(පස්සර ගාමා වීරසිංහ)
නගරයේ හොඳ හෝටලයකින් කෑම වේලක් කන්නට ගිය අක්කා නගෝ දෙදෙනෙකුට සිද්ධවුණු මතක හිටින පාඩමකි මේ.
සිද්ධියට මුහුණ දුන්නේ වැලිමඩ ප‍්‍රදේශයේ සිට ගම්පොළ ප‍්‍රදේශයේ ගමකට විවාහයෙන් පසු පදිංචියට ගිය කාන්තාවක හා වැලිමඩ ප‍්‍රදේශයේ ගමක පදිංචි අක්කා නගෝ දෙපළක්ය. නංගි ගම්පොළ ප‍්‍රදේශයේය.
ළඟදී වැලිමඩ ප‍්‍රදේශයේ සිටින සිය අක්කණ්ඩිය බැලීමට පැමිණි නංගී සමග පහුවදා වැලිමඩ නගරයේ රෙදිපිළි ආභරණ ගැනීමට යමුයි දෙදෙනාම කතිකා කරගත්හ.
උදේ සිට වරුවකටත් වැඩි වේලාවක් නගරයේ ඇඳුම් ආයිත්තම් ගැනීමට සැරිසැරූ මේ දෙදෙනා බඩගින්න නිවා ගැනීමට හොඳ හෝටලයකින් කෑම වේලක් කමුයි යෝජනා කරගෙන නගරයේ හොඳම හෝටලයකට ගොස් තිබේ. දෙදෙනාම මස් මාළු සහිත හොඳ කෑම වේලක් ගේන්න යැයි හෝටලයේ සේවකයාට පවසා ඇත.
‘ෂා.. නියම කෑම වේල නංගි යැයි පවසද්දී’ අක්කා ඔව් අපි ඉතින් ටවුමට ආවාම කන්නේ මේ හෝටලයෙන් තමා යැයි පවසමින් දෙවන වරටත් බත් මස් මාළු බෙදා ගනිමින් හොඳ හැටි සප්පායම් වෙමින් අවසන් බත් කටවල් දෙක තුන භුක්ති විඳිද්දී දුටු දෙයින් දෙදෙනාම අන්ද මන්ද විය.
‘නංගි බලනවකෝ මගේ බත් එකේ දතක්’. කියමින් හෝටලේ දෙවනත් වෙන්න අයිතිකරුට හා සේවකයාට බැණ වැදුණේ දෙන්නාම දන්නා සිංහලෙන් ආමන්ත‍්‍රණය කරමිනි. කඩ හිමියාද සේවකයාද පැවසීමට දෙයක් නොමැතිව අසරණ වෙද්දී බිලත් නොගෙවාම ගෙදර යාමට බසයට ගොඩවී සිදුවූ දේ ගැන කථාබස් කරමින් බස්රථයේ අසළවුන් කීපදෙනෙකුටද හෝටලයේ තරම ගැන පවසමින් යද්දී අක්කා නංගී දෙස බලමින් ‘මං නම් මුදලාලිගේ රෙදි ගැලවෙන්න කිවුවා’ කියද්දී අක්කාගේ මුහුණ දෙස බැලූ නංගී දුටු දෙයින් දෙලොව රත්විය.
‘අක්කේ උඹගේ කටේ ඉස්සරහ දත කෝ’ කියද්දී අක්කාගේ බොරු දත් ඇන්දේ දතට වුණ දේ සිහිවෙද්දී සියල්ල සිදුවී හමාරය. ආයේ ගෙදරටවත් කාටවත් නොකියමුයි දෙන්නා කතා වුණත් පැය 24 ක් යන්නට පෙර අසළ හිඳගෙන සිටි අසල්වැසි කාන්තාවන් හෝටලයේදී සිදුවූ සිද්ධිය ගමේම පතුරුවා තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අතේ සල්ලි තියෙනවා නම් තමන් කැමති හෝටලයෙන් කෑම ගත්තාම වැරැද්ද මොකක්ද?ඇයි මේ හොඳ හෝටලයෙන් කන්න ගිහින් කියන්නේ? මේක බොරු දත් දාගෙන ඉන්න ඕනම කෙනෙකුට වෙන්න පුළුවන්.
කාට වුණත් බොරු දත් භාවිතා කරලා මේ වගේ දෙයක් වුණත් ඔච්චර තමයි. දැන් මේ ගොල්ලො සයිවර් කඩේකින් කෑවා නම් ප්‍රශ්නයක් නැද්ද? ඇමරිකාවේ අවන්හලක කුකුල් මස් කෑල්ලක් මීයෙක් වගේ කියලා ප්‍රචාරය කරලා අන්තිමට ඒක එහෙම නෙවෙයි කියලා ඔප්පු වුනා. ඒත් එතනදි ඒක හොඳ හෝටලයකින් කන්න ගියා ඕං කියලා කවුරුවත් කියන්න ගියේ නෑ. අනික ප්‍රධානම දේ..අපි හිනාවෙන්න ඕන මිනිස්සු එක්ක. එහෙම නැතුව මිනිස්සුන්ට හිනා වීම නෙවෙයි.
බොරු කතාවක්... නංගි දැක්කා... අක්කගේ නැති දත අනික් අය දැක්කේ නැද්ද ?