IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


හැඳුනුම්පත ගන්න ගිහින් 18 වතාවක් ​ෆොටෝ ගහලා

(ගලහ ඩබ්ලිව්.ඒ. අසේල)
තම හැදුනුම්පත ලබා ගැනීම සදහා දහඅට (18) වතාවක් ඡායාරූප ගැනීමට සිදුවූ පුද්ගලයකු පිළිබඳ මහනුවර රටේමුල්ල ප්‍රදේශයෙන් වාර්තා වේ.


කලක් ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ සේවය කොට විශ්‍රාම සුවයෙන් පසුවන ඔහු තම පැරණි හැඳුනුම්පතේ ඇති අපැහැදිලිතාවය නිසා නව හැඳුනුම්පතක් ලබා ගැනීමට අයදුම් කිරීමේ දී මෙම සිද්ධියට මුහුණ පා ඇත. 


ඔහු පවසන්නේ වර්තමානයේ හැඳුනුම්පතට අදාළ ඡායාරූපය අන්තර්ජාලය ඔස්සේ අදාළ ආයතනයට යොමු කළ යුතු අතර ඒ සඳහා තමා ඡායාරූප ශාලාවකට ගොස් හැඳුනුම්පතට අදාළ ඡායාරූපය ගත් බවත් එය අන්තර්ජාලය ඔස්සේ යොමුකිරීමේ දී අදාළ නිර්ණායක සම්පූර්ණ නොවීම නිසා වැඩි වාර ගණනක් ප්‍රතික්ෂේප වූ බවත්ය.


එම නිසා සියලු නිර්ණායක සම්පූර්ණ වී නිවැරැදි ඡායාරූපය ගැනීමට දහඅට වතාවක් කැමරාව ඉදිරියේ පෙනී සිටීමට සිදු වූ බවත් මේ නිසා තමා දැඩි අපහසුතාවයකට පත්වූ බවත්ය.


මෙසේ ඡායාරූප ගැනීමේ අපහසුතාවය නිසා තමා දන්නා වැඩිහිටි කාන්තාවක එසේ ඡායාරූප ගැනීම අත්හැර දැමූ බවත් තමාට හැඳුනුම්පතක් ද උවමනා නැති වගක් ඔහු සමග පැවසූ බවත් මෙම පුද්ගලයා පවසා සිටී. 

 



අදහස් (3)

හැඳුනුම්පත ගන්න ගිහින් 18 වතාවක් ​ෆොටෝ ගහලා

Anura Sunday, 27 September 2020 05:44 AM

මගේ හැඳුනුම් පතත් හොඳටම දුර්වර්ණ වෙලා , අලුතින් එකක් හදාගන්න හිටියේ , මේකෙන් පස්සේ ඒ අදහස දැන් ......

:       0       4

sampath Tuesday, 29 September 2020 12:06 PM

මේවා සරල වෙන්න ඕනෑනේ.. මිනිස්සු රස්තියාදු නොකර..

:       0       4

soma Tuesday, 29 September 2020 12:26 PM

මේ ක්‍රමය වෙනස් කළ යුතු බව පෙනේ. ස්ටුඩියෝ කාරයින්ට අහිංසකයන්ගේ මුදල් ගසාකෑමට වැඩි ඉඩකඩක් මෙයින් ලැබී තිබෙනවා. අපටත් මෙවැනි දෙයක් සිදුවෙලා තියෙනවා.

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 230 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 68 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 764 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site