනිසුන් කම්මැලි වීමත්, කාන්තාවෝ මුදලට ගිජු වෙලා ගෙදරින් එළියට පැනීමත් තමයි මේ විනාසේ. ලද හැටියට ජීවත් වෙන්න කැමති නැතිව යස ඉසුරු සොයා යාමේ විපත තමයි මේ.(ම)
මෙවැනි පුවතක් දැමීම ගැන ලංකාදීපයට මගේ ප්‍රණාමය. මෙය දැකීමෙන් තවත් ගොඩක් දෙනෙක්ගේ අවදානය යොමුවේවි මේ ආකාරයට දරුවන් බේරාගන්න. (හේ)
දුරකථන කුටියෙන් කතා කරන්නේ මොකද? ජංගම දුරකථනය කෝ? අනික ගලේවෙල ඉඳලා එනගමන් මඟින් මඟට ඇමතුම් අරන් නැද්ද? (නි)
ත්‍රිරෝද රථ රියදුරාටත් පොලිසියටත් ජනතාවගෙන් මල් මිටක් ........!(අ)
මෙහෙම ගියොත් රටේ තරුණ පරපුරට මොනවායෙන් මොනවා වේවිද දන්ෙන් නැහැ (අ)
මේ ළමයාගේ වාසනාවකටද කොහෙද මෙයින් බේරුනා. (නි)
දාහතර හැවිරිදි දැරිය මහ රෑ ගෙදර නැති බව ආච්චි දැනගෙන හිටියේ නැද්ද? නුදුටු පෙම්වතා කොහොම වුණත්, වනචර ත්‍රිරෝද රියදුරෙකුට ඇය බිලිවෙන්නත් තිබුණා. එතන හිත හොඳ, අවංක මනුස්සයෙක් නොසිටියා නම් ...? (නි)
මේ ලංකාදීපයේම මේ වගේ ගමන් ඇවිත් අනාත වී අතරමන් වෙච්ච ළමයි කි දෙනෙක් ගැන ලියවුනාද. මේ ළමයා පත්තරයක් විහිළුවටවත් කියවන්නේ නැ වගේ. (ර)
යහාපාලනය (අ)
පොඩි දරුවන්ට පුදුම මානසික අසහනයක්නේ තියෙන්නේ (නි)
ආශාවන්ට වහල්වී ඒ දේවල් ඉටු කරගන්න ගියාම ලැබෙන ප්‍රතිඵල භයානකයි. ඔතනින් බේරුනේ මේ ළමයාගේ පෙර කළ වාසනවකටයි. විනීත රියදුරු මහතෙක්. (නි)
ත්‍රිරෝද රථ රියදුරන් අතරේ වැදගත් මහත්වරු ද සිටිනා බව මෙයින් තහවුරු වේ. (ම)
ත්‍රී රෝද රථයේ රියදුරු මහතාට පින් සිදු වේවා.. නැත්නම් හෙට උදේ තවත් අවාසනාවන්ත පුවතක් පත්තරේට වැටෙන්න ඉඩ තිබුණා.. (ම)