හොර අඹුවගේ සංඥාව වැරදී ගෙට පැන සැමියාගෙන් ගුටි කෑ පුද්ගලයකු පිළිබඳව සබරගමුව ප‍්‍රදේශයෙන් වාර්තා වේ. සිද්ධිය මෙසේය.
ඇයගේ සැමියා දිනපතා රාති‍්‍ර කාලයේ පෞද්ගලික ආයතනයක මුරට යන අතර එම දිනවලදී ඇය වෙනත් පුද්ගලයකු රාති‍්‍ර කාලයේ නිවසට ගෙන්වා ගැනීම සිරිතක්ව පැවතීය. සැමියා සාමාන්‍යයෙන් වැඩට යන්නේ රාති‍්‍ර නවයට පමණ වන අතර ඔහු වැඩට යනතුරු අනෙක් පුද්ගලයා අසල ඇති ලඳු කැලෑවක සිට බලා සිටියි. පසුව සැමියා ගිය බව දන්වන්න ඇය එළියේ බල්බය නිවා යළි දමයි. එවිට පඳුර අස්සේ සිටි පුද්ගලයා ඇයගේ ජංගම දුරකතනයට කතාකර කැඞී ගිය ජනේලයෙන් ඇයගේ කාමරයට රිංගා පසුදා ඔහු පැමිධෑමට පෙර නිවෙසින් පිටව යයි.
සිද්ධිය වූ දිනයේ මොහු නියමිත වෙලාවට පැමිණිය ද පැය භාගයක් ගත වුවත් සංඥාව ලැබී නැත. නොඉවසිල්ලෙන් ඇයගේ ජංගම දුරකතනයට කතා කළ ද
ප‍්‍රතිචාරයක් නොමැති විය. ගතවූයේ සුළු කාලයකි. එළියේ බල්බය නිවී දැල්වී ගියේය. සතුටින් කුල්මත් වූ ඔහු ඇයගේ දුරකතනයට කතා නොකරම ගොස් ජනේලයෙන් කාමරයට පැන්න අතර කලබල වූ සැමියා ‘මෙන්න හොරෙක්’ යැයි කෑගසමින් ඇඳ පොල්ලෙන් පහරදී තිබේ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතන තියන්නේ ආකල්ප ප්‍රශ්නයක්. එක පිරිමියාට එක ගැහැණියෙක් කියන එක අපි හදාගත් එකක්. කවුරුහරි කියන්න පුළුවන් අපි මිනිස්සු කියලා. නමුත් එයත් අපිම හදාගත් එකක්. රජ්ජුරුවන්ට පුළුවන් අන්තඃපුරයක් තියාගන්න. ගැහැණියට බැහැ පිරිමි කිහිප දෙනෙක් ඇසුරු කරන්න. අපි පාලනය වියයුත්තේ අපේම හදවත් තුළින්ම තමයි. (නි)
හැමදාම එකම සංඥාව භාවිතා කරන්න යාම තමයි ගුටි කන්න හේතුව....ඕක කාලෙන් කාලෙට වෙනස් කරන්න ඕනෙ...අලුත් අලුත් දෑ නොතනන ජාතිය ලොව නොනගී කියත කියනවනෙ.......(බ)
පිටබැද්දර ජයා වගේ උදවිය තමයි ස්ත්‍රී දුෂකයන්ට ළමා අතවර කාරයන්ටත් අහිංසකයි කියන්නේ. තමන්ගේ කෙනෙක් අමාරුවේ වැටුණු දවසට තුන් ලෝකෙම පිරිමි වැරදියි. කොහෙද දන්නේ නැහැ පිරිමි අහිංසකයි කියලා ලියලා තියෙන්නේ. අර පස් හැවිරිදි දැරිය දුෂණය කරලා මරලා තුන්මාසයක් ගියේ නැහැ (බ)
අනේ මේ පිටබැද්දර ජයා , අපේ රටේ දැන් මේ රටේ ලාබාල දැරියන් තියා වයසක ආච්චි කෙනෙකුටවත් පාරේ යන්න බැරිවෙලා තියෙන්නේ ඔය කහ වතුරෙන් නාවලා ගෙට ගත්ත පිරිමි ටික නිසා තමයි. පිරිමි කම කියන්නේ අහිංසක කම කියලා කියනවා නම් ඔයා ගෙදර බවලතෙකුට වචනයකින් හරි වරදක් කළ පිරිමියාව ඔයා සුද්ධ කරනවද ? (බ)
වයඹ පළාතේ,ගෙදරක කාන්තාව සොර සැමියාට සිග්නල් එක දීලා තියෙන්නේ තෙත දිය රෙද්ද එළියේ වැලේ දාලා.දිය රෙද්ද වැලේ නැත්නම් විවාහක සැමියා ගෙදර ඉන්න බවයි එහි තේරුම. පසුව මිනීමැරීමකින් තමයි මෙය අවසන් වුනේ.අපි පාසල් යන කාලේ අපේ ගමේ සිදුවුණ දෙයක් මගේ මතකයට නැගුනේ. (බ)
ගැහැනුන්ට වරද පටවා 64 මායම් ගැන කතා කරන සමහරුන්ට තමන් මෙලොවට බිහි කළේ ගැහැනියක් කියලා අමතක වෙලා. ඕක තමයි පිරිමි කම ඉහවහා යාමේ පල විපාක. (බ)
අපරාදකාරයෙක් අපරාදයක් කරන්නේ, අනිත් පාර්ශවයේ කැමැත්තක් නොමැතිව තනි කැමැත්තට. එය වෙනම විමර්ශනය විය යුතු කරුණක්. දෙපාර්ශයේම කැමැත්ත ඇතිව සිදුවෙන මෙවැනි දේවල් වලට වැඩි පැත්ත බර වෙන්නේ ගැහැණියටය. යතාර්ථය දැන, දැන එය පිළිගන්නට මිනිසුන් අකමැතිය. එය පුරාණ කාලයේ සිට .පැවතෙන්නක්. (ර)
මෙවැනි සිදුවීම් වලදී ගැහැණියටම පමණක් ඇයි වරද පටවන්නේ? ඒ රෑට රෑට ආ මිනිසාත් විවාහක වෙන්න බැරිද? (නි)
ඔය වාගේ තමන්ගේ සැමියාට ද්‍රෝහී වෙන අය කොපමණ නම් අප සමාජයේ ඉන්නවා ඇද්ද.?(ම)
පිරිමින්ගේ 128 ගැන කතා කළොත් පිටබැද්දර ජයාට කියපුවා වමාරන්නයි වෙන්නේ. ගැහැණුන්ගේ හැට හතර මායම ගැන වැඩිය කියන්න ගියොත් උදේ හවස තමන් කකුල් දෙක අල්ලා වඳින කාන්තාවටත් තැනක් නැති වේවි ජයා. (බ)
අද කාලේ සමහර කාන්තාවන්ට එක පෙම්වතෙක් නැත්නම් සැමියෙක් ඉන්න එක තත්වෙට මදිකමක් වගේ. එහෙම සිටින තරුණියන් කාන්තාවන් දැක්කහම සළකන්නේ ගොඩේ ගැහැණු කියලා. ෂොපින් යන්න එක පෙම්වතෙකුත්, විනෝද ගමන් යන්න තව පෙම්වතෙකුත්, බිල් ගෙවන්න තව පෙම්වතෙකුත් ආදී වශයෙන් පෙම්වතුන් රෑනක් සිටීම මහා ලොකු දෙයක්. කණගාටුව වන්නේ ඇතැම් අම්මලාත් අද කාලයේ මේ දේවල් වලට දූවරු උනන්දුකර උල්පන්දම් දීමයි. (නි)
වැඩි වැරැද්ද බවලතාගේ. ගැහැණියකට තමාගේගේ සිත පාලනය කරගන්න පුළුවන් වෙන්න ඕනෑ පුරුෂ පාර්ශවයට වඩා. (නි)
ඇති එකෙක් මැරෙන්නේ නැතුව ඔය තරමින් ගියා , චාරයක් නැති ගැහැණු ලෝකේ කොහෙත් ඉන්නවා . ඒ අතරෙන් ගුණ යහපත් ගැහැණියෙක් හොයා ගන්න එක තමයි පිරිමියෙක් පරිස්සමට කරන්න ඕන , නැත්නම් ඉතින් ජිවිත කාලෙම දුක් කරදර වලට මුහුණ දෙන්න වෙනවා (හේ)
රැවෙටෙන කෙනා රැවටෙනතුරු රවටන අය රවටාගෙනම තමයි ඉන්නේ හොඳ වැකියක්,අද කාලේ වෙන දේවල් දිහා බලපුවාම. (බ)
සැමදාම රාත්‍රී කාලෙට වැඩට යන පිරිමින්ටත්, තම සැමියා කරන කැප කිරීම නොදන්නා ගැනුන්ටත්, බිරිඳ පිලිබඳ විස්වාස කරන පිරිමින්ටත් හොඳ පාඩමක්.(හේ)
කතාවේ දෙවෙනි කොටස කෝ...(බ)
දෙවියන් බුදුන් වඳින දෑතින් වැඳුම් පිදුම් ලබන්නනම් ගැහැනියක් තමන්ගේ පතිවත ගැන සැලකිලිමත් වෙන්නෝන නේද ? නැත්නම් වැඳුම් ලබන කානතාවට සිද්ධ වෙන්නේ බරපතල පාපයක්, ඒක හින්දා මට විරුද්ධව අවි අමෝරාගත් හැමෝම රාමායනය ටිකක් කියවලා බලන්න පතිවත කියන සික්ෂාවේ බලගතු බව , මට කලේ මේ ටික කියන්නයි නැතුව කිසිම කෙනෙකුට පුද්ගලිකව පහර ගහන්න නෙවෙයි මොනවා උනත් හරි සතුටුයි හැමෝගෙම ප්‍රතිචාර වලට. (ර)
සරසි හරි. (නි)
අසෝකා හා හේෂාන්ගේ අදහස් හා එකඟයි. චාන්දනිගේ අදහසටත් එකඟයි. හැබැයි මම හිතන්නේ නැහැ හැම පිරිමියාම ජයා වගේ ගැහැණියකගේ එක බැල්මකින් ඇවිස්සෙනවා කියලා. (නි)
අනේ මෙහෙමත් මිනිස්සු ඉන්නවනේ හැබෑට? (නි)
පිටබැද්දර ජයා, එතකොට පිරිමියා විසින් පත්නිවෘතය රැකගතයුතු නැද්ද.? මේ අනියම් සම්බන්ධකම් දෙපාර්ශවයටම අකැප දෙයක් මිස සැමියාට පිරිමියෙකු නිසා කැපයි සහ බිරිඳට ගැහැණියක නිසා අකැපයි කියලා කියන එක අසම්පුර්ණයි නේද ? (ර)
වැඩි පැත්ත ගැහැණියට බර කරන්නේ මොකද, ගැහැණුන්ට වෙනම හිතක් තිබේද? මගේ තරුණ ඥාති සහෝදරියට කාර්යාලයේ විවාහක ප්‍රධානියාගේ නොමනා ඉල්ලීම් වලින් ගැළවෙන්න ඕනෑ නිසා අමාරුවෙන් සොයාගත් රැකියාවෙන් පවා අස්වෙන්න වුණා. මේ වගේ අපරාධ දහස් ගානක් පිරිමි කරනවා. ඒත් ඒ පිරිමි ශුද්ධ කරන්න තව පිරිමි දහස් ගානක් ඉන්නවා. (නි)
ගැහැණියකගේ එක බැල්මෙන් ඕනෑ පිරිමියෙක් වසඟයට ගන්න පුළුවන් නම්, පිරිමි කියනේ හරිම දුර්වල ජාතියක් නේද? මම හිතන්නේ නැහැ හැම පිරිමි කෙනෙම එහෙමයි කියලා. (නි)
දැන් මෙතන හුඟක් දෙනෙක් අදහස් දක්වා තිබෙන්නේ හොර ජෝඩුව ගැනයි. එහෙනම් රැයක් මුළුල්ලේ නිදිමරමින් මේ කාන්තාවට කන්න අඳින්න දීපු මිනිසා ගැන කතාවක් නැත්තේ මන්ද? සිග්නල් එක වැරදුනත් හොරෙක් කියලානේ හිතලා තියෙන්නේ. අර මනුස්සයාව රවටාගෙන මේ දෙන්නාම තව බොහෝ දුරට ගෙනියයි මේ සම්බන්ධය. ඒක තමයි කියන්නේ රැවටෙන මිනිහා රැවටෙනතුරු, රවටන මිනිහා හෝ ගැහැණිය රවටාගෙනම තමයි ඉන්නේ කියලා. (නි)
මෙහෙම දෙයක් වුනාට පසුව මේ ලජ්ජා නැති හොර ජෝඩුවට මොකද වුනේ කියලා නැහැනේ (බ)
බුද්ධික තනි අතින්ද අත්පුඩි ගහන්නේ ? (බ)
දැන් ඉතින් එක නෝනා කෙනෙක් මහත්තයෙක් ගෙන් සතුටු වෙන්න බැරි එක රටේ විලාසිතාවක් වේගෙන එනවා. මෙහෙම යනකොට ගෙදර ඇත්තිව අපි නැති අතරේ ගෙදර තියනවාට වැඩිය රස්සාවට යවන එක හොඳයි වගේ. (බ)
වරදක් කළත් සිතකින් නොවේ .... (නි)
මෙලෝ සිහියක් නැතිව ජනේලයෙන් පනින කොට වැටුනේ සැමියාගේ ඇඟ උඩට වෙන්න ඇති. (බ)
ගැනු ජාතිය විස්වාස කරන්න බැරි අමුතුම කොටසක්....(ම)
අපේ රටේ විවාහක කාන්තාවන් සමහරු දරුවන් ලැබුන පසු සැමියාට දක්වන සැළකිල්ල අඩු කරනවා. දැන් මට ළමයින්ගේ වැඩ කියමින් පුළුවන්කමක් තිබුනත් අඩුගානේ පිරිසිදුව පිළිවෙලට ඉන්න උවමනාවක් නැහැ. සැමියාගේ පුද්ගලික අවශ්‍යතා ගැන කිසිම තැකීමක් නැහැ. සැමියා හවස මහන්සිවෙලා ගෙදර ආවත් කන්කෙඳිරි. ඉතින් සැමියා මේ අඩුපාඩු නැති තැනකට ඉබේම ඇදෙනවා. (නි)
හොඳ වැඩේ (නි)
ගැහැණියකුට එක බැල්මෙන් ඕනෑම පිරිමියෙක්ව වසඟයට ගන්න පුළුවන්. හැබැයි ගැහැණියක් ඒ විදියට පහසුවට පිරිමියෙකුට පුලුවන්ද දැපනේ දාගන්න? කවදාවත් බැහැ. එහෙනම් මෙතන ගැහැණිය තමයි 99% වැරදි (නි)
මේක තමයි යහපාලනය (බ)
එක ගැහැනියක් දෙන්නෙක් මෙහෙම වුනාට පිරිමි 100ක් ගත්තොත් 90ක්ම මේ වගේ අනික ඒ ගණිත තනියෙම නෙමෙයි වරද කළේ. ඔය කියන කවුරුත් සංවරශීලි නම් ඇයි ඒ මිනිහත් කසාද බැඳපු ගැනියෙක් ළඟට හොරෙන් රිංගුවේ? දෙන්නගෙම වරද මම කියන්නේ. (බ)
අනේ පිටබැද්දර ජයා, ඒ කියන්නේ පිරිමියා යනු ඇස් නැති සත්ව කොට්ඨාශයක්ද? (නි)
පිරිමි විතරක් නෙවෙයි ජයරත්න, කාන්තාවනුත් ශීලාචාර සැමියෙකු සොයාගන්න එක අමාරුවෙන් කරගන්න වෙන වැඩක්. කාන්තාව විතරක් ගුණයහපත් වෙලා මදිනේ. සමහරවිට මේ ජනේලයන් පැනපු හොර මනමාලයාට ඉන්නේ ගුණයහපත් බිරියක් වියහැකියි. (නි)
කාන්තාවගේ තමයි වැඩි වැරැද්ද (නි)
එතකොට බුද්ධිකට මේ සොර සැමි පිරිමියාව විශ්වාසද? (නි)
පිරිමි හිතන්නේ හරිම ශුද්ධවන්තයෝ කියලා. තනි අතින් අත්පුඩි ගහන්න බැහැ (නි)
අපේ රටේ ඔය වගේ දෙයක් වුණ ගමන් බනින්නේ කාන්තාවට. අපේ මිනිහව අල්ලාගෙන, අපේ පුතාව අල්ලාගෙන කියලා. මොකද ලංකාවේ ඉන්න පිරිමි තොත්ත බබාලානේ (නි)
ඇයි බුද්ධික මෙතන ගැහැණු දෙන්නෙක් නෙමෙයි. එක්කෙනෙක් පිරිමි (නි)
මේවා තම තමන් විසඳා ගතයුතු නඩු නේද?(රේ)
දෙපාර්ශවයම වැරදියි. එහෙම නැතිව ගැහැනියගේ වැරැද්ද නිසා මේක වුනා කියලා පිරිමියාව සුද්ධ කරන්න පුලුවන්ද . පිරිමිනට බැල්මෙන් ගැහැනියව වසඟ කරගන්න බැරි නම් සල්ලි සමාජ තත්වය ආදී දේවල් යොදා ගෙන හරි ඒ ටික කර ගනීවි. (ම)
පිටබැද්දර ජයා හිතන්නේ මුළු රටේම බවලතුන් ටෙලි නාට්‍ය නිලියන් කියලාද ? (ම)
නියම කතාවක්! (නි)
ඔව් ඔව් ලංකාවේ පිරිමින්ට හැට පැන්නත් ඒගොල්ලන්ගේ අම්මලාට බබාලා. අපේ ප්‍රදේශයේ 13 හැවිරිදි බාල දැරියක් රවටාගත්තා පිට ගමකින් රැකියාවකට පැමිණි 26 හැවිරිදි විවාහක තරුණයෙක්. දැරියගේ මව්පියන් පොලිසියට පැමිණිලි කළා. පොලිසියේදී කියලා තරුණයාගේ අම්මා තියෙන්නේ මගේ අහිංසක කොල්ලාව මේ සක්කරවට්ටම රවටා ගත්තා කියලා. (නි)
ඒකතමයි කියන්නේ හැමදාම වැරදි හංගාගෙන ඉන්න බැහැ කියලා (නි)
පිරිමින්ට හැට හතරක් මායම් නැහැනේ. ඕවා කට කහනවට කියපුව එහෙම නෙමෙයි පුරාණ ඍෂිවරු. පිරිමි එදත් අහිංසකයි, අදත් එහෙමයි, හෙටත් අහන්න දෙයක් නැහැ. ඒකනේ අපේ අම්මලා අදත් කියන්නේ මගේ කොල්ලව මට ඕනෑම වෙලාවක කහ වතුරෙන් නාවල ගෙට ගන්න පුළුවන් කියලා. ගැහැණු ළමයෙකුට එහෙම බැහැ. ඒ නිසයි විනයක් ඇතුව හැදෙන්න කියන්නේ. නැතුව වරදකට නෙමෙයි (නි)
කීමට කිසිත් නැතේ (ම)