පෙම්වතිය හීනෙන් දැක පියවි ඇසින් දකින්න සිතක් පහළ වී යක්කු ගස් නගින මහ රෑ ජාමේ නින්දෙන් පිබිදී ඇය සොයා පැමිණි පෙම්වතකුට අලි අකරතැබ්බයකට මුහුණ පෑමට සිදුවිය. එපුවත සැකෙවින් මෙසේය. මහ රෑ පෙම්වතිය සිහිනෙන් දුටු පෙම්වතා මධ්‍යම රාත‍්‍රියේ පෙම්වතියගේ ගමට ගියේ ඇය දැක ගැනීමටය. වැටෙන් පැන හෙමින් හෙමින් නිවසට කිට්ටු කර පෙම්වතිය නිදන කාමරයේ ජනෙල් පියනට තට්ටු කළා පමණි. අවදි වී සිටි ඇගේ පියා ”හොරෙක් හොරෙක් අල්ලපියෝ ගස් බැඳපියො......” කියා කෑ ගැසුවේය. හඬ ඇසී අසල්වැසියෝ ද අවදි වූහ. පිරිස අවට පීරමින් සොරා සෙවූහ. පැන යන්න හතර මායිම් නොදන්නා හොරා ගසක් කරා විත් අඳුරට මුවා වී සෑඟවී සිටිය දී ගැමියකුට හසුවිය. වටවූ ගැමියෝ ගුටි බැට පුජාවකින් ඔහුට සංග‍්‍රහ කළෝය. පැමිණි කරුණ වසන් කළත් ආගන්තුක සංග‍්‍රහය ඉවසා දරා ගත නොහැකි තැන ආදර කතාව හෙළි කළේය. සීනෙන් දුටු නිසා මෙසේ පැමිණි බව කීවේය. කෙසේ වුවද ගම්මු ඔහු අල්ලා පොලිසියට බාර දුන්හ. ”ආදරේ කරන්න වයස ප‍්‍රශ්නයක් නෑ. ඒත් අවේලාවේ ආදරය කරන්න ගියාම ජීවිතේ වුණත් නැති වෙන්න පුළුවන්,” පොලිස් නිලධාරියෙක් ඔහුට පැවසුවාලූ. වයඹ ගමකින් මේ පුවත වාර්තා විය.
1
මෙහෙම ගියොත් ඊළඟ අවුරුදු තුනේදීත් ණය ගෙවන්න පුළුවන් - ශ්රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ සල්ලි
හිහ්...........
බූරුවෙන්ද මන්දා
ආටිකල්ස් නියමයි. වෙනස් දේවල් කරන්න....
යන්න කලින් ගර්ල්ට කොල් කරලා ගියා නම් හරිනේ
නියම ප්ලෑන් එකක් නේ.............
මෝඩ පෙම්වතෙක්
අපි කොටිවලස්සුද? අපිත් මිනිස්සුනේද? අපිට ගෑනුමොකද මෙිතරමිබය.
විවාහය අමු අඹයකි කැ එකාගේ දත් හිරිවැටි ශික් කාපු මොඩකම යයි ඌ පසුතැවිලි වෙද්දි බලන් ඉන්න එකාගේ කටට කෙල උනයි.
වයසේ වැරැද්ද....
අනේ මන්ද මේව තමයි නර ලොව හොල්මන්....
මහ මෝඩයෙක්නේ
ආලය අන්ධයි. කළුවර නොහදුනයි.ගුටිය ඇග රිදවයි.බූරු කමට මේක උරුමයි
හිත ගිය තැනනේ මාළිගාව
පොල් ගහට නැග්ග මනුස්සයටත් කියන්න දෙයක් තිබුණලුනේ
මේ ළගදිත් එක්කෙනෙක්ට පාඩමක් කියා දුන්නනේ එබිකම් කරන්න ගිහින් විදුලි සැර වැදිලා මැරිලා.අඩු ගාණේ ඒකවත් මතක් වුණේ නැද්ද
දෙයක් කරන්න කලින් කල්පනා කරන්න ඕන කියන්නේ ඕකට තමයි.....
ඕවට තමයි අතින් සල්ලි දීලා ...... කිරි ගා ගන්නවා කියන්නේ
කොටුව පැන්නට පස්සේවත් අහු වුණානම්...
පිස්සුද? තව පොඩ්ඩෙන් කොටුව පනිනවා
මම ඇත්තම කිවුවා.ඒත් මට ගැහුවා
මොනවා කරන්නද මෙයාලගේ මෝඩකම් වලට....
මරු කොල්ලෙක්නේ
නියම වැඩක් වෙලා තියෙන්නේ
දැක්ක සිහිනයනම් ලස්සන ඇති...
හොද වෙලාවට විදුලි රැහැනෙන් බේරුනේ.