(තිහගොඩ උපසේන ලියනගම)
වියපත් මවක් සිය බෑනා අත්හල දියණිය සමග උසාවියට ආවේ එදිනට නියමිත වන්දි නඩුවක පැමිණිලිකරුවන් ලෙසටය. උදේම එහි ගිය නිසා අසල වූ තේ කඩයකට ගොඩවී තේ බොන අතරතුර මේ නඩුව ගැන කතා කරන ආකාරය අසල සිටි පුද්ගලයකු අසා සිටියේ රහසෙනි.
”අම්ම උසාවියට යන්න. තව ගොඩක් වෙලාව තියෙන නිසා මම දරුවට කෑම පෙට්ටියකුත් අරගෙන එන්නම්” දියණිය කීවාය.
මෙය අසා සිටි පුද්ගලයා කඩිනමින් උසාවිය දෙසට ගොස් පාළු ස්ථානයක සිට අලස ගමනින් එන අම්මාට ”අම්මාගේ හිතේ මහ බරක් තියෙනවා. අදත් නඩුව ඉවර වෙන්නෙ නෑ. ඕකට මම පිළියමක් කියන්නං” කියමින් සාස්තරකරුවකුගේ වෙස් ගෙන ඇයගේ අත ඇල්ලූවාය. ඇයද ඊට එකඟ විය.
මොහොතකින් හස්ත මුද්‍රා පෙන්වමින් ඇගේ මුහුණ පුරා අත විහිද වූ ඔහු කලින් දැනගත් දේ පවසමින් ඇගේ ඇඟිල්ලෙහි වූ රන් මුදුව ගලවා ගත්තේ ඇය මේ වනවිට සිහි නැතිවූ හෙයිනි.
ඇයට සිහිය ආවේ ඔහු පැනගොස් බොහෝ වෙලාවකට පසුවලූ. දකුණු පළාතෙන් ඇසුණු කතාවකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ මිනිස්සු නිසා නරකයි. පිටරට මිනිහෙක් නම් දෙවියෝ. (නි)
ඔයාලා ඉන්න කියනවා නම් සිහිනැතුව වගේ මම ඉන්නම්කෝ සද්ද නැතුව. (නි)
මම හිතුවේ මට විතරයි සිහිය නැති වෙලා තියෙන්නේ කියලා. බලනකොට තවත් අය ඉන්නවානේ. (ර)
දුව මොකටද තනිවම ගමන් ගියේ?දුවගැන මට ලොකු සැකයක් තියනවා (නි)
සිරිසේන සොයුර ..! ඔයාගේ කෙමෙන්ට් එක ගොඩාක් හරවත් ..සිනහවක් සමගින් මේ ලියන්නේ...! නොබියව ඉදිරියට යන්න ඇස්දෙක පියාගෙන ගියත්, සිහි මුර්ජාවෙලා හිටියත් කවදාවත් ඔයාට වරදින්නේ නැහැ කියල මමත් ඔයාට හූ නා කියන්න වගේ කියන්නේ ..ඒකාන්තයි ...අපේ රාවනා රජු නැගිටිනවා වගේ ඔයාටත් සිහිය එනවා...!!! (අ)
අද කාලයේ වයස් භේදයක් නැතුව කාන්තාවන්ට සිදුවෙන දේවල් අනුව මේ අම්මාගේ මුද්ද පමණක් අහිමි වීම ගැන සතුටුවිය යුතුය. (නි)
අනේ මෙහෙමත් නුවණ හැඳිමිටේ තිබෙන කට්ටියක්! (නි)
අසරණ වුණ කාන්තාවකගෙන් අවස්ථාවෙන් ප්‍රයෝජන ගෙන පහත් වැඩක් කළ පිරිමියෙක්.වැඩක් පලක් කරලා කීයක්හරි හම්බ කරලා ජීවත් වුණොත් නරකද? අනේ මේ වාගේ පිරිමිත් ඉන්නවානේ! (නි)
බොරු සාත්තරකාරයින් විතරක් නෙමෙයි ඇත්ත සාත්තරකාරයිනුත් බලාගෙන ඉන්නේ කවුරුන් හෝ ගැහැණු පරාණයකට තමන්ගේ ළඟට දුවගෙන එන්න හේතුවෙන දෙයක් සිද්ධවෙනතුරු තමයි. (නි)
අවුරුදු ගානකට කලින් මමත් ගැහැණු කෙනෙකුගේ අත අල්ලලා සාස්තරයක් කිව්වා. දාපු මුද්ද ගළවා ගන්න නම් බැරිවුණා. හැබැයි මට තාම සිහිය නැහැ (නි)
මම හිතන්නේ මෙතන එක්කෙනෙකුට සිහිය ඇවිල්ලද කොහෙද විකාරයෙන් දොඩවනවා (නි)
කොහොමද ඒ කාන්තාවට සිහිය නැතිවුණේ? (නි)
සිරිසේනට වුණ වැඩේ අපේ පරසිඳු අසවල් පාඨක භවතාට වෙලා නැද්ද මන්දා! (නි)
ලංකාවේ මිනිසුන්ට ඉන්න තැනින් අගලක් වත්.. ඉහලට නොයා ..පැදුරෙනුත් බිමට වැටෙන තත්වයට පත්වෙලා තියෙන්නේ ඇයි..? ඔය පිරිහිණු මානසිකත්වය සහ නින්දිත වැඩ නිසයි ..හැමදාම ..අසුචි ගොඩේ දුක්විදිනව.සුගතියක්නම් කවදාවත් නැහැ...? (අ)
මේ කියන ස්ත්‍රියයි හොරයි දෙන්නම දකුණු පළාතේ කීවා නේද?(හේ)
මුද්ද හුගක් බුරුලට තිබිලා තියෙන්නේ .? ඕක ගලෝනකොට ඇඟට නොතේරුනේ එ්කයි (නදී)