හොර පොල් කඩන්නට ආ පුද්ගලයකුට දුන් අපුරු දඬුවමක් පිළිබඳව පසුගියදා අසන්නට ලැබුණේ තංගල්ල ප‍්‍රදේශයෙනි. නගරයෙන් තරමක් ඈත ග‍්‍රාමීය ප‍්‍රදේශයක අක්කර දෙකක පමණ පොල් ඉඩමක් අයත්ව සිටි ඔහු ස්ථිරවම පදිංචිව සිටියේ මාතර ප‍්‍රදේශයේය. පොල් ඉඩම අසල පදිංචි පවුලක් වගාව බලාගත් අතර දිගු කලකින් වත්තේ පොල් කැඞීමට නොහැකි වූයේ පොල් කඩන්නකු සොයාගත නොහැකි වූ හෙයිනි. පසුගියදා පොල්වත්ත බලාගත් තැනැත්තා වතුහිමියාට දුරකථන ඇමතුමක් දුන්නේ කිසියම් සොරකු වත්තේ තැඹිලි කඩන බව පවසමිනි. දැන්ම ආවොත් බඩුත් සමඟම සොරා අල්ලාගත හැකි බවද ඔහු කීය. වහාම එහි ගිය ඔහුට සොරා වත්තේදීම අල්ලා ගත හැකිවිය. අසල්වැසියන්ගේද උදව් ඇතිව සොරා පොලිසියට ගෙනයාමට තැත්කරන විට සොරා කීවේ තම රෝගියකුට දීමට තැඹිලි කැඩූ බවකි. ”හරි එහෙනම් මේ වත්තේ පොල් ඔක්කොම කඩල දීපන් මම ගානකුත් දෙන්නම්” වතු හිමියා කීවෙන් ඔහුට දවසම පොල්කැඞීමේ රාජකාරියේ යෙදීමට සිදුවිය.
1
මෙහෙම ගියොත් ඊළඟ අවුරුදු තුනේදීත් ණය ගෙවන්න පුළුවන් - ශ්රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දක්ෂ අදහසක්. (නි)
මානුශීයව බලලා මේ දිපු දඩුවම ප්‍රමාණවත්යැයි හිතෙනවා..(ස)
නියම දඩුවම
මීටපස්සේ දිගටම ඔහුට කියලා වත්තේ පොල් ටික කඩවගන්න පුළුවන්..(ස)
ඔන්න වැඩ . දෙන්නටම ලාභදායකයි ..(ස)
හොර පොල් කඩන අයට මෙන්න බෙහෙත (දී)
එලොව පොල් පෙන්නන්නේ නැතුව ඔහොම දඩුවමක් දුන්න එකනම් හොදයි. (නි)
බුද්ධිමත් මිනිහෙක්. අද ලංකාවේ වුණත් හොර සල්ලි ගහන, හොරෙන් ආයුධ හදන, හොර සහතික හදන මිනිස්සුන්ගෙනුත් මේ වගේ වැඩක් ගත්තා නම් හොදයි නිකම් හිරේ දානවට වඩා. ලංකාවේ අද සල්ලි ගහන්නේ එංගලන්තේනේ. ඉතින් ලංකාවේ මේ වගේ දක්ෂයන් ටිකක් එකතු කරගත්තා නම් පිට රටට යන සල්ලිත් ඉතුරු කරගන්න තිබුණා. ආයුධ ගහන මිනිස්සු එකතු කරගත්තා නම් ඒකෙනුත් ඒ වැඩේම කරන්න පුලුවන්. කල දුටු කල වළ ඉහ ගන්න අපේ මිනිස්සු දන්නේ වෙන ඒවයේදි විතරයි. (නි)
හොද වැඩේ ඕව හොද පාඩම් අපේ කොල්ලන්ට (දී)
නුවණක්කාර වැඩක් (නි)
හොරාට සමාවක් දෙන්න තිබුණා (නි)
සමන්ත, ඒ කොල්ලෙක් නෙමෙයිනේ. නිකන් බයිලා එපා. (නි)
හොද වැඩේ
මට පුදුම වත්තේ අයිතිකාරයා එනකල් හොරා තැඹිලි ගහේම හිටපු එකටයි (නි)
තැඹිලි මොකෝ? පොල් මොකෝ? (නි)
හොරෙන් කුරුම්බා ගෙඩියක් නොකෑවොත් ඌ කොල්ලෙක් නෙමෙයි. මේවා කොලු කාලේ උරුම දේවල්. (නි)