IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


හීනෙන් බයවී ගමම හොල්ලලා

(නයිනමඩම චන්දන ප‍්‍රනාන්දු)

දන්කොටුව ප‍්‍රදේශයේ කාන්තාවක් නින්දෙන් දුටු අනතුරු හීනයක් නිසා කලබල වී අසල්වැසියන් හා නෑදෑ හිතමිතුරන් මහා පාන්දර නැගිට්ටුවා සිදුවූ ජංජාලයක් පසුගියදා වාර්තා විය.

දානයකට අවශ්‍ය මාළු මිලදී ගැනීමට පාන්දර 3ට පමණ තම සැමියා වාහනයෙන් පිටත් වූ පසු එම කාන්තාව ඔරලෝසුවේ වෙලාව තබා නින්දට ගොස් සුළු මොහොතකින් හීනෙන් තම සැමියා  ගමන් ගත් වාහනය හා බස් රථය අනතුරට ලක්වී තිබෙනු දැක බය වී තම සැමියාගේ දුරකතනයට ඇමතුමක් ගත්තත් එයට පිළිතුරු නොදීම නිසා දුරින් සිටි නෑදෑයන් හා අසල්වැසියන්ට පාන්දර හතරට පමණ දුරකතනයෙන් කතා කර ගෙන්වාගෙන අනතුර සිදුවූ බවට හීනෙන් දුටු ස්ථානයට කැඳවාගෙන ගොස් ඇත.

තම ඥාතියාගේ හා අසල්වැසියාගේ ඉල්ලීමට ආ පිරිසක් වාහන කීපයකින් හා යතුරුපැදි කීපයකින් කලබලෙන් දන්කොටුව නගරය ආසන්නයේ ඇති ස්ථානයට ගොස් සොයා බැලූවත් එවැනි අනතුරක කිසිදු සේයාවක් වත් නොමැති නිසා ආපසු නිවෙසට ඒමට පිටත්වෙද්දී කාන්තාවගේ සැමියාත් මාළු රැගෙන ඉතා හොඳින් එන බව දැක තිබේ.

හීනයක් නිසා නිවාඩු දවසේ තමන්ගේ නින්ද අහිමි වීම ගැන හිතමින් අසල්වැසියන් හා ඥාතීන් නිවෙස්වලට ගොස් තිබේ.



අදහස් (1)

හීනෙන් බයවී ගමම හොල්ලලා

pitigala Thursday, 31 August 2017 06:12 AM

හොඳ අසල් වැසියන් සිටින ගෙදරක්. ඇත්තටම!

:       0       230

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 80 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 877 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 616 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site