(අකිල බද්දෙවිතාන)
රැකියාවට යාමට පිටත්වූ තරුණයකුට සිදුවූ අපූරු සිදුවීමක් ගම්පහට නුදුරු ප‍්‍රදේශයකින් වාර්තාවිය.
සිද්ධිය සැකෙවින් මෙසේය.
අගනුවර ප‍්‍රදේශයේ පිළිගත් ආයතනයක උසස් රැකියාවක නියුතු මෙම තරුණයා පසුගියදා සුපුරුදු පරිදි සිය රැකියාව සඳහා නිවසින් පිටත්වීමට සූදානම් විය. සෑම දිනකම ගම්පහ දුම්රියපොළට පැමිණ කොළඹ බලා එන දුම්රියක රැකියාවට එන ඔහු එදිනද නියමිත වේලාවට දුම්රියපොළට යෑම සඳහා සූදානම් වුවත් තරමක් ප‍්‍රමාද වී තිබිණි.
කෙසේ වෙතත් ඔහුගේ මව හා බිරිය යුහුසුළුව ඔහුට අවශ්‍ය කෑම බීම සපයාදී ඔහු කඩිනමින් රැකියාවට පිටත් කිරීම සඳහා කටයුතු කළහ. සියලූ කටයුතු අවසන්ව නිවසින් පිටත්වීමට පළමුව මව හා බිරියද සමඟ නිවසේ දොරකඩටම ඔහු පැමිණියේය. නිවසින් පිටත්වීමට පෙර තම මවට වැඳ අවසර ගැනීමට ඔහු බොහෝ කලක සිට පුරුදුව සිටියේය.
එදිනද ඔහු වැඳ අවසර ගත් නමුත් මව යැයි සිතා ඔහු වැඳ තිබුණේ තම බිරියටය. ඔළුව උස්සා බලද්දී තමා වැඳ ඇත්තේ බිරියට බව දැනගත් ඔහු වහ වහා නිවෙස නොපෙනෙන මානය තෙක්ම දිව ගියේය.
මහත් ලජ්ජාවට පත්වූ ඔහුගේ බිරියද කරකියාගත හැකි කිසිවක් නොවූයෙන් නිවෙස තුළට වැදුණාය. මවගේ මුවගට නම් නිතැතින්ම නැගුණේ සිනාවකි.
පසු නොබලා දිවගිය තරුණයා ගම්පහ දුම්රියපොළේදී සිය මිතුරන් දෙදෙනාට සිද්ධිය පැවසූයේ කිසිවකුට නොකියන ලෙස ඔවුන් පොරොන්දු කරගනිමිනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට නම් පෙනෙන්නේ වැඳුම් ලැබීමට සුදුසු බිරිඳක් කියලයි.
එ්කට අපේ බිරිඳ.. මලත් බත් එක බෙදාගන්න ඕනි මම ම තමයි..
දැන් කව්ද මේ ප්‍රවෘත්තිය දුන්නේ? ඒ කවුරු වුණත් රහසක් රකින්න බැරි අවිශ්වාසවන්තයෙක් !!!
ඒ උනාට පත්තරේටත් ගිහින්නේ. කමක් නැහැ හොද බිරිදක් අම්ම කෙනෙක් බව අමතක කරන්න නම් එපා කවදාවත්.
තමන්ට හොඳට සලකනවා නම්, අම්මට වැන්දත්, බිරියට වැන්දත් වරදක් නැහැ.
ඔයින් බේරුනා ඇති ඔයිට වැඩිය දුර දිග නොගිහින්
මට හිතෙන්නේ නම් මේ පව්ලම හොද පව්ලක්. අම්ම, බිරිඳ සහ අපේ කතානායකයාත්