IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


හිත් නොරිදා උදව් ගන්න නෝනගෙ ක්‍රමය හරිගිහින්

කඹුරුපිටිය විශේෂ කේ. අජිත්
තවත් කෙනෙකුට උදව්වක් කිරීමේදී පෙරලා නැවත ඒ අයගෙන් උදව්වක් බලාපොරොත්තුවීම බොහෝ දෙනකුගේ පුරුද්දකි. මෙය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වේ. එලෙස අමුතුම ක්‍රමයකින් උදව් ලබාගන්නා පුද්ගලයකු පිළිබඳ පුවතක් දකුණු පළාතෙන් වාර්තා වේ.
ඔහු තම ගම් ප්‍රදේශයේ පමණක් නොව අවට ගම්වලද ප්‍රසිද්ධ පුද්ගලයකු බවට පත්වූයේ ඔහු තුළ තිබුණු සංවිධාන හැකියාවත්, චතුර කථිකත්වය හා ලිවීමේ හැකියාවත් නිසාය. මේ නිසාම ඔහුට විවිධ සමිති සමාගම්වල ඉහළම තනතුරු ලබාගැනීමේ භාග්‍යය උදාවිය.
එපමණක් නොව එම ප්‍රදේශයේ මංගල මෙන්ම අවමංගල උත්සවයක් හෝ දානමය පින්කමක් සිදුවුවහොත් එහි ප්‍රමුඛත්වය ගෙන කටයුතු කළේද ඔහු විසිනි. ලිවීමේ හසල හැකියාවක් ඇති බැවින් කෙනකුහට විවිධ අවස්ථාවල අවශ්‍ය වන ලියවිලි පවා සකසා ගැනීමට පවාගියේ ඔහු හමුවීමටය. මේ හේතුවෙන් යම් අවස්ථාවල ඔහුගේ බොහෝ පෞද්ගලික කාර්යයන් මෙන්ම ගමන් බිමන් ද අතපසු විය. ඔහු විවාහක පුද්ගලයකු වූ අතර, බිරිඳ තරමක් ලෝභ කතක් වුයෙන් ඇය තම සැමියාගේ මේ ක්‍රියාකලාපය පිළිබඳව නුරුස්සන ගතියකින් පසුවූවාය. 


දිනක් ඇය තම සැමියාට පවසා සිටියේ,  ‘මේ කාලයේ හැටියට ඕව නිකන් කරන්න එපා. අපටත් අමාරුයි කියා එන අයට අඟවන්න ඕන. ඒ අයගේ හිත නොරිදෙන පරිදි වැඩ කරන්න ඕන හැටි මම කියල දෙන්නම්’ යනුවෙනි. 
ඊට දින කිහිපයකට පසුව ලිපියක්ද රැගෙන පුද්ගලයකු ඈතින් පැමිණෙනු දුටු ඔහු තම කමිසය ඇඳගනිමින් නිවෙසින් එළියට බසින විටම පැමිණි පුද්ගලයා පවසා සිටියේ තමාට සිදුවූ අසාධාරණයක් පිළිබඳව අභියාචනයක් ලියාගැනීමට අවශ්‍ය බවයි.
“අනේ ගෙදර සීනි ඉවර වෙලා. මම කඩයට ගිහින් ඉක්මනට සීනි අරගෙන එන්නම් ටිකක් ඉන්න යනුවෙන් පවසන විටම පැමිණි පුද්ගලයා “නෑ මහත්තය මේ වැඩේ කරන්න, මම කඩයට ගිහින් එන්නම්’ කියමින් යන්නට ගියේ මුදල් දීමටත් පෙරය.
මෙය දුටු බිරිඳ සිනාසිසී ගෙතුළට ගියේ තම උපක්‍රමය සාර්ථක වූ බව සැමියාට අඟවමිනි. කඩයට ගිය පුද්ගලයා සීනිද තව යමක්ද රැගෙන පැමිණෙන විට අභියාචනය ලියා ලියුම් කවරයකද දමා තිබූ බැවින් එය රැගෙන යන්නට ගියේ මුදල්ද නොගෙන ඔහුට ස්තුති කරමිනි. දැනුදු මෙලෙස තම නිවෙසට අවශ්‍ය බිස්කට්, පොල්තෙල්, තේ කොළ ආදී දේ තමා හමුවට එන අය ලවා ගෙන්වා ගන්නේ කිසිදු මුදලක් වැය නොකරමිනි. එමෙන්ම ඔහු මූලිකත්වය ගෙන කටයුතු කරන කටයුතුවලදී ඔහුගේ කොටස නිවෙසටම ගෙනත්දීමට එම අය කටයුතු කරන්නේ ඔහුගේ ක්‍රියාකලාපය බොහෝ අය දන්නා බැවිනි.



අදහස් (0)

හිත් නොරිදා උදව් ගන්න නෝනගෙ ක්‍රමය හරිගිහින්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 142 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site