(මීරිගම විශේෂ පුෂ්පකුමාර මල්ලවආරච්චි)
මධුසමය ගත කරන්නට කන්ද උඩරට හෝටලයකට ගිය යුවළක් එහි උණුසුම් ජල පහසුකම් ඇති බව නොදැන සීතලේ ගැහෙමින් දින තුනක් ගත කර සියලු පහසුකම් සඳහා නියමිත ගාස්තු ගෙවා ආපසු පැමිණි පුවතක් පසුගියදා වයඹ පළාතේ ගම්මානයකින් වාර්තා විය.

මාඔය අසබඩ ගම්මාන දෙකක තරුණයකු හා තරුණියක අතර විවාහය සිදුවිය. මංගල උත්සවයෙන් පසු යුවළ මධුසමය ගත කරන්නට කන්ද උඩරට හෝටලයක් කරා ගමන් කළේ දින දෙක තුනක් එම ප්‍රදේශයේ අසිරිය විඳිනු පිණිසය. පළමු දිනයේ එහි යනවිට රෑ බෝවී තිබිණි.
යුවළ නාන කාමරයට ගියේ එකටමය.
“අනේ සීතලයි. උණු වතුර ටිකක් තිබුණා නම් කොච්චර හොඳද?” මනමාලිය කීවාය.
“එක නම් ඇත්ත ගෙදර හිටියා නම් වතුර ටිකක් උණු කර ගන්න තිබුණානේ...” මනාලයා පිළිතුරු දුන්නේය.
“ගෙදර හිටියා නම් සීතලත් නැහැණේ උණු වතුර මොකටදැයි” මනාලිය ඇසුවාය. අනතුරුව දෙදෙනා සීතලේ ගැහෙමින් නා කියා ගත්තේ වෙන කළ හැකි දෙයක් නැති තැනය.
මේ ආකාරයට දින තුන ගතවිය. ආපසු යන්නට සැරසුණු යුවළ හෝටලයේ ගනුදෙනු පියවන්නට බිල්පත් පියවද්දී “සර්ලා උණු වතුර ගත්තේ නැත්තේ ඇයි? අපරාදෙ බිල වැටෙනවානේ...” මුදල් අයකැමිවරිය කියද්දි මනාලයාත් මනාලියත් මුහුණෙන් මුහුණ බලා ගත්තේ කුමක් සිදුවූවාදැයි නොදැනය.
“නුවර ඇවිල්ලා සීතලේ නෑවම ඊට වඩා හොඳයි ඒකයි උණු වතුර ගත්තේ නැත්තේ...” මනාලයා වහා පිළිතුරු දුන්නේ තමන්ට සිදුවූ වරද වසා ගන්නා අදහසිනි.
අනතුරුව භාවිත නොකළ උණුසුම් ජලය සඳහා ද මුදල් ගෙවූ යුවළ කාමරයට ගිය වහාම නාන කාමරය පිරික්සා බැලීය. සිදුවූ වරද වටහා ගත්තේය. ආපසු පිටත්වීමට පෙර දෙදෙනාම උණුසුම් ජලයෙන් ගත පිරිසුදු කරගෙන දෙවැනි ගමනේ උත්සවයට සැරසුණේ ඉන් අනතුරුවය.
ක්‍රිස්ටෝපර් සීපියන්.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙයියෝ සාක්කි ලියන කෙනා එක්කෝ ජීවිතේට හෝටලයකට ගිහින් නෑ...
පිට පළාත්වලින් ආපු අයට ඒවා ගැන කියාදීමේ දැනුවත්කිරීමේ වැඩපිළිවෙක් මේ හොටෙල්වල නැති එක ගැන හරිම කණගාටුයි. මොනවටද ඕවයේ ඉන්න සේවකයෝ. දන්නේ මිනිහෙකුට වරදිනකම් ඉදලා හිනාවෙන්න විතරද ?
අනේ ඔය හෝටලේ මොකද්ද කියලා කියනවද? ජීවිතේ පළවෙනි වතාවට ඇහුවා කන්ද උඩරට හෝටල් වල උණු වතුරට ගෙවන්න ඕනේ කියලා [බිල් කරනවා කියලා]... බොරුවක් වුණත් ඇත්ත විදිහට කියන්න ඕනේ... අහුවෙන්නේ නැතිව...