IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


හීනෙන් කී කතාවකට නීති උපදෙස් ගන්න ගිහින්

පියා විසින් තම දරුවන් සඳහා ලියා තිබූ අන්තිම කැමති පත‍්‍රයක් ඔහුගේ මරණයෙන් පසු වෙනස් කරගත යුතුයැයි කටානේ කෙනෙක් සිතුවේය. ඔහු දිවයිනටම සාම විනිසුරු වරයෙකි. තමාගේ මරණයෙන් පසු දේපළ දරුවන්ට බෙදා දිය යුතු ආකාරය පිළිබඳව අන්තිම කැමති පත‍්‍රයක් ඔහු ලියුවේ නීතිඥවරයකු මාර්ගයෙනි පවුලේ දැඩි හිතුවක්කාරයකු වූ බලා පුතාට ඔහුගේ දේපල වල කිසිම අයිතියක් නැති බව එහි සඳහන් විය. එහෙත් ඔහු මිය යාමත් සමග මහ ගෙදර අයිතිය තමන්ට බව පවසමින් ඔහු අරගලයකට සූදානම් විය. අනෙක් දරුවෝ ග‍්‍රාම සේවකගේ පිහිට පැතූහ. නීතීඥයා ද පැමිණියේය. තමන්ට කිසිදු පිහිටක් නැති තැන ඔහු කීවේ තමාට වූ අසාධාරණය ගැන පසුව සිතූ පියා නිවසේ හිමිකම් ලබා ගන්නා ලෙස තමාට හීනෙන් කී බවකි. ඔයාට එහෙම එකක් කීවට මට හීනෙන්වත් කීවේ නැහැනෙ. නීතීඥයා කීවේ සියලූ දෙනාගේම සිනා හඬ මධ්‍යයේලූ. අන්තිම කැමති පත‍්‍රය ලියූ පුද්ගලයා මියගිය පසු එය වෙනස් කළ නොහැකි බව නීතීඥවරයා බාල පුතාට පැහැදිලි කර දුන්නේය.



අදහස් (0)

හීනෙන් කී කතාවකට නීති උපදෙස් ගන්න ගිහින්

දින්කි Thursday, 12 January 2012 10:08 AM

හීනෙන් කියනවනම් එහෙම දේවල්

:       0       0

ලෙස්ලි - ඕමාන් Tuesday, 10 January 2012 05:07 PM

අනේ පව්

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 28 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 121 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 922 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site