අතුරකට රාත‍්‍රියේ නැඟී හොරෙන් පොල් රා බිවු මිතුරන් දෙදෙනකු සිය ඇඳිවතද අහිමි කරගෙන නිවෙසට යාමේ සිද්ධියක් බෙන්තර ගඟ අසබඩ ගම්මානයකින් වාර්තා වේ.
ඉඳහිට අතුරකට නැඟී හොරෙන් රා බීමට හුරු වී සිටි මිතුරන් දෙදෙනා සිය කමිස හා සරොම් ගලවා ගස මුල තබා අතුරේ පොල් ගස් දෙකකට නැඟ ඒවායේ මුට්ටිවල තිබූ රා බීවූහ.
රා බී ආපසු ගස්වලින් බසින විට ඔවුන්ගේ ඇඳුම් අතුරුදන්ව තිබිණි. අවට සොයා බැලූවත් ඇඳුම් සොයාගත නොහැකි වූ නිසා යට ඇඳුම් පිටින්ම ඔවුහු ගෙදර ගියහ.
පසුදින අතුර හිමියාගෙන් ඔවුන්ට පණිවිඩයක් ලැබිණි. එනම් නැති වූ ඇඳුම් අවශ්‍යනම් තම නිවෙසට එන ලෙසය. එහෙත් ඔවුන් තවමත් ඇඳුම් ගෙන ඒමට ගොස් නැත.
පසුව හෙළිවූයේ හොරෙන් රා බොන අය අල්ලා ගැනීමට එදින රෑ පරීක්‍ෂාවෙන් රැක සිටි අතුරේ හිමිකරු හොරෙන් රා බීමට පැමිණි අය හඳුනාගෙනම ඔවුන්ගේ ඇඳුම් රැගෙන ගොස් තිබූ බවයි.
හොරෙන් රා බීවූ දෙදෙනාම අතුර හිමිකරුගේ හිතවතුන් දෙදෙනකු වීම නිසා අතුර හිමිකරු මෙයින් එහාට ඔවුන්ට විරුද්ධව කටයුතු කළේ නැතිලූ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම නම් අද මේ ගැන මොකුත්ම ලියන්නේ නැහැ, සිද්ධිය බෙන්තර ගඟෙන් එහා නිසා. රූපවතී අක්කාගෙන් අහලා විස්තර පස්සේ අහගන්නවා. (නි)
එන්න එපා ඕනේ නැති පද හදන්න. කියනවා අම්මිට?(නදී)
ඔයා නම් නියමයි පහන්. දෙයියෝ සාක්කි වලට වඩා මම කැමති ඔයාගේ කතාවලට.(නදී)
මිනිසාගේ පරම සතුරා මත්පැන් සහ මත් කුඩු ය .එහෙත් සියලුම ආගම් පවසා ඇත්තේ සතුරාට ප්‍රේම කරන ලෙසය. (ස)
කුමාරිහාමි හරි. තෙලිජ්ජ සහ රා කියන්නේ දෙකක්. කොහොම වුණත් මෙතන දාලා තියෙන අදහස් දැක්කම පිස්සු ඩබල් වෙනවා. (නි)
චතු කෙල්ලේ, ඔය ලියලා තියෙන්නේ ඔයා නම් නියම පහන් කියලා ඔයා කොහොමද ඒක දන්නේ....පහන් කියවීමේ හැකියව නැති කෙනෙකුට පොතක් බලලා කියවීමේ හැකියාව තියනවද? එතකොට ඔයා ඔය කියන තේරුම් ගැනීමේ හැකියාව ලැබෙන්නේ කොහොමද ...එ නිසා වචන තියන පලියට ලියන්න එපා ..වැකි ලස්සනයි අර්ථය පිළිබද ගැටළු ඇති වෙනවා .ගමේ වෙල් යායේ ක්‍රිකට් ගහනකොට හයෙ පාරක් වැදුනට පිස්සෝ වගේ බැට් උස්සන් දුවන්න එපා හයේ පාරවල් වදින්නේ නැහැ ....අනිත් එක මගේ අසනීපය හොඳ වෙන්නේ කවද හරි රුපව කරකාරේට ගත්ත දවසට ඔං..... (ස)
මැදිවියේ මිනිසෙකු බීර බෝතලයක් තොල ගාමින් සිටී මැදිවියේ කාන්තාවක ඔහුගෙන් මෙසේ ඇසීය ඔබ දිනකට බීර බෝතල කීයක් බොනවද ?තුනක් පමණ මිනිසා පිළිතුරු දුනි. ඔබ බීර බීමට පටන් ගෙන කොපමණ කල් ද ?අවුරුදු 35 පමණ මිනිසා කීය. අවුරුදු 35 කට බීර සඳහා ගිය වියදම ගණනය කල ගැහැණිය මෙසේ කීය .ඔබ ඔය මුදල් ඉතිරි කලා නම් ඔබට ෆෙරාරි රථයක් මිලදී ගත හැකිව තිබුණා .මිනිසා පෙරලා ගැහැනියගෙන් මෙසේ ඇසීය. ඔබ බීර බොනවද ?නැහැ ගැහැණිය කීය. එහෙනම් කෝ ඔයාගේ ෆෙරාරි කාරෙක ? (ස)
පහන් ඔබේ කතාව මමත් කියවල තියනවා .නමුත් මතක් උනේ දැන් ඔබේ කතාව දැක්කම .ඔබට ස්තුති රස කතා වලට .(අ)
ඉන්දු මම මත්පැන් දුම්වැටි විරෝධියෙක්. හැබැයි බොන තැන එළිවෙනකම්ම සින්දු සහ කතා කියකිය ඉන්නවා.මගේ බොක්ස් ගිටාර් එකත් අරන් මම පාටිවලට යනවා. අන්තිමට උන්ගේ වමනේ අදින්නෙත් මම. කියලා වැඩක් නැහැ අපේ බේබද්දෝ ගැන (නි)
පොල් රා ටිකක් බීලා ජොලියක් ලබලා - කරුමෙට පදම වැඩිවී ඇඳිවත් පුදලා - ලංකාදීපේ කියවන සැම සතුටු කළා - එන්නම් ගොහින් කතු තුමා හට පවන් සලා...... (නි)
මමත් පානය කරලා තියනවා.අපේ පැරැන්නෝ හවසට ඕවා පානය කරන්නේ. කෝ ඉහෙන් බහින රෝගයක් තිබුනේ නැහැනේ. ඒත් දැන් නම් විවිධ දේවල් දාන නිසා කවුරුවත් බොන්න එපා. (නි)
ඉංග්‍රීසි පුවත් පතක තිබු ලස්සනම ලස්සන කතාවක් මම සිංහලට ලියල එව්වා අනේ පලකරලා නැහැනේ. (නදී)
මදුකා, ඔයා මොනවා කනවද මම දන්නේ නැහැ. මම දන්නා කාලේ ඉඳලා හරක් කන්නේ තණකොළ. බොන්නේ පුන්නක්කු, (නි)
චතු ඔයාට පහන් ගෙදර ගෙනියන්න ඕනේ නම් මාව අමතන්න. හැබැයි ඉතින් ඔය ව්දිහට නා ගන්නේ දකුණේ මල්ලිලා තමයි. විජේසිංහ මහත්තයෝ, විජේසිංහ දකුණ බේරා ගන්න මෙහෙම වලි කනවා. චතු නංගී අර කොල්ලගේ කතා වලට ලෙලි යනවා. රූපවති අප්පච්චිගේ රා මුට්ටිය බිලි දෙනවා. අනිත් ඈයෝ පුරුදු ලෙසට මහා පාරේ ඇලවෙනවා. ඩෙගු ඩෙගු පරි රබුටු කැකිරි.(නදී)
මම නම් කැමති "දෙවියෝ සාක්කි " වලට වඩා ඔයාලගේ ප්‍රතිචාර බලන්න, හරිම රසවත්.ඔයාලා හැමෝම හරිම විනෝදකාමී අය. (නි)
මේක ලංකාදීප ඊයේ නිවුස් වලත් තිබ්බා වගේ මතකයි? බන්දුල පෙරේ...රා...හැදිලා තියෙන්නෙත් රවලින්ම තමා.චන්ඩි අක්කේ රූපවතී අක්කේ මොකද කියන්නේ මේක ගැන? (නදී)
අනේ ෂෙරීෆ් ..සොයුර මම නම් කුරුණෑගල..මමත් කුඩා කාලේ රා බීලා තියනවා..ඒ අපේම වත්තේ ගහකකින් ගෙදර පාවිච්චියට පැණි සහ අවශ්‍ය නිවසේ පරිහරණයට පොල් රා අප්පච්චි උපයෝගි කරගත් නිසා ..? (ස)
ඇත්ත රූපවති, ඔයා මම ගැන දැන් දැන් දන්නවා එහෙනම්...ඒ සුවද අතීතය මට අමතක කරන්න බැහැ. (නි)
රූපවතී අක්කේ, එහෙම නැතුව කොහොමද ඔයාව ලංකාවේ එක්කෙනෙකුට දීග දෙන්නේ? හදපානේ සොහොන් ගානේ කොල්ලෝ එක්ක මිනී ඔලු ඇහිදින්න යනකොට ඔයාගේ අප්පච්චිට තේරෙන්න ඇති මොකුත්ම නොතකන සුද්දෙකුටම තමයි දීග දෙන්න ඕනෑ කියලා! දිසාගේ පිනකට බේරුනා (නි)
දැන් ලියන්න දෙයකුත් නැහැ. ඔළුවට එන්නෙත් නැහැ පොඩ්ඩක් ඇස් දෙක පිය වෙන කොටම එන්නේ රූ සහ චන්දි එක්ක ඔට්ටු සෙල්ලන් කරනවා රූප වැලි පොල්කටු බත් උයනවා . චන්දි තණකොළ ගෙනල්ල මැල්ලුම් මලවනවා. ඔය වගේ හීන තමා පේන්නේ. බැරිම තැන පෙරලුවා ලංකාදීපේ ලිව්වා විරිදුවක්. හීන ලෝකේ දුර ගිහිල්ල රුපගේ වැලි බත් ගිලින්න පොඩ්ඩ පොඩ්ඩ මෑත් වෙලා චන්දිගේ මැල්ලුම බුදින්න ගාට ගාට ඇවිද ගිහින් රුපගේ නෙරියෙන් අදින්න මෑත මෑත එන බක්මහේ නාදල්ලේ රස බලන්න තිලක්ගේ අර කිතුල් මලේ කවුද හොරෙන් රා බොනවා අල්ල ගන්න බැරි වෙනකොට තිලක් ඇටේ වලලනවා. මලේ සුවද රොන් බීලා බාප්පාට බඩ යනවා .... තිලක් පුතේ කවද හරි කල කරුමය පලදෙනවා.(නදී)
මොඩ් කොල්ලෝ ටිකක් දවසක් ආච්චි කෙනෙකුට පොලිටිකල් උගනන්න ගියාලු. ආච්චි කිවුවලු, හා හා ළමයිනේ පොලිටිකල් කියන්නේ කලටිපොල් නේ කියලා. (නි)
සකුරා මල් පිපිලා.., හරි සුවදයි.., සකුරා ඇවිදින් !! පත්තරේ දොරකඩ හිනැහෙන්නේ !! හදපිරි සතුටින් අපි ඔබ පිළිගන්නේ ...!!!!! (නි)
මදුක කියලා ගෙම්බෙක් දකුණට ආවඩනවා. බෙන්තර ගඟෙන් මෙහාට පනින්න එපා. ගෙබි සුප් එකට ගනී .. (ස)
සද දිය උතුරා අපතේ යයි ගිලී නාන්නට එන්න ප්‍රියේ... තරුකැට ගිලිහී දියේ ගිලෙයි ඒ තරු ඇහිදින්නට එන්න දියේ. // (නි)
උගුඩුවෝ රා බිව්වා වගේ (නි)
ෂා... පහන් ඔයාට ගිටාර් ප්ලේ කරන්නයි සින්දු කියන්නයිත් පුලුවන්ද ?(නදී)
ආ සරත් අයියේ, මම ඔයා වගේ බබෙක් නොවෙයිනේ. මට රා ගැන දැනුම අඩුයි වගේ තමා. රා මැදීම ගැන විස්තරයක් කරන්නකෝ අපි හැමෝටම දැනගන්න. එතකොට කැමති කෙනෙකුට තමන්ගේ වත්තේ ගහක් මැද ගන්නත් පුළුවන්නේ. (ස)
හේරත් ගොයියෝ,දිසානායක, මං දකුණට ආවඩනවට කට මැත කියවන එකට මං එහෙම කිවුවේ.කොහොමත් ඔයා කිවුව දේ තමයි දැනටත් වෙන්නේ. ඒකයි දකුණේ මිනිස්සු හරක් මස් කන එක ගොඩක් දුරට අඩු කරලා තියෙන්නේ.සමහරක්ට මං කිවුව දේ වැටහිලා නැහැ (නි)
තුරුවැල් අහගෙන සිටින නිසා කට වහගෙන හිටියොතින් ගුණයි... රාත්‍රියට ඇස් තියෙන නිසා දගවැඩ හොද නෑ බලාගෙනයි. // (නි)
මදුක කියල කෙනෙක් ඔන්න මේ පැත්තට පනිනවා (දී)
අනේ ,වරුණ මල්ලියෝ, මට මේකට කියන්න තියෙන්නේ එකම දෙයයි.පුලුවන් නම් අපි දෙන්නා එකතු වෙලා අර දෙන්නගේ ඇදුම් ටික( රා මුට්ටිය අයිති කෙනාගෙන් )අරගෙන ඇවිල්ලා දෙමු. මොකද තාම ඉන්නේ ඇදුම් නැතුවද දන්නේ නැහැනේ (මං කිතුල් රා නම් බිලා තියෙනවා පොඩිකාලේ. ඒත් පොල් රා ගැන දන්නේ නැහැ) (නි)
වරුණ මල්ලි, ක්‍රෝධය, වෛරය කුහකකම,ගුණමකුකම,අසත්පුරුෂකම ආදී මෙකී නොකී හැම දුශ්චරිත ලක්ෂණයක්ම ඔයාගේ ඇගෙන් පෙරෙනවා.මොකක්ද මේ බණ්ඩාරගේ උණහපුලු කතාව..? (නි)
"තෙලිජ්ජ සහ රා කියන්නේ දෙකක්." ...ඉතින් අනේ මේවා කියවලා කසිප්පු ගහලද පිස්සු ඩබල් වුණේ? මේ ඔක්කොම එකම ගහේ බඩු ලොකු උන්නැහේ.... (නි)
"රා බිවූ මිතුරෝ ඇඳිවත පුදා ගෙදර එති" මේ එන්න එපා පද හදන්න. අපටත් නම්බුවක් තියෙනවා. ඔයාල දැක්කේ නැතිද ඇඳිවත පුදා ගෙදර ආවේ උපන් ඇඳුමින් කියල. නරකද මහා රෑ මෝහිනී බයකරලයි අපි ගෙදර ආවේ චන්දී අක්කේ.(අ)
දිසා අංකල්, ඔයා තේරුම්ගත් විදිහයි වැරදි. මම කිවුවේ පහන් නියමයි කියලා නෙමෙයි, පහන්ගේ කතා නියමයි කියලා (නි)
දිසානායක ,දකුණේ වැඩි පිරිසක් හරක් මස් කන එක නැවැත්තුවා.(නදී)
ඔයාලගේ කතා වලට නම් හරිම හිනා යනවා. මම හරිම ආසාවෙන් මේ අදහස් කියවන්නේ. පහන්ගේ කතා හරි ලස්සනයි. පහන් නම් සතුරාට තදින්ම ප්‍රේම කරනවා වගෙයි මට පෙන්නේ. (නි)
කුමාරිහාමි නගාට තරහා හිහිල්ලනේ, මම 'රා' ගැන කිවුවට තේරෙයිද මන්දා. (නි)
පිම්බුවාට බඩ අනේ ගෙම්බාගේ නැ හැඩ දකුණට බැන බැන සමහරු පචවෙනවා බොල ,,,,,,, ඇත්ත කියලා දැන්වත් පිළිගන්න ඔයාලා හණමිටි අදහස් ගෙනියන ගොන් හරක්ද ඔහෙලා ,,,// (අ)
කරිඤ්ඤන් ටිකක් ගැහුවා නම් ගස් යන්න ඕනෑ වෙන්නෙ නැහැනේ (නි)
කුමාරි හාමි, ඔයා බබෙක් නෙමෙයි මෝරපු කදක් බව අපි දන්නවා. සරත්ගෙන් අහගෙන මම එන්නද වත්තේ ගහේ රා මදින්න.(නදී)
ඔය දිසාලා ගමේ කෙල්ලෙකුට වත් ඉන්න දුන්නේ නැහැ ...? හැමදාම පැය 24න් පැය 19 ක් ම ..වැවේ රස්තියාදු ගැහුවා. මට මට මල් කඩ කඩා ..?ඒ හින්දා අපේ අප්පච්චි මාව..පිටරට කටම දීග දුන්නා .. ? මොනවා කරන්නද දිසාට පෙර පින් නැතුවාට ..!! (ස)
තණකොල නෑ ගහ මුදුනේ ඒකයි බිමට බහින්නේ නිරුවතින් (නි)
මගේ චුටි බබෝ ඔයාට ගහක් මදින්නම ඕනද බබෝ? (අ)
මගේ කිතුල් ගහකින් කව්දෝ හොරෙන් රා බොනවා. ඉතින් හොරා අල්ලන්නම බැහැ. අන්තිමට මුට්ටියට ජාපාල ඇට 2 ක් දාල තිබ්බා. රෑ අපේ බාප්පට අසනීපයි කියලා මමත් ගියා. මෙන්න බොලේ හොඳටම බඩ යනවා. ඊට පස්සේ මම බාප්පට දවස ගානේ අඬගහල රා ටිකක් දෙනවා. (නි)
චතු නංගි, දිසා මාමට සනීප මදි එදා වැටුණු දවසේ ඉදලා.එනිසා ඕවා ගණන් ගන්න එපා. පව් අපිත් සනීප වෙනකම් මේ බලාගෙන ඉන්නේ (නි)
චතු, ඔයා හරි. සාක්ෂරතාව කියන්නේ කියවීමේ හැකියාව නෙමෙයි .තේරුම් ගැනීමේ හැකියාව. දිසා ඒක කියන්න ඇත්තේ විහිලුවට. (ස)
නෑ නෑ මේක බෙන්තර ගඟෙන් එහා වෙන්න බැහැ. එයාලා ඔහොම අහුවෙන වැඩ කරන්නේ නැහැ. (ස)
ගහේ මුට්ටිවල තියෙන්නේ තෙලිජ්ජ. රා නොවේ.(නදී)
අපේ ගමේ රා විකුණන මදාවියා ඒකට තව මොනවාද සූර් එක වැඩි කරන්න එකතු කරනවා. ලාබ හින්ද මමත් බොනවා. ඒවාට කියන්නේ ඕඔන් සුරුස් කියලා. හේතුව බීපු ගමන් දිගටම බඩ යනවා. කිසි දවසක මට පණු අමාරුව නැහැ. (අ)
ක..ක..ක..කව්ද බො..බො ..බොලේ මේ !!!ස..ස..ස..සකු ....? (අ)
කුමාරිහාමි නගේ. 'රා' ගැන දැනීම නම් ටිකක් මදි වගේ. (නදී)