IMG-LOGO

2025 ඔක්තෝබර් මස 19 වන ඉරිදා


හෝටලේට තේ බොන්න ඇවිත් අනුන්ගේ බිලකුත් ගෙවන්න වෙලා

වන්දනා බස් රථයක් තේ බීම සඳහා උඩරට ප‍්‍රකට හෝටලයක් ඉදිරිපිට නතර කළ විට නඩයේ වූ දෙදෙනකු එහි ඇතුළු වී බනිස් දෙකක් හා තේ දෙකක් ගෙනෙන ලෙස ඇණවුම් කළේය. එය ලැබිණ. මවක් පියා හා දරුවන් දෙදෙනකු අසල වූ මේසයෙහි කෑම කමින් සිටි අතර දරුවෝ කට්ලට් හා රෝල්ස් කීපයක් ගෙන මදක් කා ”ඌයියා මිරිස්” කියා ඒවා පසෙක තබා තවත් කෑම වර්ග ගැනීමට අත දැමූහ. කෝපයට පත් පියා එම ආහාර සහිත පිඟාන උදුරාගෙන නඩයේ දෙදෙනා සිටි මේසයේ තැබුවේ ආරක්ෂාවටය. පවුලේ අය ඉවත්වූ පසු ආහාර බිල බැලීමට ආ සේවකයා දරුවන් විසින් කෑමට ගෙන තම මේසයේ තැබූ පිඟාන පරික්ෂා කරමින් දරුවන් කෑමට ගෙන තිබූ ආහාරවල බිලද ඔවුන්ගේ බිලට එකතු කළේය. නඩයේ වූ දෙදෙනා කොතෙක් තර්ක කළත් බැරිම තැන ඔවුන් ඒ බිලද ගෙවා දැම්මේ ආත්මගරුත්වය රැක ගැනීමටලූ.



අදහස් (0)

හෝටලේට තේ බොන්න ඇවිත් අනුන්ගේ බිලකුත් ගෙවන්න වෙලා

රාජා Thursday, 06 September 2012 02:34 PM

අනේ ඕක මොකක්ද පොඩි දරුවො දෙන්නෙක් කාපු දෙයක්නෙ.(වි)

:       0       0

අබේවික්‍රම Tuesday, 11 September 2012 10:12 AM

තනියෙන් කනකොට ඔහොම තමයි.. (ස)

:       0       0

අමිල කටුනායක Thursday, 06 September 2012 09:17 PM

සේවකයා 'බිල් ලාඩන්' කෙනෙක් වගේනේ. (නි)

:       0       0

ටෝනි Saturday, 22 September 2012 06:45 AM

ළමයින්ට කන්න දෙන්න බැරි නම්, ගෑණිව නඩත්තු කරන්න බැරි නම් බදින්න එපා. නමුත් අද හැම මිනිහම වගේ කරන්නේ පවුල් ජීවිත ගතකරන්න ඕනෑකමට බැදලා පවුලම අමාරුවේ දාන එකයි. ගණිකා නිවාස නීතිගත කළානම් මේ ප්‍රශ්න ඔන්න ටිකක් හරි අඩු වෙන්න තිබුණා. (නි)

:       0       0

කපිල Thursday, 06 September 2012 04:15 PM

මොනවා කරන්නද? ඇමෙරිකන් සිංහලද කොහේද? (නි)

:       0       0

උදිත් Thursday, 06 September 2012 04:40 PM

කොන්ද පණ නැද්ද කතාකරන්න (ස)

:       0       0

සජී Thursday, 06 September 2012 10:24 AM

මේකනම් නියම කතාව...(ස)

:       0       0

ස්ටැල්ක් Thursday, 06 September 2012 10:50 AM

"මවක් පියා හා දරුවන් දෙදෙනකු අසල වූ මේසයෙහි කෑම කමින් සිටි අතර දරුවෝ කට්ලට් හා රෝල්ස් කීපයක් ගෙන මදක් කා ”ඌයියා මිරිස්” කියා ඒවා පසෙක තබා තවත් කෑම වර්ග ගැනීමට අත දැමූහ." : අදහස් හොඳින් පැහැදිලි වන සේ විශිෂ්ටව සිංහල බස හසුරුවා තියෙනවා.(ස)

:       0       0

දයා Thursday, 06 September 2012 10:58 AM

පව් අර දරුවෝ දෙන්නා කාපු දේකටනේ බිල ගෙව්වේ..පිනක් .යහපත් ක්‍රියාවක්.(ස)

:       0       0

වරුණ Thursday, 06 September 2012 11:00 AM

ඕවා හෝටල්වල නිතරම වෙනවා.. සොසේජස් බන් ගෙන්නලා සොසේජස් කාලා බනිස අනිත් පැත්ත හරවලා තියෙනවා.. එක්කෝ වැඩියෙන් කාලා ගත්තෙ මොනවාද කිව්වාම අඩුවෙන් දේවල් කියනවා..!!(නු)

:       0       0

යොහාන් Thursday, 06 September 2012 05:05 PM

කොහොමත් ඒ අය මගීන්ගෙන් වැඩියෙන් ගන්නවා..රියදුරාගෙයි,කොන්දොස්තරගෙයි තේ බොන ගාස්තුවත් මගීන්ගෙන් තමයි ගන්නේ.(ස)

:       0       0

නුවන් Sunday, 09 September 2012 07:32 PM

පොඩි දරුවන් නිසා කමක් නැහැ. (නි)

:       0       0

නුවන් Sunday, 09 September 2012 07:39 PM

පොඩි දරුවෝ නිසා කමක් නැහැ.(නදී)

:       0       0

නුවන් Sunday, 09 September 2012 07:39 PM

පොඩි දරුවෝ නිසා කමක් නැහැ.(නදී)

:       0       0

ලලිතා Saturday, 08 September 2012 07:11 AM

මේ කතාවේ මේ ටික මම තෙරුන්ගත්තේ මුණ බලන කන්නාඩියට අල්ලලා: "පවුලේ අය ඉවත්වූ පසු ආහාර බිල බැලීමට ආ "සේවකයා" දරුවන් විසින් කෑමට ගෙන "තම" මේසයේ තැබූ පිඟාන පරික්ෂා කරමින් දරුවන් කෑමට ගෙන තිබූ ආහාරවල බිලද "ඔවුන්ගේ" බිලට එකතු කළේය. තේරෙන්නේ නැත්නම් ඔයාලත් එහෙම කරන්න!

:       0       0

නිපුණ Thursday, 13 September 2012 09:32 PM

සල්ලි වලට ඔයතරම් ලෝභ වෙන්න එපා. (නි)

:       0       0

කිත්සිරි Saturday, 08 September 2012 05:41 PM

පොඩි ගැටළුවක් තියෙනවා.. අර පවුලේ කට්ටිය යන්න කලින් කෑම පිගාන බළලා බිල හැදුවෙ නැද්ද?(නු)

:       0       0

මාලක Saturday, 08 September 2012 08:03 AM

ලලිතගෙ කතාව ඇත්ත...(නු)

:       0       0

ප්‍රියන්ත Friday, 07 September 2012 08:36 AM

ඔවා සාමාන්‍ය දේවල්නේ..(ස)

:       0       0

චන්ද්‍රසිරි Thursday, 06 September 2012 01:26 PM

පොඩි අය එහෙමම තමයි කෑම සේරම ටික ටික කනවා..!!(නු)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1027 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1061 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 413 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site