ළමා නිවාසයක පාලිකාවගේ කාමරයට හොරෙන් ඇතුළු වී පළාගිය අයකු පිළිබඳ පැමිණිල්ලක් කිරීමට ප‍්‍රදේශයේ පොලිසියට ගිය අවස්ථාවේ එසේ පළාගිය තැනැත්තාගේ නම සොයාගෙන එන ලෙස දැන්වූ පුවතක් බස්නාහිර පළාතේ ගම්මානයකින් වාර්තා වේ.
පසුගිය සතියේ දිනක නේවාසික ළමයින් රාත‍්‍රි නින්දට පෙර නිවාසයේ පාලිකාවට වැඳීමට කුස්සියට යමින් සිටියදී පාලිකාවගේ කාමරයේ නාඳුනන අයෙකු සිටිනවා දැක කෑගසා ඇත.
ළමයින්ගේ හඬට බියපත් වූ නාඳුනන පුද්ගලයා පළාගොස් ඇත. රාත‍්‍රි කාලයේ මේ ගැන පැමිණිලි කරන්නට යාමට අපහසු නිසා පාලිකාව පසුදා උදේ පොලිසියට ගොස් තම පැමිණිල්ල ඉදිරිපත් කිරීමට අදහස් කර තිබේ.
කුඩු පානයට ඇබ්බැහිවූවකු කිසියම් දේපළක් සොරකම් කිරීමට පැමිණ ඇති බවට සැක කළ පාලිකාව පසුදා උදෙන්ම පොලිසියට ගොස් සිද්ධිය පැමිණිලි කළාය. පැමිණිල්ල සටහන් කරන්නට නම් ඒ පුද්ගලයාගේ නම සොයාගෙන එන ලෙස ඒ අවස්ථාවේ රාජකාරියේ සිටි නිලධාරියා දන්වා ඇති අතර එම ප‍්‍රකාශයෙන් දැඩි අපහසුතාවට පත් පාලිකාව දන්නා හඳුනන අයගේ උදව්වෙන් උසස් නිලධාරියෙකු දැනුම්වත් කිරීමෙන් පසු පැමිණිල්ල සටහන් කිරීමේ අවස්ථාව ලැබී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ පොලිසියේ විතරක් නොවෙයි, විදේශ සේවයේත් මේ වගේ මිනිස්සු ඉන්නවා . 1991/92 තරම් ඈත කාලයේ (ෆොටෝ කොපි / ස්කෑනර් බහුල නැති කාලේ) එක්තරා මහකොමසාරිස් කාර්යාලයක තිබුන දැන්වීමක් මට මතකයි. නැතිවූ පාස්පෝට් එකකට අලුත් එකක් අයදුම් කිරීමේදී "නැතිවූ ගමන් බලපත්‍රයේ ෆොටෝ කොපියක් අදාළ අනෙකුත් ලියකියවිලි සමඟ ඉදිරිපත් කළයුතුයි " (නි)
අනේ මෙහෙමත් දේවල්! (නි)
අපිට සතුටුවෙන්න පුළුවන් දෙයක් කවදා අහන්න ලැබෙයිද? (නි)
සෑම්, මොකද තැන කියන්න ඔච්චර බය? (නි)
මේක පුදුම පොලිසියක්නේ! (නි)
නම දන්නවානම් පැමිණිල්ලක් දාන්න යන්න ඕනද.? (ර)
ඔන්න අපේ පොලිසියේ කෙරුවාව. (නි)
ඉතින් හරිනේ? සැක පිට අත්අඩංගුවට ගත්තත් අද පොලිසියට වැරදි කියනවා. මීට පස්සේ පොලිසියට යනකොට හොරාගේ නම දැනගෙන එන්න කියලා ජනතාව දැනුවත් කල යුතුයි. අත්අඩංගුවට ගත්ත මිනිහෙක් ගෙන් ප්‍රශ්න කරනකොට ඔහු නැහැයි කිව්වොත් පොලිසිය එය විස්වාස කල යුතුයි. (ර)
2016 ඔබ හොරෙක් පිළිබඳව පැමිණිල්ලකට ගියහොත් , නිසැකවම ඔබට අසන්න ලැබෙන්නේ මෙවැනි වදනකි , ;පැමිණිල්ල ලියා ගැනිමටනම් ඔබ හොරාවත් ගෙන ආයුතු වේ (රේ)
මීට කලකට ඉහත අපේ ප්‍රදේශයේ එක්තරා කාන්තාවක් ඇයට අසල්වාසී මිනිසකුගෙන් නිතර කරදර (රන්ඩු සරුවල්) සිදුවන බව කියමින් පෑමිනිල්ලක් කිරීමට පොලීසියට ගියාය. එවිට එහි සිටි පොලිස් නිලධාරියෙක් ඇයට කියා සිටියේ " පුලුවන්නම් මිනිහා අරං එන්න " කියාය. ඒ අනුව පසුදා ඇය මිනිසා ද රැගෙන පොලීසියට ගියාය. හැබැයි ඒ අර ඇයට කරදර කල මිනිසා නොව ඇගේ කසාද පුරුෂයාය. (ර)
වැරැද්ද කරන්නේ එක්කෙනෙක්. පොලිසිය අල්ලන්නේ වෙන එක්කෙනෙක්. පුදුම වෙන්න දෙයක් නැහැ ඉස්සරහට හැමොටම ඔහොම කරන්න කියයි. (ර)
අසල්වැසි තරුණියක් පසු පස ආදරය ඉල්ලා සරසවි සිසුවෙකු පැමිණේ. අවංක චේතනාවකින් නොව බැංකු නිලධාරිනියක් වන තරුණියගේ සල්ලි වලින් එදා වේල සොයා ගන්න බව දැන ගෙන තිබෙන්නේ සරසවියෙද සටහන් ලියවා ගැනීමට තවත් පෙම්වතියක් සිටින බව එක්ක. සේවා ස්ථානයටද පැමිණෙමින් තරුණිය නොලැබුනොත් වස බොනවා කියා තර්ජන කල නිසා බැරි තැන පොලිසි ගිහින්. පොලිසියේ ඇත්තන් කියාසිටින්නේ " සරසවි සිසුන්ගේ හුටපට ඇරෙන්න වෙන ඕන පැමිණිල්ලක් ලියා ගන්නම්. අන්තිමේ එකත් පොලිසියේ පිටින් යාවි . අපිට මේ දවස්වල තියන ප්‍රශ්න ඇති. ඔයගොල්ලන් ඕක ඔය හාදයාගේ ගෙදර කට්ටිය එක්ක කතා කරලා විසඳා ගන්න" කියලා. (ර)
පිටිගල, සැකකරුවන් අත්අඩංගුවට ගන්න එක නෙමෙයි වැරැද්ද. සැකකරුවන් වැරදි කරුවන් කරන එකයි වැරැද්ද. (ර)
ලංකාවේ පොලිසිය ඔහොම තමයි. මාත් පැමිණිල්ලක් දාන්න ගියාම ඔයවගේ දේවල් කිව්වා. දැන් අපිම හොරු අල්ලන්න ඕනෑ. (නි)
සමහර වෙලාවට මෙහෙ පොලිසියත් ලංකාවේ වාගේ තමයි. ඔය වාගේ පැමිණිල්ලක් දාන්න ගියාම අහන්නේ හොරාගේ නම දන්නවද? හඳුනනවද කියලා. (නි)