IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


හේත්තුවට වශීවී සාක්කුවට තට්ටුවී

බස් රථයේදී හදිසියේ හාදවූ යුවතිය නිසා තරුණයකුගේ මුදල් පසුම්බියට තට්ටු වූ පුවතක්  පසුගියදා වාර්තා විය. 


එය රාත්‍රි දුර ගමන් බස් රථයකි. දුර පළාතක සේවය කරන මැදි වයසේ තරුණයෙකි. නිවාඩු ලැබීමෙන් අනතුරුව තම ගම බලා යාමට තරුණයා බස් රථයේ ආසනයක් කලින්ම වෙන්කර ගැනීම පුරුද්දක් කර ගත්තේ මගීන් වැඩිවන නිසාය.  අප කතා නායක තරුණයා මෙදිනද ඔහු දුරකතන ඇමතුමක් මගින් ආසනයක් වෙන් කරවාගත් අතර බස් රථය පිටත්වීමට විනාඩි කිහිපයකට පෙර බස් නැවතුම්පොළට ගියේය. බස් රථයද මගීන්ගෙන් පිරී තිබූ නමුත්  ඔහුගේ ආසනය පමණක් හිස්ව තිබුණි. 


බස් රථය ගමන ඇරඹුවේය. ‘අප කතානායක’ ද  සුව පහසු ලෙස තම ආසනයේ වාඩිවී සිටියේය. නොබෝ වේලාවක් ගතවිය. බස් රථයේ මගීන්ද  නින්දට වැටී සිටි අතර තරුණයා ද නින්දට වැටුණි. ඔහු උරහිස ප්‍රදේශයට තරමක් බර ගතියක් දැනීමත් සමගම අවදි වූයේය. ඔහුගේ ඇස් යොමු වූයේ කුමක් නිසා උරහිස ප්‍රදේශය බර වූයේ දැයි දැන ගැනීමටය. හැඩකාර තරුණියක් තම ආසන්නයේ සිටිනු දුටුවේ එවිටය. බස් රථයට ගොඩවූ අවස්ථාවේ තමාට ඇය දර්ශනය නොවීම පිළිබඳ මොහොතක් කල්පනා කළේය. එම කල්පනාව අතරතුරම උරහිසට බරවී සිටි තරුණියද අවදි වූවාය.

තරුණයාද ඇය දෙස බලා ප්‍රියමනාප සිනහවක් පෑ අතර තරුණියද පෙරළා සිනහවෙන්ම ඔහුට සංග්‍රහ කළාය. නොබෝ වේලාවක් ගතවිය. ඔවුන් දෙදෙනා ඉතා මිත්‍රශීලී අන්දමින් කථාබහ කරමින් තම තමන්ගේ විස්තර හුවමාරු කර ගත්හ. ඒ අතර තරුණියගෙන් දුරකතන අංකය ලබගැනීමට විමසූ විට තමාට දුරකථනයක් නොමැති බව ඇය කීවාය. ඉන්පසු තරුණයාගේ දුරකථන අංකය කුමක්දැයි විමසුවේය. එවිට තරුණයා තම බෑගයට අත දමා මුදල් පසුම්බිය ගෙන එයින් කොළ කැබැල්ලක් ගෙන දුරකතන අංකය ලියා නැවත පසුම්බිය බෑගයට දමා ගත්තේය. අංකය ද තරුණිය අත තැබීය. ටික දුරක් යනවිට දෙදෙනාම නැවත නින්දට වැටුණි. 


එක් වරම බස්රථයේ කොන්දොස්තර බසය ගමනාන්තයට පැමිණ ඇති බව ශබ්ද නගා කීවේය. තරුණයාද තිගැස්සී නැගිට අසල සිටි තරුණිය ගැන සෙවූ මුත් ඇය දක්නට නොවීය. ෂි... අපරාදේ තමාටම කියා ගනිමින් බසයෙන් බැස බෑගයට අත දමා මුදල් පසුම්බිය සෙව්වත් පසුම්බිය බෑගය තුළ නොවීය. එම අවස්ථාවේදී ඔහුට දෙවියන් සිහිවිය. 


එක් වරම ඔහුට සිදුවී ඇති දේ පිළිබඳව සිහියට නැගුණි. ඒ බස් රථයේදී හාද වුණු තරුණිය තම මුදල් පසුම්බිය  සොරාගෙන ඇති බවය. 
එරංග විමුක්ති 

 



අදහස් (0)

හේත්තුවට වශීවී සාක්කුවට තට්ටුවී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 572 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 284 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1085 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site