මොරගොල්ලාගම සිසිර කැලේගම
 අනියම්  බිරියට විවාහක බිරිය  පහරදීමේ සිද්ධියක් නිසා සිය සැමියා විවාහක අඹුව ප්‍රතික්ෂේප  කොට අනියම් කත රැගෙන යාමට පැමිණි  පුවතක්  පොල්පිතිගම  මූලික  රෝහලෙන් වාර්තාවේ.
අනියම්  බිරියට විවාහක බිරිය  පහරදීමේ සිද්ධියක් නිසා සිය සැමියා විවාහක අඹුව ප්‍රතික්ෂේප  කොට අනියම් කත රැගෙන යාමට පැමිණි  පුවතක්  පොල්පිතිගම  මූලික  රෝහලෙන් වාර්තාවේ.
විවාහක පවුල් දෙකකි. දෙපාර්ශ්වයේ  අයටම දරුවෝද   සිටිති. සැමියන් දෙදෙනාම රාජ්‍ය  සේවාවේය. තම විවාහක බිරිය තවත් විවාහක  සැමියකු සමඟ  අනියම්  ඇසුරක් පවත්වාගෙන  යන බවට ලද තොරතුරු  මත සැමියකු විමසිල්ලෙන්  පසුවිය.
දිනක් සැකය දුරුවිය. ඒ ඔහුගේ අතටම රංගනය  අසු වූ  නිසාය. හැමදාමත්  එහෙම දෙයක් නැහැ කියා සැමියා රවටන බිරියට ඔහු එදින පහර පිට පහර ගැසුවේය. ඒ දැන්වත්  නටන නාඩගම  නවතාලන ලෙසට අවවාද කරමිනි. ඇය සමඟ අනියම් සබඳතාවක්  පවත්වාගෙන  යන බව එම සැමියාගේ  විවාහක  බිරියටද දැනගන්නට ලැබුණාය.
විවාහක  සැමියාගෙන් පහරකා  දරුවාත් වඩාගෙන මහ මඟ යන කතට යක්ෂයා ආරූඪව  සිටි  විවාහක කත අනියම්  කතට පහර දුන්නාය.
තම සැමියාගෙන්ද,  අනියම් සැමියාගේ බිරියගෙන්ද ගුටිකෑමෙන් අසරණ වූ ඇය  රෝහලට  පැමිණ  නතරවුණේ තම දරුවාත්  රැගෙනය.
ඇයට තම බිරියත් පහර දී ඇති බව  ඇය සමඟ  සම්බන්ධතාව පවත්වන සැමියාද දැන ගත්තේය.
මත් වතුර  තොල ගෑ ඔහු තම විවාහක  බිරිය ප්‍රතික්ෂේප  කළේ ය. ඔහු අනියම්  රෝහලේ සිටින බිරිය කැඳවාගෙන  යාමට  රෝහලට  පැමිණියේය.
අවේලාවේ රෝහලේ වාට්ටුවලට ඇතුළත් වීමට අවසර නැත. පදම ඉක්මවා  සිටි ඔහු රෝහලේ ආරක්ෂක  අංශයටද තර්ජනය කළේය. රාජකාරියට  බීමත්ව බාධා කිරීමේ වරදට අන් බිරියක් රෝහල් වාට්ටුවෙන් රැගෙන යාමට ආ අනංගයා  රෝහල්  පොලිසිය  මැදිහත්ව අත්අඩංගුවට  ගත්තේය.
 වෙරි සිදුණු ඔහු පොලිස්  ඇප මත මුදා හැරිය බවත්, ඒ අතරේ රෝහලේ සිටි බිරිය ඔහු සමඟ යාම ප්‍රතික්ෂේප කර තිබුණු අතර  වරදට සමාව දී නිත්‍යානුකූල  සැමියා  සුපුරුදු  නවාතැන  කරා  ඇය ගෙනගිය බවත් රෝහල් ආරංචි  මාර්ගවලින් දැනගන්නට  ලැබුණි.
 2025 ඔක්තෝබර් මස 08										
										
										 1775										
										
											 0
								
									
										
											2025 ඔක්තෝබර් මස 08										
										
										 1775										
										
											 0										
									
								හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
 2025 ඔක්තෝබර් මස 01										
										
										 1457										
										
											 0
								
									
										
											2025 ඔක්තෝබර් මස 01										
										
										 1457										
										
											 0										
									
								2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
 2025 සැප්තැම්බර් මස 23										
										
										 521										
										
											 0
								
									
										
											2025 සැප්තැම්බර් මස 23										
										
										 521										
										
											 0										
									
								ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
හොර අඹුවට ආදරේ වැඩිවී හිරෙත් ඉන්නවෙලා
pakeer Wednesday, 20 March 2024 12:58 PM
ඇත්තටම පවු මේ මිනිස්සු. අපි තව හුඟක් දියුණු වෙන්න ඕනෑ ජාතියක්...