
සාදයකට ගොස් පදම වැඩිවී සූර් වූ යහළුවන් පිරිසක් සමග නිවෙසට එන අතරතුර මෝටර් රථයේ තිබූ කිතුල් පැණි බෝතල් දෙක ද එම යහළුවන් පිරිස බී ඇති බව වාරියපොල ආසන්න ප්‍රදේශයකින් වාර්තා වේ.
සිද්ධිය සැකෙවින් මෙසේය. තම නිවසේ කැවුම් සකස් කිරීම සඳහා කිතුල් පැණි බෝතල් දෙකක් ගෙන ඒම සඳහා සිය බිරිය පැවසූ අතර, සාදයට යන ගමනේ දී අතරමග වෙළෙඳසලකින් කිතුල් පැණි බෝතල් දෙකක් රැගෙන වාහනයේ දමා සාදයට සහභාගි වී ඇත. පසුව සාදය අවසානයේ හොඳට සූර්වූ මිතුරන් කීපදෙනකු නිවෙස්වලට ඇරලවා නිවෙසට පැමිණ ඇත. පසුදා තම බිරිය කිතුල් පැණි පිළිබඳව විමසීමේදී එය රැගෙන ආ බව පැවසූ පසු ඇය වාහනය ඇතුළත පරීක්ෂා කර ඇති අතර, පැණි බෝතල් දෙක හිස් වී ඇති බව දැක ඒ පිළිබඳව තම සැමියාට දැන්වූවාය. මෝටර් රථය ළඟට පැමිණි සැමියාට දැකීමට හැකිවී ඇත්තේ ද හිස් වූ පැණි බෝතල් දෙකයි. ‘මේ යක්කු අරක්කු පාටට වස බෝතලයක් තිබුණා නම් ඒකත් බොනවා, අරක්කු යැයි සිතා පැණි බොන රටක මතට තිත තැබීමට හැකි වන්නේ කොහොම දැයි’ බිරිය කේන්තියෙන් පවසද්දී සැමියා කරකියා ගත නොහැකි තත්ත්වයකට පත්විය.
(බමුණුකොටුව එම්.එම්.එන්. හේරත්)
2025 ඔක්තෝබර් මස 08
1698
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1420
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
512
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
හොඳට සූර්වෙලා මදි හරියට පැණිත් බීලා