IMG-LOGO

2025 ඔක්තෝබර් මස 24 වන සිකුරාදා


හොරු අල්ලන පොලිස් රාලහාමි පොලිස් බිමේදීම විස්කි බෝතලයක් සොරාගෙන

මාර්ග නීති  කඩකිරීමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන පොලිස් භූමියේ ගාල්කරන ලද ත්‍රිරෝද රථයක තිබූ ඉස්තරම් වර්ගයේ විස්කි බෝතලයක් සොරකම් කළ බව කියන පොලිස් නිලධාරියකු එම සොරකම අතටම අසුවී රුපියල් 2,500ක් අතින් ගෙවා සිය ජාම් බේරාගත් පුවතක් දකුණු පළාතේ වෙරළබඩ තීරයේ පොලිස් ස්ථානයකින් වාර්තා විය.


 හේ හොරුන් ඇල්ලීමට නිරන්තරයෙන්ම යන පොලිස් කොස්තාපල්වරයෙකි. මේ කොස්තාපල්වරයා සේවය කරන පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් මාර්ග නීතිරීති උල්ලංඝනය කළේ යැයි කියමින් අත්අඩංගුවට ගත් ත්‍රිරෝද රථයක් පොලිස් භූමිය වෙතට රැගෙන විත් ගාල් කළේය.
මේ ත්‍රිරෝද රථය දෙස ඇහැගහගෙන සිටි පොලිස් කොස්තාපල්වරයෙක් එහි රියැදුරු පොලිස් ස්ථානයේ ඇතුළතට  යනතෙක් බලා සිට ත්‍රිරෝද රථයේ පිටුපස තිබු ඉස්තරම් වර්ගයේ විස්කි බෝතලය සොරාගෙන ගියේය. ඒ විතරක්ම නොව ඔහු යහළුවන් කට්ටියක් ද සෙට් කරගෙන හොඳ කැටගැස්මක් ද හදාගෙන මේ විස්කි බෝතලය පානය කළේය.


මාර්ග නීති රීති කඩකිරීමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් එම ත්‍රිරෝද රථයේ රියැදුරු පොලිස් ඇප මත මුදාහැරීමෙන් පසු පොලිස් භූමියේ ගාල්කර තිබූ තමා පැදවූ ත්‍රිරෝද රථය වෙතට පැමිණියේය. ත්‍රිරෝද රථයේ පිටුපස තිබූ පිටරටකට ගොස් පැමිණි යහළුවකු දුන් ඉස්තරම්ම වර්ගයේ විස්කි බෝතලය එහි තිබේදැයි සොයා බැලූ ඔහුට එය නොමැති බව දැකීමෙන් තරු විසිවී ගියේය. එමෙන්ම පොලිස් ස්ථාන භූමියකදී කිසිසේත්ම සොරකමක් වනු ඇතැයි සිහිනෙකුදු අපේක්‍ෂා නොකළ ඔහු මේ ගැන සොයාබැලුවේය. එහිදී එම ත්‍රිරෝද රථයේ රියැදුරුට දැනගන්නට ලැබී ඇත්තේ  තමාගේ ත්‍රිරෝද රථයේ තිබූ විස්කි බෝතලය අසවල් පොලිස් කොස්තාපල්වරයා සොරකම් කොට ඇති බවය.

 
ත්‍රිරෝද රථයේ රියැදුරු මේ පිළිබඳව අදාළ පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිට ද පැමිණිලි කළේය. මේ සොරකමට සම්බන්ධ යැයි සැකකෙරෙන පොලිස් කොස්තාපල්වරයා ගෙන්වූ ස්ථානාධිපතිවරයා මේ ගැන ඔහුගෙන් විමසීමේදී  හෙළිවී ඇත්තේ ඔහු එම විස්කි බෝතලය සොරකම් කොට ඇති බවය. ඒ අනුව මේ ප්‍රශ්නය දුරදිග නොගොස් ගොඩින් බේරා ගැනීමට නම් විස්කි බෝතලයේ වටිනාකම ත්‍රිරෝද රථයේ රියැදුරුට ගෙවීමට තීන්දුවිය.


එයට එකඟවූ මේ පොලිස් කොස්තාපල්වරයා සිය මුදල් පසුම්බිය ගෙන ත්‍රිරෝද රථයේ රියැදුරුට දාහේ නෝට්ටු දෙකක් සහ පන්සීයේ නෝට්ටුවක් දී පොලිස් භූමියේදී හොරුන් අල්ලන පොලිස් නිලධාරියෙකු සිදුකළ හොරා පොලිස් හොරකම යටපත් කිරීමට සමත්වූවත් ඔහුගේ මේ විස්කි බෝතල් සොරකම ගැන ඒවනවිටත් කිහිප දෙනෙකුම දැන සිටියහ.



අදහස් (0)

හොරු අල්ලන පොලිස් රාලහාමි පොලිස් බිමේදීම විස්කි බෝතලයක් සොරාගෙන

රිහාන් Thursday, 25 February 2016 04:30 AM

දැන් පොලිසියත් කොලොන්නාව කුණු ගොඩ වගේ වෙලා (ම)

:       0       0

ධම්මි Tuesday, 23 February 2016 08:37 AM

පොලිසියේ වැඩිහරියක් ඉන්නේ හොරු තමයි.(හේ)

:       0       0

සෑම් Monday, 22 February 2016 07:09 AM

මොකක්ද අප්පා රුපියල් දෙදාස් පන්සීයට ගන්න පුළුවන් ""ඉස්තරම්ම "" විස්කි ජාතිය ? (ර)

:       0       0

මහින්ද සෞදි Monday, 22 February 2016 07:20 AM

ඇඹිලිපිටියේ පොලිසියට නියම කොස්තාපල් වරයෙක්. (අ)

:       0       0

චාමර Monday, 22 February 2016 07:21 AM

රාළහාමිට 2500/= ට ඉස්තරම් විස්කි බෝතල් කඩෙන් හම්බ වෙන්නේ නැහැනේ. එතනත් ගාන අඩුවෙන් දීලනේ. මේවගේ රාළහාමිලා නීතිය රකින්න ගියාම වෙනදේ අපිට හිතාගන්න පුළුවන්. (අ)

:       0       0

මහින්ද ආර් කිතුල්ගොඩ Monday, 22 February 2016 12:40 PM

හොඳ වෙලාවට මත්පැන් ප්‍රවාහනය කළා කියල ඇතුලට දැම්මේ නැත්තේ...(බ)

:       0       0

රුවන් Tuesday, 23 February 2016 02:32 AM

පොලිසියට අපල කාලයක්. මේ අයගේ ක්‍රියා කලාපය නිසා කවදාහරි පොලිසිය හා මහජනතාව අතර ලොකු ගැටුමක් ඇතිවීම වළක්වන්න බැරිවේවි (නි)

:       0       0

නලින් යහම්පත් Monday, 22 February 2016 02:06 PM

රුපියල් දෙදහස් පන්සීයට තියෙන විදේශ විස්කි බෝතලය කුමක්ද? හේතුව මෙම ගානට මටත් එකක් ගන්නටය (බ)

:       0       0

පිටබැද්දර ජයා Monday, 22 February 2016 09:16 AM

පොලිසියේ බොහොමයකගේ කල්කිරියාව ඔහොම තමයි ! (අ)

:       0       0

සිරි Wednesday, 24 February 2016 05:53 AM

අපේ රටේ මිනිස්සුන්ට බීම ගැන තියෙන්නෙ පුදුම කෑදර කමක් තමයි. බීම දැක්කම උන් හිටි තැන්, තරාතිරම, රාජකාරිය, නිල ඇඳුම ඔක්කොම අමතක වෙනව. පොලිස් කියල වෙනසක් නැහැ. උපන්ගෙයි ගතිය වෙනස් කරන්න අමාරුයි. (කෞ)

:       0       0

රෙජි-සිඩ්නි Tuesday, 23 February 2016 04:00 AM

පොලිසිය තියෙන්නේ නීතිය රකින්නයි . (ම)

:       0       0

ගුණවර්ධන Tuesday, 23 February 2016 06:59 PM

පොලිස් හොරා බෝතලයෙන් දැනේ! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1357 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1264 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 461 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site