(පේරාදෙණියේ චමිල් රූපසිංහ)
රජයේ සේවක යුවළක් උදෑසනම රැකියාව සඳහා පිටත් වන්නට කඩිමුඩියේ සූදානම් වූහ.
බිරිය දහවල් ආහාරයට ගෙන යාම සඳහා ආහාර පිළියෙළ කිරීමට එළවළු දෙකක් රැගෙන එය සකස් කර දර ලිපේ තබා බත සකසා ගැනීමට සැරසුණි. රැකියාව සඳහා පිටත්ව යාමට වේලාවෙ මදිකම නිසා හාල් සෝදා රැුගෙන කුකරයේ තැබුවේය.
දෙදෙනාම ලෑස්ති වී කෑම පාර්සල් දෙක බැඳ ගැනීම සඳහා කෙසෙල් කොළයක් කපාගෙන එන ලෙස බිරිය ස්වාමියාට කීවාය. කෙසෙල් කොළය රැුගෙන ආ සැමියා තම බිරිය උදෑසන සිට මහන්සි වන නිසා ඔයා ලෑස්ති වන්න මම බත් මුල ගැට ගසන්නම් යැයි පවසා ස්වාමියා ලිප ළඟට ගියේය.
බිරිය නිවසේ දොර ජනෙල් වසා පිටත් වන්නට සූදානම්ව ඉක්මණට එන්න අද වැඩ ගොඩාක් තියනවා කියමින් එළියට බැස්සාය. ස්වාමිය කෑම බැඳීමට බත් උයන රයිස් කුකරයේ පියන ඇරියේය. දුටු දර්ශනයෙන් සැමියා පුදුමයට පත්විය. බත් වෙනුවට තිබුණේ හාල්ය. සිදුව ඇති දෙය ස්වාමියා තේරුම් ගත්තේය.
බිරිය රයිස් කුකරයේ බත් ඉදෙන්නට තැබුවාට එහි විදුලි සුවිචය දමා නැත. දෙදෙනාම දර ලිපේ උයාගත් වෑන්ජන දෙක රැුගෙන අපි පාන්වත් කමු කියා රැුකියාව සඳහා පිටත්ව ගියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා සාමානයෙන් ගෙවල් දොරවල් වල වෙන සිදුවීම් ,(හේ)
මීට වසර 30-35 කට පෙර මගේ මිතුරෙකුගේ මංගල උත්සවයට දිවා ආහාරයට බත් කල්දේරම් තුනක් මංගල ශාලාවට රැගෙන යාම මට බාර වී තිබුනා.කෝකියන් ඒවා මගේ වාහනයට පැටවූ පසු මම ඒවා උත්සව ශාලාවට ගෙන ගියා. පළමුවෙන්ම කැම බෙදීමට ගත බත් කල්දේරමේ තිබුනේ ඇල් වතුර සහ සහල්. හොඳ වෙලාවට අනිත් භාජන දෙකේ පිසූ බත් තිබුනා.මම මේ සහල් මුට්ටිය කිට්ටුව පාත ගෙදරකට ගෙනගොස් ලිපක් බැඳ බත් උයාගෙන අනිත් බත් මුට්ටි ඉවර වෙන්න කලින් උත්සවයට ගෙන ආවා. පසුව සොයා බලන විට කෝකියන්ගේ ගෝලයෙකුට මේ බත ඉදවීම බාර දී තිබුන නමුත් ඔහුට ප්‍රධාන කෝකියා වෙනත් වැඩක් පවරා දීම නිසා කිසිම කෙනෙක් මේ බතට ගිනි මොලවා තිබිලා නැහැ. මම බත් මුට්ටි වාහනයට දාන්න කිව්වාම ඔව්න් දැලි රෙදි වලින් අල්ලා මේවා වාහනයට දැම්මා මිසක් ඇරලා බැලුවේ නැහැ වාසනාවට මේ මුට්ටිය මුලින්ම කම බෙදීමට ගත නිසා ප්‍රශ්නයක් උනේ නැහැ. අදටත් අපි ඩ්‍රින්ක් එකක් දැම්මාම මේ සිද්ධිය මතක් කරනවා. කොහොමද අනිත් මුට්ටි දෙකේ බත් ඉවර වුණාට පස්සේ මේක ඇරලා බැලුවානම්? (අ)
අනේ! තව රස කතාවක් කියන්නකෝ (නි)
අපිටත් ඉඳහිට මෙහෙම වෙනවා (නි)
දවසේ මෙහෙවර හා දරුවන්ගේ දෛනික කටයුතු නිසා හෙම්බත්වන දෙමාපියන් හට අනෙක මෙවන් කරදර වලට මුණ දීමට සිදුවන අවස්ථා එමටය. (දිල්)
බතට රණ්ඩු නොවී, සමගියෙන් තිබෙන දෙයක් කෑමට අරගෙන වැඩට ගිය එකම මදැයි. (නි)
මේ වගේ පොඩි අතපසුවීම් ඕනම කෙනෙකුට වෙනවා. ඕවා ඉතින් පත්තරවල දාන්න ඕනේ දේවල්ද? (නදී)
සෑම් වැඩකාරයෙක්නේ බලාගෙන යනකොට (නි)
සෑම් බොරු කියන්න එපා. බත් කල්දේරමයි ඇල් වතුර සහ සහල් සහිත කල්දේරමයි හොයාගන්න බැරි අයද ඕක පැටෙව්වේ. වතුර හෙලවෙන සද්දේ වත් දැනෙන්නේ නැති කොකියෝද කෑම හැදුවේ (නදී)
මේවා මොනවද? මගේ යාලුවෙක්ගෙ නෝනා කෙනෙක් බත දරළිපේ තියලා ඒකට ගින්දර නොදා රයිස් කුකර් එක ඔන් කළා. අහන්නකෝ, රයිස් කුකර් එක ගිනිගත්තා. (නි)
සෑම්ට අඩු ගණනේ අවුරුදු පනහක්වත් වෙන්න ඇති නේද ?(දිල්)
දොන්, සෑම් ගේ කතාව ඇත්තද බොරුද කියලා සහ සුද්දෙන්ම දන්නේ කොහොමද ? (දිල්)
නියමයිනේ සෑම්! (නි)
වතුරයි, හාලුයි තිබුනා නම් බර වැඩියිනේ. අනික පටවද්දී වතුර ඉහිරෙනවා නේ. නමුත් සෑම් කියන්නේ ඇත්ත වෙන්න ඇති. මොකද මම අහල තියෙනවා තුම්පනේ කියල ගමක් ගැන. ඒ පැත්තේ මගුල් ගෙදරක් ද දන්නේ නැහැනේ (නදී)
මටත් ඔහොම වෙලා තියෙනවා (නි)