ඇහැට කනට පේන කතකි. දිනක් ඇය කාර්යාලයට ආවේ අමුතු විලාසිතාවකින් සැරසිලාය. ආයතන දොරටුවෙන් ඇතුළු වෙද්දීම උපැස් යුවළක්ද අත් බෑගයෙන් ගෙන පැළඳ ගත් ඇය වෙනදාට වඩා පණ්ඩිත පෙනුමක් ආරූඪ කොටගෙන කාර්යාලය ඇතුළට ගමන් කළාය. එදින දවසේ පැයක් පමණ ගතවිය. ඇය මේසය මතට හිස තබාගෙන නිදන්නට වූවාය. ඇයි මොකද? මට නිකං කරකැවිල්ල වගේ. හිටගත්තාම විසි වෙනවා වාගේ. ඇය පැවැසුවාය. ඒ අනුව ඇය රෝහල් ගත කැරිණි. මොකද ඔයාට ඇති අසනීපේ? රෝග නිධානය පිළිබඳ දැන ගැනීමට වෛද්‍යවරයා ප‍්‍රශ්න කිරීම ඇරඹීය. සුළු වේලාවකින් වෛද්‍යවරයා යාබද මේසය මත තිබූ පුවත්පතක් අතට ගත්තේය. ඔයාට කිසි ලෙඩක් නෑ. මෙන්න මේ කණ්ණාඩිය තමයි ලෙඬේ. මේසය මත තබා තිබූ උපැස් යුවළ පෙන්වා වෛද්‍යවරයා මෙසේද කීවේය. ඔයාගේ ඇස්වල කිසිම දුර්වලකමක් නෑ. ඔයාට ”ස්ටයිල්” එකට කණ්ණාඩි දානවා නම් මේක හරියන්නේ නෑ. මේක ඇස් පෙනීමේ තත්ත්වය හුඟාක් අඩු කෙනකුට ගැළපෙන සහ සාමාන්‍ය කියන කාච දෙවර්ගයටම හදපු එකක්. ටිකක් අද විවේක ගන්න. එතකොට ඔය තත්ත්වය හරියාවි. ඇස් දෙකේ වටිනාකමද දොස්තර ඇයට කියා දුන්නාය. ඉන්පසු ඇය කණ්ණාඩි දමා ගත්තේ නැත. ඒ රහස හැමෝම දැනගත්හ.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
හිතුමතේ මොඞ් කරන්න ගිය කතට වෛද්‍යවරයාගෙන් පාඩමක්
අලිබබා Wednesday, 04 April 2012 02:31 PM
දෙවියො දුන්න ඇස්දෙක පරිස්සමිකරගන්න වගබලාගත්තොත් හොදයි.