රාත්‍රී කාලයේදී කාටත් හොරෙන් තම හිතවතියක සමග රැය පහන් කිරීමට යාබද ගම්මානයකට ඇතුළු වූ පුද්ගලයකු ගම්මානයේ පිරිසගේ සැකයට භාජනය වීම නිසා පොලිස් කූඩූවේ ලගින්නට සිදුවූ පුවතක් එළවළු වගාවට නම ගිය උඩරට ප්‍රදේශයේ ගොවි ගම්මානයකින් වාර්තා වේ.
සිද්ධිය සැකෙවින් මෙසේය.

තමා පදිංචි ගම්මානයට ආසන්නයේ පිහිටි ගම්මානයක හිතවතියක සමග දීර්ඝ කාලයක සිට නිහඬ සබඳතාවක් පැවැත්වූ මැදි වයසේ පසුවූ මෙම පුද්ගලයා අවස්ථාවක් ලද විට ඇය සමග රැය පහන් කිරීමට හුරු වී සිටියේය.
මීට පෙර අවස්ථා ගණනාවකදීම රාත්‍රී කාලයේදී ඇයගේ නිවෙසට ආව ගිය ද රටේ පැවැති සාමකාමී වාතාවරණය නිසා ඔහුගේ ගමන බිමන පිළිබඳව කිසිවකුට ඉව වැටී නොතිබිණි. පසුගිය දිනෙක එලෙසම රාත්‍රී කාලයේදී සිය පෙම්වතිය සමග රැය පහන් කිරීමේ අදිටනින් ඇයගේ නිවෙස පිහිටි ගම්මානයට ඇතුළු වූයේ මල් පැන් වඩියක රස බැලීමෙන් පසුවය. සිය පෙම්වතිය හමුවීමට හිස් අතින් යා නොහැකි නිසා ගම්මානයේ පිහිටි වෙළෙඳසලකට ගොඩවූයේ ඇයට ඉස්තරම් වර්ගයේ චොකලට් එකක් මිලදී ගැනීමත් දුම්වැටියක් දල්වා ගැනීමත් අරමුණු කරගෙනය.
එහෙත් වෙළෙඳසලට ගොඩවූ පුද්ගලයාගේ පැටලිලි සහගත කතා විලාශය හා ඔහු ගම්මානයට ආගන්තුකයකු වීම නිසා ඔහු පිළිබඳව සැක සහිත පුවත ගම්මානය පුරා ලැව්ගින්නක් සේ පැතිර යාම නිසා බියට පත් ගම්වාසීන් ගම්මානය පුරා සැරිසරමින් ආගන්තුකයා සෙවීමට වෙහෙස වූහ.
පොලු_ මුගුරු අතැතිව ගම්වාසීන් තමා පසුපසින් පන්නා එනු දුටු මෙම පුද්ගලයා බියට පත්ව නිවෙසක් තුළ සැඟවී ඇතත් ඔහුගේ එම උත්සාහය නිශ්ඵල වී ඇත්තේ ගම්වාසීන් ප්‍රදේශයේ පොලිස් ස්ථානයට මේ පිළිබඳව දන්වා නිලධාරීන්ගේ සහාය ලබා ගැනීම නිසාය.
පසුව පොලිස් නිලධාරීන් බීමත්ව සිටි මෙම පුද්ගලයා අත්අංඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී සියල්ල හෙළිදරව් කොට ඇත.
(හේවාහැට - එම්. දසනායක)
2025 දෙසැම්බර් මස 04
790
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
585
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
463
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
හොර ගෑනි එක්ක ලගින්න ගිහින් රැයක් පුරා කූඩුවේ