IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


හැඳිමිටේ නුවණට සොරුන් බියවී පැනගිහින්

රාත‍්‍රි කාලයේ නිවෙසකට ඇතුළු වූ සොරුන් දෙදෙනකු ගෙහිමි කාන්තාවගේ නිර්භීත හා ස්ථානෝචිත ප‍්‍රඥාව හේතුවෙන් බියවී පැන යාමේ සිද්ධියක් අනුරාධපුර තිසාවැව ප‍්‍රදේශයෙන් පසුගියදා අසන්නට ලැබිණි. මේ කාන්තාව පාසල් ගුරුවරියකි. ඇයගේ සැමියා පොලිස් සැරයන්වරයෙකි. ඔහු රාජකාරියක් සඳහා ඉකුත් (30) සිකුරාදා සවස නිවෙසින් බැහැර ගියේය. රාජකාරිය නිමාකර සැමියා පැමිණෙන තෙක් කාන්තාව සිය බාල දියණිය සමග නිවසේ දොර වසා දමා කාමරයට වී සිටියාය. රාත‍්‍රි දහය පසුවී තිබුණ ද සැමියා නිවෙසට නොආවේය. විදුලිය පහන් ද දැල්වී තිබිණි. සැමියා ආපසු පැමිණෙන තෙක් බලා සිටි කාන්තාවටත් දියණියටත් නොදැනීම නින්ද ගොස් තිබුණි. තද නින්දේ සිටි කාන්තාවට ගේ ඇතුලේ කාමරයේ යම් ශබ්දයක් ඇසී නින්දෙන් ඇහැරිණි. ඇයට අදහාගත නොහැකි විය. මුළු නිවසම කළුවරේය. විදුලි පන්දමක් දල්වා ගත් අයකු කාමරයේ යම් දේවල් සොයමින් සිටින බව ඇය දුටුවාය. බියවූබව පෙන්වූවොත් වැඬේ වරදින බව දැන. සිතට ධෛර්යය ගත් කාන්තාව තද කළුවරේම තමන් නිදා සිටි ඇඳේ ඇඳ පොල්ලක් අතට ගෙන සොරා සිටි දෙසට එල්ලකරමින් ‘හෙල්ලෙන්නෙපා වෙඩි තියනවා’ කියමින් සොරාට තර්ජනය කළාය. ඇය අත ඇත්තේ තුවක්කුවකැයි බියවූ සොරා  එළියට පැන දුවන්නට විය. බියට පත්ව දිවූ සොරා පසුපස තවත් සොරෙකු ද කළුවරේ පැන යනු ඇය දුටුවාය. එහෙත් නිවෙසේ කිසිවක් සොරුන්ට රැගෙන යාමට නොහැකි විය. කළුවරේම නිවෙස ඇතුළේ සොරුන්ට එරෙහිව සටන් වදිද්දී කාන්තාවගේ මුහුණ උළුවස්සක වැදී තැලීම් තුවාල සිදුවී තිබේ.



අදහස් (0)

හැඳිමිටේ නුවණට සොරුන් බියවී පැනගිහින්

සංජීව ලියනගේ Friday, 06 January 2012 06:01 AM

එහෙම තමයි ගැහැණුන් ඉන්න ඕනා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 28 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 121 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 922 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site