කිසිවෙකු විසින් කරන ලද හූනියමකින් රෝගාතුරව සිටි කාන්තාවකට ශාන්තිකර්මයක් කිරීමට පැමිණි ගුරෙකු ශාන්තිකර්මයේ මන්තර කියවීම සඳහා නවීන පන්නයේ ස්මාර්ට් ජංගම දුරකථනයක් භාවිත කළ බව කියවෙන පුවතකි මේ. සිද්ධිය මෙසේය. හෙතෙම පියාගෙන් උරුම වූ යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් සාස්තරය අදටත් ඒ අයුරින්ම කරගෙන යන තරුණ යකැදුරෙකි.
පසුගිය දිනෙක පිටිසර ගමක නිවෙසකින් ඔහුට ආරාධනාවක් ලැබුණේ නිවැසි කාන්තාවකට කිසිවෙකු විසින් කරන ලද හූනියමක් කපන්නටය. සුදු රෙදි කඩකින් ඔතන ලද බෙරයක් ඇතුළු ගුරුකමට අවශ්‍ය අඩුම කුඩුම ද තුන් රෝද රථයක පටවා ගත් හෙතෙම උදෑසනින්ම එම නිවෙසට ගොඩ වැදුණේ ගුරුකම් සඳහා අවශ්‍ය අනෙකුත් අඩුපාඩු පිළියෙළ කරගත යුතු බව නිවැසියන්ට දන්වමිනි. රාත්‍රී හත අට වෙද්දී මල් බුලත් තට්ටුවට වැඳ වැටෙමින් දුම්මල ගසමින් හා බෙරය වයමින් හෙතෙම ගුරුකම ආරම්භ කළේ මන්ත්‍ර හා ශ්ලෝක කීපයක් මහ හඬින් ගායනා කරමිනි. ගතවූයේ මිනිත්තු කීපයකි.
බෙරයේ හඬ මෙන්ම මන්ත්‍ර ගායනයේ හඬ ද බාල වී තිබිණි. ඒ පිළිබඳව සොයා බැලූ නිවැසියන්ට දැක ගන්නට ලැබුණේ ගුරාගේ සියලු කාර්යයන් මල් බුලත් තට්ටුව මත තබන ලද නවීන පන්නයේ ස්මාර්ට් ජංගම දුරකථනයකට බාර දී ඇති බවකි. බෙර වාදනය මෙන්ම යන්ත්‍ර මන්ත්‍ර ගායනය සිදුවූයේ ද ජංගම දුරකථනය ඔස්සේය. මෙය දුටු නිවැසියන් තරමක් කලබලයට පත්ව සිටින බව දැනගත් තරුණ ගුරා ජයග්රාහිකව නැගී සිටිමින් ඔවුන්ට පවසා ඇත්තේ “දැන් අපේ තාත්තාලගේ කාලේ වගේ නෙමෙයි විද්‍යාව දියුණු වෙලා තියෙද්දී අපි මොකටද නිකන් උගුර කඩා ගන්නේ” යනුවෙනි. තරුණ යකැදුරාගේ වැඩ මෙන්ම අයකිරීම්ද ඔහුගේ පියාගේ කාලෙට නොගැළපුණත් රෝගී කාන්තාව තවමත් ලෙඩ ඇඳේ බව නිවැසියෝ කියති
(වියලුව වාර්තාකරු)
2025 දෙසැම්බර් මස 16
78
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
877
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
616
1
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
හූනියමක් කපන්න ජංගම දුරකථනයට බාර දීලා