IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


හිත හොඳ කිරි මල්ලී ගොනාට අන්දවලා

ඔහු වෘත්තියෙන් කෙකි බැඳ පොල් කැඩීම කරන වයස අවුරුදු 55ක පමණ පුද්ගලයෙකි. ළාබාල තරුණ වියේදීම සිය පියා සමග පොල් කැඩීමේ වෘත්තියට එක්වූ ඔහු ප්‍රදේශයේ කා අතරත් කිරි මල්ලී යන නමින් ප්‍රසිද්ධය.
 පොල්පිතිගම, දොරවේරුව ප්‍රදේශයේ පදිංචි කිරි මල්ලී ප්‍රදේශවාසින් අතර තම වෘත්තිය ඉතාම ඉහළින් කරනු ලබන පුද්ගලයෙකු ලෙස නමක් දිනා සිටින අයෙකි. එම වෘත්තියේ යෙදෙන වෙනත් පුද්ගලයන් ප්‍රදේශය තූළ හිඟ බැවින් කිරි මල්ලී ප්‍රදේශයට අත්‍යාවශ්‍ය පුද්ගලයකු බවට ද පත්ව සිටින බව ද කිව යුතුය.


කිරි මල්ලී ගමන් ගියේ පාපැදියෙනි. ඔහු දිග උණ ලී දෙකක් ද කරේ තබා ගෙන සෑම දිනකම උදෑසන පිටත්ව යන අයුරු දැකගත හැකිය. ඒ අනුව රැකියාව හා බැඳුණු පාපැදිය ඔහුට නැතිවම බැරි මෙවළමකි.


 පසුගිය දිනෙක සිය පාපැදිය කාර්මික දෝෂයකට ලක් වූ බැවින් එදින තම වැඩ නතර කළ කිරි මල්ලී එය අලුත්වැඩියා කරගැනීම සඳහා උදෑසනින්ම වින්කලය වෙත රැගෙන ගියේය. ප්‍රදේශයේ තරුණයකු විසින් එය පවත්වාගෙන යනු ලැබිණි. වින්කලය වෙත ගිය කිරි මල්ලී සිය පාපැදියේ දෝෂය එම තරුණයාට විස්තර කර දුන් විට එය පරික්ෂා කළ කාර්මිකයා ඊට අදාළව අමතර කොටසක් රැගෙන එන ලෙස කිරි මල්ලී දැනුම්වත් කරන ලදී. කිරි මල්ලී එම ප්‍රදේශයට ආසන්නවම පිහිටි කුඹුක්ගැටේ නගරය වෙත වහාම ගොස් ඔහු කී අමතර කොටස රැගෙන ඒමට කටයුතු කළේ තම පාපැදිය කෙසේ හෝ එදින ඇතුළත අලුත්වැඩියා කර ගැනීමේ අරමුණ ඇතිවය.


 අමතර කොටස තරුණයා අත තැබූ කිරි මල්ලී බැහැර නොගොස් එහිම රැඳුණේ තම කාරිය ඉක්මනින්ම කර ගැනීම සඳහාය. කෙසේ වෙතත් වෙනත් කාරියකට අත නොගැසූ තරුණ වින්කල්කරු පැයක් පමණ ඇතුළත කිරි මල්ලීගේ පා පැදිය අලුත්වැඩියා කර අවසන් කරනු ලැබ “ඔන්න මාමේ වැඬේ ඉවරයි.” කියා කිරි මල්ලීට පාපැදිය බාර දුන්නේය.


 ඉතා ඉක්මනින් කාරිය අවසන් කර දුන් බැවින් බෙහෙවින් සතුටට පත් කිරි මල්ලී ඔහුට ස්තූති කර ගාස්තුව කීයක් දැයි විමසා සිටියේය. කිසිදු පැකිළීමක් නොමැතිව තරුණයා රුපියල් එක්දහස් පන්සීයයි කියනු ඇසී කිරි මල්ලීගේ ඇහි බැම නළලේ ඉහළටම යනු පෙනිනි. විශ්මයට පත් කිරි මල්ලී එතරම් ගණනක් වූයේ කෙසේ දැයි වින්කල්කරුගෙන් විමසූ අතර මේක හදන්න පැයක්වත් ගියේ නැති බව ද ප්‍රකාශ කර සිටියේය.


කිරි මල්ලීගේ පැනය ඉතාම සාවධානව අසා සිටි වින්කල්කරු “මේකයි මාමේ කුඩු පැකට් එකට රුපියල් 1300 යි. සිගරට් තුනට රුපියල් 200 යි. යනුවෙන් සිය ගාස්තුව සැදුනු ආකාරය පැහැදිලි කළ අතර ඉන් කිරි මල්ලී තවත් විශ්මයට පත් වුව ද තවදුරටත් කිසිවක් නොකියා ගාස්තුව ගෙවා යන්නට ගියේය.
(සිසිර නන්දන කාලේගම)

 



අදහස් (0)

හිත හොඳ කිරි මල්ලී ගොනාට අන්දවලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 691 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 554 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 449 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site