IMG-LOGO

හොඳ පොල් ‘පුහුවී’ මුදලාලි අමාරුවේ

(කමල් ශ්‍රී ලියනගේ කොස්ගොඩ)

මුරයට පොල්කඩන ලද වත්තකින් පුහු පොල් ඉල්ලා ගෙන පැමිණි කාන්තාවක් පුහු පොල් ගෙඩි පහක් හොඳ පොල් ගොඩට දමා හොඳ පොල් ගෙඩි රැුගෙන යෑමේ පුවතක් පසුගියදා අහුන්ගල්ලෙන් වාර්තා විය.

සිද්ධිය සැකවින් මෙසේය. ඉඩම් හිමියා වත්තේ මුරයට පොල් කැඞීය. හොඳ පොල් ගෙඩි 500ක් පමණ තිබූ අතර පුහු පොල් ගෙඩි 20ක් පමණද එහි විය. තොගයට පොල් ගන්නා තොග වෙළෙන්දා පොල් රැුගෙන යාමට සවසට එන බව දන්වා පොල්ගොඩ ගැන යන්න ගියේය. ඒ අතර පුහුපොල් ඉල්ලාගෙන පැමිණි කාන්තාවකට ඉඩම් හිමියා පුහු පොල්ගොඩ පෙන්වා අරන් යන්නැයි දන්වා තිබේ.

ඉඩම් හිමියා වත්තේ සිටියදී පුහු පොල් අතට ගත් කාන්තාව ඒවා හොඳ පොල්ගොඩට දමා ඉඩම් හිමියාට ඇස් වසා හොඳ පොල් ගෙඩි පහක් රැුගෙන ගොස් ඇත.

සවස් වී තොගයට පොල් ගැනීමට කුඩා ලොරියද රැගෙන තොග වෙළෙන්දා පැමිණි අතර ඔහු පොල් ගෙඩි යළිත් ගණන් කරමින් ලොරියට දැමීමේදී පුහු බොල් ගෙඩි පහක් තිබෙනු සොයා ගෙන තිබේ. ඒ බව ඉඩම් හිමියාට දැන්වූ විට පුහු පොල් ගෙඩි හොඳ පොල් ගොඩට දමා එයින් ගෙඩි පහක් කාන්තාව රැුගෙන ගිය බව හෙළිවී ඇත.



අදහස් (0)

හොඳ පොල් ‘පුහුවී’ මුදලාලි අමාරුවේ

දුමින්ද Monday, 20 April 2015 04:38 AM

ගැහැණු මායම් -යනවා සායම් (බ)

:       0       0

අජිත් Monday, 20 April 2015 01:07 PM

නියම කතාවක් පහන්. ගොඩක් කාලෙකට පස්සේ. (නි)

:       0       0

සමදරා ආරියදාස Tuesday, 21 April 2015 08:57 AM

ඔන්න මමත් ගොඩක් කාලෙකට පස්සේ ආවා (ම)

:       0       0

පිටබැද්දර ජයා Saturday, 18 April 2015 02:30 AM

හැට එකෙන් එකකට මුදලාලි අහු උනා එහෙනම් (නදී)

:       0       0

ඥානංග Sunday, 19 April 2015 06:45 AM

පහන් ඔයා හරි ෂෝක් කතා දන්නවනේ. (බ)

:       0       0

පහන් Saturday, 18 April 2015 04:50 AM

මහ මුදලිගේ වත්තේ පොල් හොරකමක් වෙනවලු. මේක නවත්තන්න මහමුදලි ගමේ මිනිස්සුන්ට කිව්වලු. මුරකාරයෝ දැම්මලු එ්ත් හරි ගියේ නැහැල්ලු. මේ පොල් හොරකම් කරන්නේ ගමේ ගැහැණුලු. ඉතින් බැරිතැන කාන්තාවෝ පොල් හොරකම් කරන්න ආපු වෙලාවේ ඇගේ නූල් පොටක්වත් නැතුව මහ මුදලි වත්තේ අැවිදිනවලු .ගෑණු පන එපා කියල දිව්වලු ආයේ පළාතේ අාවේ නැහැල්ලු. ඉතින් මහමුදලි කියලත් අහපු නැති වැඩේ ලැජ්ජා නැතිකම හින්දා නවැතුනාලු. ඊට පස්සෙලු ඔය ''ලජ්ජා නැතිකම මහ මුදලි කමටත් වඩා ලොකුයි'' කියන්නේ (නදී)

:       0       0

මංගල Sunday, 19 April 2015 10:00 AM

පහන් කාලයක් මේ තීරුවට රසවත් කොමෙන්ට් දැම්ම කාලයක් නැතුව ඉදල ඔය ආයේ ඇවිල්ල ඉන්නේ (නදී)

:       0       0

ගම්පොළගේ Sunday, 19 April 2015 10:56 AM

කලකට පස්සේ පහන් හිත පහන්වන කථාවක් කිව්වා (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 332 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 808 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 146 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site