(මීරිගම විශේෂ පුෂ්පකුමාර මල්ලවආරච්චි)
අනතුරට පත් තරුණයින් දෙදෙනකු ලොරියක පසුපස පන්නා ගෙනවිත් රියැදුරාට බැනවදිද්දී එක් තරුණයකුගේ මව දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව දැනගැනීමෙන් පසු එම අයට පිහිටවූ ලොරි රියැදුරකු පෙරේදා (19) උදේ පස්යාල ගිරිඋල්ල මාර්ගයේ මීරිගම කණ්ඩලම පත්තිනි දේවාලය අසලදී දැක ගත හැකිවිය.
කඩවත ප්‍රදේශයේ සිට ත්‍රිකුණාමලය බලා ගමන් ගත් ලොරියකි. එහි රියැදුරා මැදිවියේය. මීරිගම ප්‍රදේශයේ දී මෙම ලොරිය යතුරු පැදියකට ඉස්සර කළේය. ඉන් කිපුණු යතුරු පැදිකරු ලොරිය පසුපස හඹා ආවේ නළාව නාදකරමිනි. තරුණයෝ දෙපළක් එහි වූහ.
කණ්ඩලම පත්තිනි දේවාලය අසල පඬුරු දමා යෑම ලොරි රියැදුරුගේ සිරිත නිසා ඔහු එම ස්ථානයේ දී ලොරිය පාරේ වම්පසට අයින් කර නතර කළේය. පිටුපසින් වේගයෙන් ආ යතුරු පැදිය ලොරියට ඉස්සර කර ඉදිරියට යන්නට ඉඩ නොවීය. ලොරියේ ගැටීම වළක්වා ගැනීම සඳහා යතුරු පැදිකරු තම පැදිය වමට අයින් කළේ නවතා ගන්නා අදහසිනි.
එහෙත් බලාපොරෙත්තු සුන් කරමින් යතුරු පැදිය නතරවූයේ ලොරියට වම් පසින්වූ බෝක්කුවේ වළට වැටීමෙනි. යතුරු පැදිය එහි තිබියදීම වළෙන් ගොඩවූ තරුණ දෙන්නා ලොරි රියැදුරුට බැන වැදුණේ ඔහුගේ වැරැද්දෙන් තමන් අනතුරට පත්වූ බව කියමිනි. ඔවුනට සීරුම් තුවාල සිදුවී තිබිණි.
නාවික සෙබළකු බව කී පැදිකරු තම මව කුරුණෑගල රෝහලේ දැඩි සත්කාර ඒකකයේ සිටින බැවින් ඇය බැලීමට යමින් සිටි බව මෙහිදී ප්‍රකාශ කළේය. අනතුරට තමන්ගේ සම්බන්ධයක් නැති බව අවධාරණය කළ ලොරි රියැදුරා තනතුරු තාන්නමාන්නවලට බිය නැති බවත් අම්මා කෙනෙකු අසනීපයෙන් පෙළෙන බව කී නිසා කිසියම් උදව්වක් කරන්නට ඉදිරිපත් විය.
ඊට පසුව තරුණ දෙපළ අසල්වාසීන්ගේ සහාය ඇතිව යතුරු පැදිය ගොඩ ගෙන එය ලොරියේ පටවාගැනීමෙන් පසු දැඩි සත්කාර ඒකකයේ සිටින බව කියන මව බැලීම සඳහා ලොරි රියැදුරුද ඔවුන් සමග ගියේය.
2025 දෙසැම්බර් මස 04
790
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
585
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
463
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
හිත උණුවූ ලොරි රියැදුරුගෙන් තරුණයන් දෙදෙනාට පාඩමක්