(තිහගොඩ උපසේන ලියනගම)
දකුණු පළාතේ ප‍්‍රධාන නගරයට නුදුරු උපනගරයක ඇති ආපන ශාලා දෙකක හිමිකරුවන් වූයේ එකම නාමය සහිත ඥාති සොයුරන් දෙදෙනෙකි. එකිනෙකා ළඟම ඥාතීන් වුවත් දෙදෙනා ප‍්‍රධාන දේශපාලන කණ්ඩායම් දෙකක ප‍්‍රබල ආධාරකරුවෝ වූහ.
පසුගියදා බාල සොහොයුරාගේ ව්‍යාපාරය දියුණු කර ගැනීමට බීම වර්ග ගබඩා කරන අධිශීතකරණයක් එවන ලෙස ඔහුගේ දේශපාලන ප‍්‍රබලයකු සමාගමකට මුදල් බැන්දේය. සමාගම එම ශීතකරණය රැගෙන යනවිට එම ආපන ශාලාව වසා තිබුණත් අනෙක් ආපන ශාලාව විවෘතව තිබිණි.
නම් දෙකේ සමානතාව මත එය අදාළ ආපන ශාලාව යැයි සිතා සේවකයින්ගෙන් විමසූ විට ඔවුන්ද කීවේ ශීතකරණයක් එවන බව කලින් කියූ බවකි.
ශීතකරණය එහි සවිකොට සමාගමේ නිලධාරිහු ආපසු ගියහ. තමාට හිතවත් දේශපාලකයා සවස නියමිත ආපන ශාලාවට ගිය විට සිදුවී ඇති දේ දැනගෙන අන්දමන්ද වුවත් එම ශීතකරණය ආපසු දීමට එහි ආපන ශාලා හිමියා එකඟවුයේ නැති ලූ.
2025 දෙසැම්බර් මස 04
602
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
514
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
430
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
හෝටල් හිමියාට පරණ පිනක් කඩාවැටිලා
අසෝකා Monday, 02 February 2015 12:56 PM
නියමිත ලිපිනයට භාර නොදුන්නනම් එය වගකීම් පහර හැරීමක්. ඒ වගේම ලැබුණු එක්කෙනාටත් එයා එහෙම එකකට මුදල් නොව්වානම් එය භාර ගැනීමත් වැරදි වැඩක්. (නදී)
පිටබැද්දර ජයා Monday, 02 February 2015 08:38 AM
මේක නම් දෙයියෝ සාක්කිම තමා. (නි)
චන්ද්‍රා Monday, 02 February 2015 09:31 AM
දකුණේ ක්‍රමයට ඒක ආපසු දෙන්න එකඟ නොවී ඉන්න පුළුවන් ඇති මගේ හිතේ. (බ)
විකුම් Monday, 02 February 2015 03:49 PM
දැන් මෛත්‍රී පාලනයක් තියෙන්නේ. ඒවා බැහැ රුවන් (නි)
සංජය Monday, 02 February 2015 03:10 AM
එහෙම එකඟ නොවී ඉන්න බැහැ (නදී)
දුමින්ද Monday, 02 February 2015 10:36 AM
මේ මොකද්ද මේ (දිල්)
ගමගේ Monday, 02 February 2015 04:48 AM
දෙයියෝ සාක්කි මෙහෙමත් කතා (නදී)
විකි Monday, 02 February 2015 10:45 AM
ඒවා හරියන්නේ නෑ.දැන් තියෙන්නේ මෛත්‍රී පාලනයක් (දිල්)
නෙලුම් Monday, 02 February 2015 06:05 AM
මේ සමාගම් යම් තැනක ලිපිනය බලා නෙමෙයිද ගෙනා බඩු බාරදෙන්නේ? (නි)
රුවන් Monday, 02 February 2015 07:00 AM
දේශපාලනයේ අවම බලය පාවිච්චි කරලා ශීතකරණය නැවත ලබාගන්න තිබුනනේ (නි)
ලක්මාල් Tuesday, 03 February 2015 01:26 AM
පරණ පිනක් මගේ හිසේ කඩාගෙන වැටුණා... (නි)