ගාල්ල නගරාසන්නයේ පදිංචි ඔහු රාජ්‍ය ආයතනයක මාණ්ඩලික නිලධාරියෙකි. පසුගිය දා හදිසියේ අගනුවර සංවිධානය කර තිබූ සම්මන්ත‍්‍රණයකට රියැදුරු සමග උදේ රැයින්ම එහි ගිය ඔහු සම්මන්ත‍්‍රණ ශාලාව ඉදිරිපිට දී වාහනයෙන් බසිත්ම අන්ද මන්ද වූයේ තම දෙපයේ පාට දෙකක සපත්තු දමා ඇති බව දැක ගත් හෙයිනි.
කඩිනමින් සම්මන්ත‍්‍රණශාලාවේ ශ‍්‍රවණාගාරයට ගොස් කවුන්ටර් වේදිකාවේ එහා පැත්තට වී දෙපා නොපෙනෙනා සේ අදාළ කටයුතු සිදු කොට සියල්ලෝම ගිය පසු කඩිනමින් වාහනයට පැන ජාම් බේරා ගත්තත් රියැදුරාගේ උපහාස මුහුණෙන් අනාවරණය වූයේ ඔහු මේ ඇබැද්දිය දුටු බවයි.
ඔහු කිසිදු අවුලක් නැතිව ගෙදර පැමිණ පසුදින නියම ලෙස ඇඳ පැළඳ කාර්යාලයට ගියත් කෑම විවේකයේදී හිතවත්ම නිලධාරිණියක් ”සර් ඊයේ කොළඹ සම්මන්ත‍්‍රණයට හයිබි‍්‍රඞ් (දෙමුහුන්) සපත්තු දෙකක් දාගෙන ගියාලූ නේදැයි කීවාලූ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට උදේට ඇඳුම් අදිද්දී හොඳට බලලයි එලියට බහින්නේ. (ර)
එහෙම වුණේ එම නිලධාරියා තමුන්ගේ රාජකාරියට වැඩි අවධානයක් දීල වැඩකරපු නිසා වෙන්න බැරිද? (නි)
මට නම් හරිම හිනා (නි)
අනේ මෙහෙමත් දේවල‍්! (නි)
දිසානායක, ඇයි මෛත්‍රීපාල ජනාධිපතිතුමාත් සපත්තු ගන්න තනිවම කඩේ ගිහින් හිටියෙ. (නි)
මදැයි ඔයින් ගියා (නි)
පවු නේද? (නි)
ඕක මොකද්ද? කමිසයේ බොත්තම් හරියට දාගන්නේ නැතුව කලබලේට යන අය මම දැකලා තියනවා. දවසක් මමත් ටීෂර්ට් එක කණපිට ඇඳගෙන ගිහින් තියනවා. (නි)
නෝනා ඇඳුම් සකසා දෙන්නේ නැතිපාටයි (නි)
මැති ඇමතිවරුන්ගේ කෙරුවාව ලෝකෙට කියන්න කවුරුවත් නැහැ. මේ මනුස්සයා හදිසියට රාජකාරිය යන වෙලේ සපත්තු දෙක මාරුවුණා කියලා හිනාවෙන්න හොඳ නැහැ. අනෙක මෙවන් රියදුරන් තබාගැනීම ඉතාම භයානකයි (නි)
ශාන කියන දේ හරි (නි)
දැන් ඉතින් ඩ්‍රයිවර්ට දෙවියන්ගේම පිහිටයි !(ම)
බත් පිඟානට තරම් අදහස් ගොඩක් සපත්තු දෙකට නැහැ වගෙයි (නි)
පවු නේන්නම්? ගෙදර හිටපු කෙනෙක්වත් දැකලා නැතුවා වගෙයි. (නි)
අර 5එස් සංකල්පය අපිට ඔය ලොකු නිලධාරීන් උගන්වන්න හදනවනේ. ඒත් එයාලවත් ක්‍රියාවේ යොදවන්නේ නැති ගානයි. ඒත් නුවන්ගේ කතාව ඇහුවහම මල් තියලා වඳින්න ඕනෑ. ඉන්දියාවේ අගමැති කෙනෙක් හිටියලු පාවහන් නොදාපු, සරල ඇඳුමක් ඇඳපු. ඔන්න ඉගෙනගන්නවා නම් චරිත. (නි)
දහස් ගානක් තෙල් පුච්චලා නැවතත් තමන්ගේ පාවහන් ගෙන එන්නට රියදුරු නිවසට පිටත්කළ දේශපාලඥයට වඩා අවැසි තැනට උචිතලෙස රාජකාරිය ඉටුකළ එතුමා නියම රාජ්‍ය සේවකයෙක්. (නි)
ලැජ්ජාවේ බෑ.(හේ
මට ඔෆිස් එකේ පහසු සපත්තු කුට්ටමක් තිබෙනවා. ගෙදර ඉඳලා දාගෙන යන දෙක ගලවලා මම ඒක තමයි පහසුවට දාගෙන ඉන්නෙ. ළඟදි දවසක කෑම පැයේ බැංකුවට ගිහින් බලනකොට මම දාගෙන ගිහින් තියෙන්නෙ කුට්ටම් දෙකෙන් එක බැගින්. එහෙම දේවල් වෙනවා (නි)
මට මේ ලිපිය දැක්කහම පොඩි කතන්දරයක් මතක්වුණා. පසුගිය කාලයේ අනුරාධපුරයේ ඔයාමඩුව කියන ප්‍රදේශයේ පැවති දැයට කිරුළ ප්‍රදර්ශණයට කොළඹ සිට පැමිණි රජයේ උසස් නිලධාරියෙක් කලින් දවසේ අනුරාධපුරයේ නැවතිලා, පසුදා සමාරම්භක උත්සවයට යන්නට සූදනම් වෙනකොට තමයි දැක්කේ තමුන්ගේ අලුත්ම සපත්තු කුට්ටම කොළඹ දාලා ඇවිල්ලා කියලා. මෙයා මොකද දන්නවාද කළේ? තමන්ගේ රියදුරු මහතා වහාම කොළඹ යැව්වා සපත්තු ජෝඩුව ගේන්න. මොනතරම් මුදල් නාස්තියක්ද? නමුත් මේ කථාවේ ඉන්න රාජ්‍ය නිලධාරියා එහෙම කරලා නැහැ. ඔහුටත් තිබුනා එහෙම කරන්න. මෙයා නිල බලය අයුතුලෙස යොදා නොගන්නා නිලධාරියෙක් වෙන්න ඇති. (නි)
ඉස්කෝලෙ යන කාලෙ එක කකුලක තුවාලයක් වුණොත් ඒකට සෙරෙප්පුවකුයි අනිකට සපත්තුවකුයි දාගෙන යන එක විලාසිතාවක්. (නි)