(වියලූව වාර්තාකරු)
තම අල්මාරියේ ඇති කැටයකින් විටින් විට මුදල් සොරාගන්නා නිවසේම සිටින සොරකු ඇල්ලීමට ගෙහිමියා විසින් අටවන ලද උගුලකට ඔහුගේ බිරිය අසුවූ බව කියන පුවතක් වාර්තාවේ.
සිද්ධිය මෙසේය.
නිවසේ ගෘහමූලිකයා ඉහළ වැටුපක් නොගත්තද ඔහු ලැබෙන වැටුපෙන් සිය දරු දෙදෙනාගේත් බිරියගේත් අඩුපාඩු පිරිමැසුවේ එය තම පරම යුතුකමසේ සලකමිනි.
මේ අතර හදිසියකදී ගැනීම සඳහා ඔහු පුරුද්දක් ලෙස කැටයක මුදල් ඉතිරි කළේය. තම අල්මාරියේම මුල්ලකට වන්නට තැබූ කැටයකට ඔහු ඉඳහිට කීයක් හෝ දැම්මේ එය හදිසියකදී වටිනා බව තම බිරියට ද පවසමිනි.
දින සති මාස ගණන් ගත වුවද කැටය පිරෙන බවක් නම් නොපෙනිණි.
තම කැටයෙන් මුදල් ගන්නේ පාසල් වියේ පසුවන දරු දෙදෙනා යැයි සිතූ හෙතෙම දරු දෙදෙනා මට්ටු කරන්නට අපූරු උපායක් කල්පනා කළේය.
පසුදින සේවය නිමවා නිවෙසට එද්දී ඔහු තම මිතුරකුගෙන් ඉල්ලා ගත් මී කතුරක්ද රැුගෙන ආවේ උපාය ක‍්‍රියාත්මක කරන්නටය. කැටය තරමක් අල්මාරියේ අස්සට වන්නට තැබූ ඔහු ඒ අසලින් මී කතුරද තැබුවේ සැලසුමේ අවසන් පියවර සම්පූර්ණ කරමිනි. ගතවූවේ දින කීපයකි.
සේවය නිමවා නිවෙසට පැමිණෙන ඔහුට දැකගන්නට ලැබුණේ බැන්ඬේජ් පටියකින් අත ඔතාගෙන සිටින තම බිරිය සහ ඒ අසලින් සිටින දරු දෙදෙනාය. තම සැලසුම ක‍්‍රියාත්මකවී ඇති බව දැනගත් ඔහු කිසිත් නොදන්නා පරිදි හේතුව විමසද්දී ඇය කියා සිටියේ නිවෙසට පැමිණි හිඟන්නකුට කීයක් හරි දෙන්නට අල්මාරිය අරිද්දී එහි තිබූ මී කතුරකට තම අත අසුවූ බවකි. මී කතුරක් බව නොදත් තමා මහ හඬින් බෙරිහන් දුන් බවත් අසල්වාසීන් නිවෙසට එක්රොක්වූ බවත් ඇය ලැජ්ජාවෙන් ඇඹරෙමින් කියා සිටියාය.
කෙසේ වුවත් මුවගට නැගි සිනහව යටපත් කර ගත් ඔහු ඇඟට නොදැනී කියා සිටියේ ”අල්මාරියේ හරියට මීයෝ මම මී කතුරක් ගෙනත් තිබ්බා” යනුවෙනි.
තනිකඩ වියේ පසුවන ගුරු මාතාවක මිලදී ගත් මෝටර් රථයක් මානසික සුවය පතා ගත් සැණින් විකුණා දැමු පුවතකි. සිද්ධිය ඇසෙන්නේ මහවැලි ජනපද ගම්මානයට අයත් ප්‍රදේශයක
නිවසට සිඟමනේ පැමිණි කතකට පුතා උදව් උපකාර කළ අයුරු දැක මවුපිය දෙදෙනා නට්ටම් වූ පුවතක් කලාවැව අසල ගම්මානයකින් අසන්නට ලැබෙයි.
මුහුදු මාළු ගැනීමට ගොස් අනුන්ට පේන්නට ප්‍රදර්ශනය කළ තම ‘‘මහන්තත්තකම” බිංදුවට වැටුණු උඩඟු කාන්තාවක පිළිබඳ අපූරු කතාවක් කැබිතිගොල්ලෑව සතිපොළ ප්‍ර
අලුත් අවුරුදු උත්සවයක් සදහා ලිස්සන ගසේ නැගීමේ තරගය සඳහා අනුග්‍රාහක ත්‍යාග මුදලක් ලබා දීමට පොරොන්දු වී එයින් ලිස්සා යෑමේ පුවතක් මහනුවරට නුදුරු ප්‍රද
සැඟවුණු අමුත්තා සැඟවී සිටින තැන් සැඟවුණු භාෂාවෙන් නිවේදකයා යකඩ කටින් කියද්දී අවුරුදු උත්සවය නරඹන්නන්ට සැඟවී සිටීමට සිදුවූ අපූරු ගාලු දිසාවේ ගමකින
අවුරුද්දට මුල් නිවසට පැමිණි දරුවන් දෙදෙනකුට තම නිවෙස්වල යතුරු මාරු කරගෙන යාම නිසා සිදු වූ අලකලංචියක් පිළිබඳව පුවතක් දකුණ හා රජරට පළාත් අතරින් අසන්නට
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හොරා අල්ලන්න තැබූ මී කතුරට බිරියගේ අත අහුවෙලා
ප්‍රභාත් අරුණ විතානගේ Wednesday, 21 January 2015 07:33 AM
ඒ තාත්ත හරි. තාත්තගෙන් ඉල්ලුවානම් දෙනවනේ. ගෙදර උනත් හොරකම් කළා නම් දඬුවම් දෙන්න ඕනේ. නැතිනම් ඊට වඩ ලොකු හොරකමක් කරලා හිරේ යන්න පුළුවන්. හොරකම කවුරු කලත් එකයි. නෝනට වියදමට සල්ලි දෙනවා නම් අැයි හොරකම් කරන්නේ. (නදී)
දිනේෂ් Wednesday, 21 January 2015 01:43 AM
මරු මොලකරයෙක්නේ මේ තාත්තා. ළමයෙක්ගේ ඇඟිල්ල වෙන් වුණා නම් නියම පාඩමක් තමයි. සමහර පිරිමින්ගේ මොළෙත් හැඳිමිටේ දිග තරම් වගේ කියල මේ කතාවෙන් පෙනෙන්නේ. (නදී)
සිරිපාල Wednesday, 21 January 2015 02:03 AM
ඉස්සර අපි පොඩි කාලේ තාත්තා වැඩට ගිහින් ඇවිල්ලා මුදල් පසුම්බියයි බඩු ටිකයි මේසෙ උඩ තැබුවහම අපි ගන්නවා පොඩි සල්ලි ටික.කවදාවත් තාත්තා මුකුත් කියලා නැහැ.තාත්තාටත් ලොකු පඩියක් තිබුණේ නැහැ.සල්ලි ගන්නේ තමන්ගේ අය බව දැන දැනත් ඒ අයගෙ අත් තුවාල කරන්න මී කතුරක් තියන්නෙ කොහොම අයද කියලා මට නම් හිතාගන්න බැහැ. (නි)
චමින්ද Wednesday, 21 January 2015 02:49 AM
හොඳ වැඩේ! (නි)
ලක්මාල් Wednesday, 21 January 2015 10:07 PM
බිරිය අහුවුණාම මොකද, වැරැද්ද කරලා? (නි)
මහින්ද රෝහණ Wednesday, 21 January 2015 03:39 AM
මමත් ඔයවගේ කතාවක් අහල තියෙනවා, හැබැයි, මී කතුරක් නම් නොවෙයි, ඒක රැවුල කපන තලයක්. (නදී)
සෝමේ Wednesday, 21 January 2015 03:44 AM
නියම තාත්ත කෙනෙක් හොඳ බුද්දිමතෙක් (නදී)
ප්‍රසාද් Wednesday, 21 January 2015 03:56 AM
ඒක වැරදි වැඩක්නේ යාළුවා. තම බිරිය හා ළමයින්ට වඩා මුදල් වටිනවද?හොරෙන් ගන්නේ ඔහු මුදල් දෙන්නේ නැතිනිසානේ (නි)
සංජීව Wednesday, 21 January 2015 05:03 AM
අනේ බොරු ප්‍රසාද් මෙයා හොඳයි අර කැලණිය පැත්තේ හිටපු ඇමැති කෙනෙක්ගෙ සම්බන්ධීකරණ ලේකම්ට (බ)
මනෝජ් Thursday, 22 January 2015 02:19 AM
සල්ලි ගත්තට කමක් නැහැ, අහන්න තිබුනා කවුද ගත්තේ කියලා. ඊටපස්සේ ඒකට නිසි පිළිතුරක් දෙන්න තිබුනා. මී කතුරට අත අහුවෙලා තුවාල වුණාම තවත් වියදමක්නේ (නි)
රෙක්ස් Friday, 30 January 2015 04:01 PM
හොරකම් කළත් කළකම් පල දෙනවා.(හේ)
මැණික් Wednesday, 21 January 2015 06:50 AM
සල්ලි ඕන නම් ඉල්ලන්න තිබුණානේ. ඔහොම හොරකම් කලාට පසුව මහත්තයා ආයෙත් මේ නෝනාව විශ්වාස කරාවිද ? (නදී)
සෙනරත් Friday, 23 January 2015 03:08 PM
ඉස්සර මා සමග එකට වැඩ කළ ලංකාදීප පත්තරයට පුවත් සපයන යාලුවෙක් හිටියා. ඔහුත් මෙවැනි නම් ගම් නැති ලස්සන පුවත් හදල පත්තරයට යවන බව අප සමග කියා තිබෙනවා. මෙම කතාව ගැන නම් කියන්නට දන්නේ නැහැ. (නදී)
සරත් Tuesday, 20 January 2015 10:17 PM
මට නම් නෝනා ගැන දුකයි. ඔය කැටේ ලක්ෂ ගණන් නැනේ. (නදී)