IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


හදිස්සිය වැඩිවෙලා අම්මාත් මාරුවෙලා

(අකිල බද්දෙවිතාන)

රැකියාවට යාමට පිටත්වූ තරුණයකුට සිදුවූ අපූරු සිදුවීමක් ගම්පහට නුදුරු ප‍්‍රදේශයකින් වාර්තාවිය.

සිද්ධිය සැකෙවින් මෙසේය.

අගනුවර ප‍්‍රදේශයේ පිළිගත් ආයතනයක උසස් රැකියාවක නියුතු මෙම තරුණයා පසුගියදා සුපුරුදු පරිදි සිය රැකියාව සඳහා නිවසින් පිටත්වීමට සූදානම් විය. සෑම දිනකම ගම්පහ දුම්රියපොළට පැමිණ කොළඹ බලා එන දුම්රියක රැකියාවට එන ඔහු එදිනද නියමිත වේලාවට දුම්රියපොළට යෑම සඳහා සූදානම් වුවත් තරමක් ප‍්‍රමාද වී තිබිණි.

කෙසේ වෙතත් ඔහුගේ මව හා බිරිය යුහුසුළුව ඔහුට අවශ්‍ය කෑම බීම සපයාදී ඔහු කඩිනමින් රැකියාවට පිටත් කිරීම සඳහා කටයුතු කළහ. සියලූ කටයුතු අවසන්ව නිවසින් පිටත්වීමට පළමුව මව හා බිරියද සමඟ නිවසේ දොරකඩටම ඔහු පැමිණියේය. නිවසින් පිටත්වීමට පෙර තම මවට වැඳ අවසර ගැනීමට ඔහු බොහෝ කලක සිට පුරුදුව සිටියේය.

එදිනද ඔහු වැඳ අවසර ගත් නමුත් මව යැයි සිතා ඔහු වැඳ තිබුණේ තම බිරියටය. ඔළුව උස්සා බලද්දී තමා වැඳ ඇත්තේ බිරියට බව දැනගත් ඔහු වහ වහා නිවෙස නොපෙනෙන මානය තෙක්ම දිව ගියේය.

මහත් ලජ්ජාවට පත්වූ ඔහුගේ බිරියද කරකියාගත හැකි කිසිවක් නොවූයෙන් නිවෙස තුළට වැදුණාය. මවගේ මුවගට නම් නිතැතින්ම නැගුණේ සිනාවකි.

පසු නොබලා දිවගිය තරුණයා ගම්පහ දුම්රියපොළේදී සිය මිතුරන් දෙදෙනාට සිද්ධිය පැවසූයේ කිසිවකුට නොකියන ලෙස ඔවුන් පොරොන්දු කරගනිමිනි.



අදහස් (7)

හදිස්සිය වැඩිවෙලා අම්මාත් මාරුවෙලා

Perakum Friday, 17 November 2017 07:49 AM

මට නම් පෙනෙන්නේ වැඳුම් ලැබීමට සුදුසු බිරිඳක් කියලයි.

:       0       70

narada Friday, 17 November 2017 04:52 PM

එ්කට අපේ බිරිඳ.. මලත් බත් එක බෙදාගන්න ඕනි මම ම තමයි..

:       0       23

anura Saturday, 18 November 2017 06:22 AM

දැන් කව්ද මේ ප්‍රවෘත්තිය දුන්නේ? ඒ කවුරු වුණත් රහසක් රකින්න බැරි අවිශ්වාසවන්තයෙක් !!!

:       1       95

janahitha Saturday, 18 November 2017 10:21 PM

ඒ උනාට පත්තරේටත් ගිහින්නේ. කමක් නැහැ හොද බිරිදක් අම්ම කෙනෙක් බව අමතක කරන්න නම් එපා කවදාවත්.

:       0       28

kap Sunday, 19 November 2017 01:45 PM

තමන්ට හොඳට සලකනවා නම්, අම්මට වැන්දත්, බිරියට වැන්දත් වරදක් නැහැ.

:       0       18

Bamunuarachchi Monday, 20 November 2017 02:37 AM

ඔයින් බේරුනා ඇති ඔයිට වැඩිය දුර දිග නොගිහින්

:       0       9

indika Monday, 20 November 2017 02:41 AM

මට හිතෙන්නේ නම් මේ පව්ලම හොද පව්ලක්. අම්ම, බිරිඳ සහ අපේ කතානායකයාත්

:       0       15

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 93 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 897 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 620 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site