(මාතලේ හිල්ටන් ජේ. බෙරෙන්ජර්)
හූනන් උණුවතුරෙන් තම්බා හෝටල්වලට ගෙන ගොස් කෑම ඇනවුම් කර කෑම පිඟානේ භාගයක් අනුභව කර, ගෙන ගිය හූනා හොරෙන් කෑම පිඟානට දමා කෑම පිඟානේ හූනකු සිටි බව පෙන්නමින් හෝටල් හිමියන් බියවද්දා මුදල් ලබාගන්නා තරුණයකු පිළිබඳව මාතලේ පොලිසියට තොරතුරු ලැබී ඇත.
මෙලෙස මුදල් ලබා ගන්නා තරුණයා වයස අවුරුදු 25ක පමණ අයකු බවටත් විශේෂයෙන් ඔහු මෙලෙස මුදල් ලබාගන්නේ හෝටල්වලින් බවට තොරතුරු ලැබී ඇති බවත් පොලිස් ආරංචි මාර්ගවලින් පැවැසේ.
මේ දිනවල රූපවාහිනී නාලිකාවකින් විකාශනය වන ටෙලිනාට්‍යයක මෙවන් ජවනිකාවක් විකාශනය වීමෙන් මොහුට මෙම අදහස පහළ වී ඇති බවට සැකකෙරේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවැනි දේ කලිනුත් එක එක නාලිකාවල ටෙලි නාට්‍යවල විකාශනය වුනා. ඒත් ඒක මාධ්‍යයේ වැරැද්දක් නෙවෙයි. මාධ්‍ය කරන්නේ මෙවැනි දේ වෙන්න පුළුවන් කියලා පෙන්වා දීමයි. අදාළ පාර්ශව දැනගන්න ඕනෑ අවදානම දැනගෙන සූදානම් වෙන්න.
හූනන් කෑම සමඟ මිශ්‍ර වුණාම උග්‍ර විෂක් ඇතිවෙනවා කියලා තමයි අපි නම් අසා තියෙන්නේ. මේ පුද්ගලයා හූනන් තම්බපු භාජන වල.... ගෙදර කට්ටිය ඉවුම්, පිහුම් කරනවද දන්නේ නැහැ. හොරෙන් කන එක ගැන අසා තිබෙනවා. මෙහෙමත් ජුගුප්සාගත හොරා කෑමක්..?
මාධ්‍ය කරන්නේ මෙවැනි දේ වෙන්න පුළුවන් කියලා පෙන්වා දීමයිලු.... එහෙමමත් නොවෙයි, පනින රිළවුන්ට ඉනිමං තියන එකත් කෙරෙනවා.