හොරෙන් කැඳ බීමට ගොස් දිනය පුරා වැසිකිළියේ සිටීමට සිදු වූ පුද්ගලයකු ගැන පුවතක් රත්නපුර ආසන්න නගරයකින් වාර්තා වේ. සිද්ධිය මෙසේය. මොහු දිනපතා මත්පැන් පානය කරන පුද්ගලයෙකි. මත්පැන් බිවූ පසු පසුවදාට දැනෙන අමාරුව නැති කර ගැනීම සඳහා දිනපතා ඔහු කොළ කැඳ බීමට පුරුදුව සිටියේය.
කොළ කැඳ බීම සඳහා යන මුදල ඔහු ගෙවන්නේ නොගෙවාම බැරි නිසාය. දිනක් ඔහුට අපූරු අදහසක් ඇති විය. ඒ කොළ කැඳ වෙළෙන්දා විසින් උදෑසන සමහර නිවෙස් අසළ බෝතල්වල දමා යන කැඳ දැකීමෙනි. වෙළෙන්දා විසින් ගේට්ටුවේ එල්ලා යන කොළ කැඳ බෝතලයට මුදල් ගන්නේ ගෙහිමියාගෙන් පසුවදාය.
මොහු මෙය දැක දිනක් හොරෙන් කොළ කැඳ බෝතලය පානය කර හීන් සීරුවේ මාරු විය. නිවෙස් හිමියාගෙන් මුදල් ඉල්ලීමට වෙළෙන්දා ගිය පසු ඔහුත් පවසන්නේ හිස් බෝතලයක් පමණක් ගේට්ටුවේ තිබුණු බවය.
සිද්ධිය හා පුද්ගලයා හඳුනාගත් කැඳ වෙළෙන්දා නිවෙස් හිමියන් දැනුම්වත් කර කැඳවලට ජාපාල කලවම් කර පසුවදා ගේට්ටුවේ එල්ලන ලදී. හදිස්සියේ පැමිණි කැඳ හොරා එක හුස්මට කැඳ බෝතලය බී වේගයෙන් එම ස්ථානයෙන් මාරු වී ඇත්තේ කැඳවල දැනුණු අමුතු රස අමතක කරමිනි.
ටික වෙලාවක් යන විට වැසිකිළියක් සොයා ගැනීමට නොහැකි තැන අසළ තිබූ ලන්දකට පැන ප‍්‍රථමවටය නිම කර දිනය පුරා පොදු වැසිකිළියට ගොස් රුපියල් දහය ගානේ එකසිය පනහක් වෙනතුරු මුදල් ගෙවන්නට සිදු වුණාලූ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුරුණෑගල කොහොමවත් මෙහෙම දේවල් වෙන්නේ නැහැ. (නි)
ජීවිතේට ආයි කැද බොන්න නම් එපා වෙන්නැති. (බ)
මමත් ගොඩාක් ආසයි කොළකැඳ බොන්න. පසුගිය දවසක මම කොළඹ ගියා නෝනාගේ අධ්‍යාපන වැඩ වගයකට. සතියක් විතර කොළඹ නැවතිලා හිටියා. නෝනා එයාගේ වැඩවලට උදේම යනවා. ඉතිං,මගේ වැඩේ කොළඹ තියෙන කොළකැඳ කඩවලින් එක එක ජාතියේ කොළකැඳ බොන එක තමයි. කිරුළපන, නාරාහේන්පිට, වැල්ලවත්ත, නුගේගොඩ, රත්මලාන කියන හැම තැනකින්ම මම කොළකැඳ බිව්වා. (නි)
කෝ මේ අපේ රූපවතී නෝනා..? මේක නම් කුරුණෑගල නෙමෙයි ඔන්න. (නි)
ඇති ඔයින් ගියා... (නි)
සුදීරට මොකද ඉරිසියාද ? බලාගෙන ඉස්සරහ දොර අරිනකොට පරිස්සමට හොදේ. කව්රුවත් මොනවත් හේත්තුකරලා ඇති දොරට. (නදී)
ගණන් ගන්න එපා සුදීර ,,ඒ කාලේ පිටබැද්දර ජයා අයියා ..කොළ කැද කඩයක් දමා ගෙන තිබුණා ..මම පාරේ ගියත් මට අඩගහලා කැද කෝප්පයක් දෙනවා ..සල්ලි වලට නෙමෙයි.(ම)
මමත් ආසයි කොළ කැඳ බොන්න. නමුත් මම හදලා තමයි බොන්නේ. ප්‍රංශයේ කොළ කැඳ විකුණන්න නැහැ (නි)
දැන් ලංකාවේ ඉන්න, මත්පැන් බොන අය කොළ කැඳ බොන්න පටන් ගනීවි, පසුවදාට ඇතිවෙන අපහසුතාවය නැතිකර ගැනීමට.මම දන්නා මාමා කෙනෙක් හිටියා අපේ ගමේ.එයා කරේ නැන්දාට කියලා තැම්බුම් හොද්දක් හදාගෙන බොන එකයි.මම ගමේ ගිය වෙලාවකයි මේ බව දැනගත්තේ. (අ)
අනේ පිටබැද්දර ජයා,තමුන්නැහෙට ගැහැණු කොළ කැඳ බොන ඒවායි, මුණු වල ක්‍රීම් ගාන ඒවායි බලනවා ඇරෙන්නට වෙන වැඩක් එහෙම නැද්ද.....? (නි)
ජාපාල වලටත් කරන්න පුලුවන් දේවල්.... (නි)
මගේ කිතුල් මලකින් කවුද හොරෙන් රා බොන්න පටන් ගත්තා. කොච්චර සෝදිසියෙන් සිටියත් අල්ලාගන්න බැරි වුණා. ඒ නිසා මම රා මුට්ටියට ජාපාල තලලා දැම්මා. පසුවදා මට ආරංචි වුණා බාප්පා අසනීපවෙලා කියලා. ඔන්න ඔහොමයි රා හොරා අහුවුණේ. (නි)
වෙළෙනදාගෙ වැඩේ නම් නියමයි! (අ)
රූපවතියත් කොළ කැඳ වලට නම් මනාපයි. හැබැයි නංගියේ බලාගෙන හොරෙන් බොන්නේ (නි)