IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


හබුරු කොළයක් වනා දුම්රියක් ගමන් කරවලා

(බලපිටියේ - එස්.ඒ.වයි. ද සිල්වා)
ඉදිරියට යෑමට සංඥා නොමැතිව නතර වූ දුම්රියකට කොළ කොඩිය වෙනුවට හබුරු කොළයක් වනා ගමන් කිරීමට ඉඩ සැලසූ දුම්රිය ආරක්ෂක ගේට්ටුකරුවකු පිළිබඳ ගාලු දිසාවෙන් දැන ගන්නට තිබේ.


 ස්ථිර දුම්රිය ගේට්ටුකරුවකු වන ඔහු වැසිකිළි ගොස් තිබියදී දුම්රිය පැමිණ තිබේ. ගේට්ටුව වසා සංඥා නොමැති නිසා රියැදුරු දුම්රිය නතර කොට නළා ශබ්දය ඇසී වැසිකිළියේ සිට දුවමින් දුම්රිය ගේට්ටුව වසා සංඥා ලබා දී තිබේ.


එසේ දුම්රිය නතර කළ විට ගේට්ටුකරු කොළ පාට කොඩියක් වනා මාර්ගය බාධාවක් නැති බව දැනුම් දුන් විට දුම්රිය ධාවනය කිරීම සිරිතකි.


 මේ වන විට ගේට්ටුවේ කොළ පාට සහ රතු කොඩි දෙකක් තිබුණත් අස්ථාන ගත වී තිබිණි. හිදිසියට කොළ පාට කොඩිය නොමැති නිසා දුම්රිය මාර්ගයේ දෙපස තිබූ හබුරු කොළයක් කඩා වනා තිබේ.


ඒ සංඥාවෙන් පසු දුම්රිය ධාවනය කළ අතර වගකීමකින් රාජකාරිය කරන්නැයි දුම්රිය රියැදුරු දොස් පවරමින් ගියාලු. 



අදහස් (0)

හබුරු කොළයක් වනා දුම්රියක් ගමන් කරවලා

ලීනා Thursday, 19 May 2016 01:28 AM

සිදුවන්නට ගිය ලොකු අනතුරක් වළක්වා ගැනීම ගැන සතුටුයි (නි)

:       0       0

ජයරත්න Wednesday, 18 May 2016 04:00 AM

ගැටලුව ශාරීරික අවශ්‍යතාවය නොවෙයි. සංඥා කොඩි අස්ථානගත වීමයි. බැරිවෙලාවත් රතු කොඩිය වනන්න වුණා නම් මොකද වෙන්නෙ. අනිත් කාරණය රැකියාවට යනවිට ශාරිරික අවශ්‍යතාවන් ඉටුකරගෙන මුහුණකට හෝදගෙන කෑම කාලා එහෙම තමයි යන්න ඕනෑ. හිටිගමන් ඔහොම අවශ්‍යතා ඇතිවෙන්නෙ පොඩි ළමයින්ට නැත්නම් රෝගීන්ට. එහෙම රෝගයක් තියෙනවා නම් නිවාඩු දාලා ගෙදර ඉන්න ඕනෑ මිනිසුන්ගෙ ජීවිත අනතුරේ නොදමා. (නි)

:       0       0

පිටිගල මිලානෝ Tuesday, 17 May 2016 12:32 PM

මේ පළාත අපේ ජන්ම භූමියයි. (ර)

:       0       0

පෙරේරා Tuesday, 17 May 2016 09:30 AM

ස්ථානෝචිත ප්‍රඥාවක් ඇති සේවකයෙක් (නි)

:       0       0

පිටබැද්දර ජයා Tuesday, 17 May 2016 09:30 AM

ශාරීරික අවශ්‍යතාවයක් හැදුනාම ඉතින් මොනවා කරන්නද රියදුරාණෙනි? (නි)

:       0       0

වික්‍රම Thursday, 19 May 2016 06:31 AM

ඉස්සර කාර්යාලයේ බොස් එනවා කියන්න, රතු ලේන්සු වනපු කාලේ මතකද ජයා? (නි)

:       0       0

ජයරත්න Tuesday, 17 May 2016 10:03 AM

මෙම සිදුවීම සම්බන්දයෙන් නීත්‍යානුකූලව කටයුතු කලයුතුයි. විශාල අනතුරක් සිදුවීමේ අවදානමක් ඇත. (ර)

:       0       0

බියංකා Thursday, 19 May 2016 12:10 AM

මොනවා වුණත් ඔහු තැනට සුදුසු විදිහට වැඩකරලා තියෙනවා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 69 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 868 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 615 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site